ඇමරිකා ප‍්‍රහාරයට ලක් වූ අයිරිෂ් ඩෙනා නෞකාව ලංකාවට ආවේ නිල ආරාධනාවක් මතයි..- ඉරාන තානාපති


ශ්‍රී ලංකාව ඉරානයේ සමීප මිත්‍ර රටක් බවත්, මෙරටට අවශ්‍ය ඕනෑම අවස්ථාවක උදව් කිරීමට ඉරානය සැදී පැහැදී සිටින බවත් ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති අලිරේසා ඩෙල්කෝෂ් (Alireza Delkhosh) මහතා ප්‍රකාශ කළේය.

මෙරට ඉරාන තානාපති කාර්යාලයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් තානාපතිවරයා කියා සිටියේ, පවතින කලාපීය නොසන්සුන්තා හමුවේ ඉදිරියේදී ශ්‍රී ලංකාවට බලශක්ති සැපයුම පිළිබඳ ගැටලු හෝ තෙල් හිඟයක් ඇති වුවහොත්, එම අවශ්‍යතා සපුරාලීමට ඉරානය ඉදිරිපත් වන බවයි. 

"ශ්‍රී ලංකාව තෙල් හෝ වෙනත් ඕනෑම අත්‍යවශ්‍ය භාණ්ඩයක් ඉල්ලා සිටියහොත් ඒවා ලබාදීමට ඉරානය සැමවිටම සූදානම්" යැයි ඔහු මෙහිදී අවධාරණය කළේය.

ඉරාන වැසියන් ශ්‍රී ලංකා ජනතාවට ඉහළ ගෞරවයක් දක්වන බවත්, ශ්‍රී ලංකාව කිසිදු කරදරයකට පත්වෙනු දැකීමට තමන් අකමැති බවත් තානාපතිවරයා වැඩිදුරටත් පැවසීය. 

එසේම, දෙරට අතර දැනටමත් ක්‍රියාත්මක වන 'තේ වෙනුවට තෙල්' (Tea barter) ගනුදෙනුව පවතින තත්ත්වයන් සමනය වූ වහාම පෙර පරිදිම ඉදිරියට ගෙන යාමට බලාපොරොත්තු වන බවද තානාපතිවරයා මෙහිදී සඳහන් කළේය

මෑතකදී ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේදී ඉරාන නාවික හමුදාවට අයත් Irish Dena නෞකාවට එල්ල වූ ප්‍රහාරයෙන් මියගිය නාවිකයන්ගේ දේහයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දැක්වූ සහයෝගය සහ ආගන්තුක සත්කාර පිළිබඳවද ඔහු සිය ස්තූතිය පළ කළේය.

ඇමරිකානු ප්‍රහාරයට ලක් වූ ඉරාන නාවික හමුදාවට අයත් නෞකාව ඇතුළු නෞකා ශ්‍රී ලංකාවට පැමිණියේ මෙරටින් කළ නිල ආරාධනයක් මත බවත් ඩෙල්කෝෂ් මහතා ප්‍රකාශ කළේය.

ඉන්දියාවේ පැවති 'මිලාන් 2026' (Milan 2026) බහුපාර්ශ්වික නාවික අභ්‍යාසය අතරතුරදී, ශ්‍රී ලංකා නාවික හමුදාපතිවරයා විසින් ඉරාන නාවික හමුදාපතිවරයා වෙත මෙම නෞකා වලට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ආරාධනා කර ඇත.

තානාපතිවරයා අවධාරණය කළේ මෙම නෞකාව මෙරටට පැමිණියේ යුද්ධයකට හෝ ගැටුමකට සූදානමින් නොව, හුදෙක් මිත්‍රශීලී සංචාරයක් සඳහා පමණක් බවයි.

ප්‍රහාරයට ලක්වන අවස්ථාවේ නෞකාවේ සිටි පිරිසෙන් වැඩි පිරිසක් සෙබළුන් නොවන බවත්, ඔවුන් සංගීත කණ්ඩායමක (music band) සාමාජිකයන් බවත් තානාපතිවරයා පැවසීය. 

ඔවුන් සතුව තිබුණේ අවි ආයුධ නොව සංගීත භාණ්ඩ බවත්, ඔවුන් කිසිදු ආරක්ෂක හෝ ප්‍රහාරක හැකියාවකින් යුක්තව නොසිටි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මෙලෙස ආරාධනයක් මත මෙරටට පැමිණ සිටියදී, ඇමරිකානු සබ්මැරීනයක් මගින් කිසිදු පූර්ව අනතුරු ඇඟවීමකින් තොරව මෙම නෞකාවට ප්‍රහාර එල්ල කළ බව ඔහු ප්‍රකාශ කළේය.

