සුලි කුණාටුවෙන් මාස තුනට ලගයි.. පිරිසක් තවමත් කූඩාරම්වල...

 


දිට්වා සුලි කුණාටුවෙන් නායයැමට ලක් වු කොත්මලේ රම්බොඩ වැවන්ඩන් වතුයායේ වතු කම්කරු පවුල් 25ක් මාස දෙකක කාලයක් තිස්සේ එම වතුයායේම ඉඩමක තාවකාලිකව ඉදි කරන ලද කූඩාරම්වල විවිධ දුෂ්කරතා මධ්‍යයේ පදිංචිව සිටියි.

දිට්වා සුලි කුණාටුව පැමිණීමත් සමග තම වත්තේ කොටසක් නායයෑමත් සමග තමන් මාසයක පමණ කාලයක් පොදු ස්ථානවල සහ වතුයායේ කෝවිලේ පදිංචිව සිටි බවත් පසුව රජය මගින් අවතැන් වූ පවුල් 25කට ආරක්ෂිත ස්ථානයකට කූඩාරම් සකස් කර දුන් බවයි එම කුඩාරම්වල වෙසෙන ජනතාව කියා සිටියේ.

වැසි දින වලදී සහ අධික සුළං තත්වය පවතින කාලයේදි කූඩාරම්වල රැදී සිටිමට නොහැකි තත්වක් උද්ගත වී ඇති බවත්, දැනට රජය මගින් තමන්ට නිවාස අලුතින් ඉදි කර දෙන බවට පොරොන්දු වී ඇති බවත්, එම පොරොන්දුන කඩිනමින් ඉටු කිරිමට රජයේ බලධාරින් පියවර ගත යුතු බවයි කොත්මලේ වැවන්ඩන් වතුයායේ කුඩාරම්වල වෙසෙන අවතැන් වු ජනතාව කියා සිටියේ.

ඉදිරි දිනවලදී කොත්මලේ ප්‍රදේශයට අධික සුළං සහ අධික වැසි තත්වයක් ඇති විමේ අවධානමක් ඇති නිසා එම අවධානමට ප්‍රථම තමන් දැනට පදිංචි කුඩාරම්වලින් ඉවත් කර වෙනත් ස්ථානයක පදිංචි කරල ලෙසයි එම ජනතාව කියා සිටියේ.

රංජිත් රාජපක්ෂ 

2 Comments


  1. ඒ වුනාට ජනාධිපති ගිය යාඳනයේ රැස්වීමට වියදම කෝටි එක හමාරයි.

    ReplyDelete
Previous Post Next Post