ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2026 පෙබරවාරි මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයට පත් කරයි.
ඒ අනුව 2026 ජනවාරි මාසයේ දී 2.4% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2026 පෙබරවාරි මාසය සඳහා 1.6% ක් දක්වා අඩු වී ඇත.
2026 ජනවාරි මාසයේ දී 3.4% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2026 පෙබරවාරි මාසයේ දී 1.1% ක් දක්වා අඩු වී ඇත.
එමෙන්ම, 2026 ජනවාරි මාසයේ දී 1.6% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2026 පෙබරවාරි මාසයේ දී 1.9% ක් දක්වා වැඩි වී ඇත.

මාර්තු වල මේක පෝඩ්ඩක් නඟී, ගණන් ගන්ඩ එපා, ඕනෑම රටක පොඩි උද්ධමණයක් තියෙන්ඩත් ඕනෑ, නැත්නම් දියුණුවෙන් නෑ. උද්ධමණය වැඩි වෙනවා කියන්නේ භාණ්ඩා හා සේවා වලට තියෙන ඉල්ලුම වැඩි වෙනවා කියන එකයි (නැත්නම්, ඉල්ලුම එසේම තිබියදී භාණ්ඩ හා සේවා ප්‍රමාණය අඩු වෙන එකත් වෙන්ඩ පුළුවන්, තෙල් වලට වෙලා තියෙන්නේ ඒක). නමුත් උද්ධමණය පාලනයකින් යුතු වැඩිවීම තුළින් සංවර්ධනය පෙන්නුම් කරණවා. ගෝඨාගේ කාලේ වාගේ උද්ධමණය වැඩි වුණොත් නම් ඒකේ සංවර්ධනයක් නෙවේ පෙන්නුම් කරන්නේ, ආර්ථික විනාශයක්, ඒකට කියන්නේ හයිපර් ඉන්ෆ්ලේශන් (අධි උද්ධමණය කියලා)
ReplyDelete