නොරොච්චලේ ලක්විජය බලාගාරය වෙත ගල් අඟුරු මෙට්‍රික්ටොන් 300,000±10% (නැව් ගත කිරීම් 05 ක්) හදිසි ප්‍රසම්පාදනයක් ලෙස සපයා ගැනීම පිණිස 2026-01-26 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස් වීමේදී අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව, සීමාසහිත ලංකා ගල් අඟුරු (පුද්ගලික) සමාගම යටතේ ලියාපදිංචි වී සිටින ගල් අඟුරු සැපයුම්කරුවන්ගෙන් ලංසු කැඳවා ඇති අතර, ඒ සඳහා ලංසු 06 ක් ලැබී තිබේ.
එකී ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශය මත පදනම්ව, සාරානුකූලව ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන ඉන්දියාවේ M/s. Taranjot Resources (Pvt) Ltd වෙත අදාළ ප්‍රසම්පාදනය පිරිනැමීම පිණිස බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

දැන් හොරාකන්නේ රැලි පිට රැලි ක්‍රමයට
ReplyDeleteනෑ නෑ අනේ.. එකී ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශය මත පදනම්ව, සාරානුකූලව ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු ටනේ දීල තියෙන්නේ....(ප්‍රේක්ෂකයින්ගෙන් ...දුක් මුසු සිනා.....)
Deleteමතක ඇතුව මේ පාරත් බාල ගල් අඟුරුම දෙන්න කියලා ඕඩර් කළාද? වෙන ජාතියක් දුන්නොත් කුට්ටිය අඩු වෙයි.
ReplyDeleteමේක පුදුම වැඩක්! වෙන තැනක බාල බඩු දූන්නොත් කොන්ත්රාත්කාරයාට නඩු දමලා, දඩ ගහලා, ආයෙ කොන්ත්‍රාත් කරන්න බැරි විදිහට blacklist කරනවා. මේ මිනිහට කිසි දඬුවමක් නෑ, තව වැඩිපුර කොන්ත්‍රාත් අඬගහලා දෙනවා. පුනරුදයක මහිමය!!
ReplyDelete