වත්මන් රජය ඉන්ධන ආනයනය කිරීමේදී ඉතා ඉහළ ‘ප්‍රිමියම්’ (Premium) ගාස්තුවක් ගෙවමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා චෝදනා කරයි.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ හිරු රූපවාහිනියේ ‘සලකුණ’ වැඩසටහනට එක්වෙමිනි.
"වත්මන් රජය ඩීසල් සඳහා ඩොලර් 45ක් සහ පෙට්‍රල් සඳහා ඩොලර් 50 ඉක්මවූ ප්‍රිමියම් ගාස්තු ගෙවා ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා. පසුගිය රජය සමයේ කාංචන විජේසේකර මහතා වැඩි ප්‍රිමියම් ගාස්තුවක් ගෙවන බවට එදා දැඩි ලෙස චෝදනා එල්ල වුණා. නමුත් අද වන විට එමෙන් දෙගුණයකට ආසන්න ගාස්තුවක් ගෙවමින් ඉන්ධන ආනයනය කිරීමට රජය කටයුතු කරමින් සිටිනවා."
ඉන්ධන මිල තීරණය කිරීමේදී බලපාන මෙම ප්‍රිමියම් ගාස්තු ඉහළ යාම හරහා අවසානයේ මහජනතාවට සහන ලබාදීමේ හැකියාව සීමා වන බවද මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

හොර ගුහාවට තව නමක් මාලිමාව යි හුන්ඩුවායි.
ReplyDelete