"ඉන්දියාවේ නාවික අභ්‍යාසය සඳහා රැඳී සිටින කාලය තුළ මෙම නෞකාව ඇතුළු තවත් නෞකා දෙකකට මෙහි පැමිණෙන ලෙස ශ්‍රී ලංකා පාර්ශවයෙන් ආරාධනා කරන ලදී. මම එය නැවතත් පවසනවා, ඔවුන් මෙහි පැමිණියේ එම ආරාධනය මතයි.

ඉන්දියාවේ පැවති නාවික අභ්‍යාසය අතරතුරදී ඔබේ නාවික හමුදාපතිවරයා විසින් ඉරාන නාවික හමුදාපතිවරයාට සුහද සංචාරයක් (friendly visit) සඳහා මෙම නෞකා ශ්‍රී ලංකා මුහුදු සීමාවට එවන ලෙස ආරාධනා කළා"

13 Comments

  1. අපරාදේ ඒ මිනිස්සු ඕන කමින් ගෙන්නල මැරෙන්න ඇරියා වගේ. ාඅන්ඩුව කිව්වෙ මුකුත් දන්නෙ නෑ කියලා ඒ නැව ගැන.

    ReplyDelete
    Replies
    1. සමාන්යෙන් එහෙම ශ්‍රී ලංකා නාවික හමුදාපතිවරයා විසින් ඉරාන නාවික හමුදාපතිවරයා අරාදනා කරනවා..
      අඩුම සති 3 යනවා නිල අවසරය දෙන්න

      අවසර දුන්නා නම් ඇයි එන්නේ නැතිව ඉරානෙට් ගියේ

      Delete
    2. පචරෙනයා පච විදිනවා.

      ඉරානයට යන්ඩ ගියෙ නෑ. ලංකා මුහුදු සීමාවට ඇතුල් වෙන්ඩ අවසර ඉල්ලල  ලංකාවට ආසන්නයේ
      නැංගුරම් දාගෙන ඉන්නකොට තමයි ඇටෑක් කලේ.

      Delete
  2. අඩෝ AKD දිව දෙකේ පරයා . තෝ කරොත් කරන්නේ බලු වැඩක්

    ReplyDelete

  3. ඒ කියන්නේ අපේ ආරාධනාවට ආපු නිරායුධ නැවට අපේ සීමාවේදී ඇමරිකාව පහරදීලා යනකං AKD අහක බලං ඉඳලා පට්ට කෙබර පාර්ලිමේන්තුවේ කිව්වා

    ReplyDelete
  4. ඔව්වා මොනවද ජලාශ පුරවල කටගාවට ඇරියේ මිනිසුන්ගේ ඔලු උඩින් මහවැලිය කෙලින් වෙන්න... නැවේ නාවිකයෝ නම් මොනාද අපිට...

    ReplyDelete
  5. 88/89 marapu minussu 50,000-60,000 ekka baladdi 100-200 monada malli

    ReplyDelete
  6. mata kollo parak gahannath ne....meeta JVP Kathanayaka ..LOL

    ReplyDelete
  7. Kiya nana na deyak naha

    ReplyDelete
  8. ඇමරිකානු ආක්‍රමණික ත්‍රස්තවාදීන් විසින් සියලු ජාත්‍යන්තර නීති උල්ලංගනය කරමින් අප රටට අයත් ආර්ථික මුහුදු කලාපයේදී විනාශ කර දැමූ ඉරාන නැවේ සිටි ඒ අහිංසක ජීවිත පිළිබඳව අපගේ සාතිශය සංවේගය ඔබතුමාටත්, අපේ රටේ සැබෑ මිත්‍ර රාජ්‍යයක් වූ ඉරාන රජයටත්, එහි ජනතාවටත් පළකර සිටිමි. 😥 එසේ ආරාධනා කර ගෙන්වා ගත් නැව් තුනෙන් එකක් හා එහි වටිනා ජීවිත සිය ගණනක් ඇමරිකානු රාජ්‍ය ත්‍රස්තවාදීන්ට බිලිදීම පිළිබඳව අපි අපගේ රජයට දැඩි අප්‍රසාදය පළකරන අතර, දැන් වත් තමන් අතින් සිදුවූ බරපතල අඩුපාඩු තේරුම් අරගෙන ඇමරිකානු ආක්‍රමණික ත්‍රස්තවාදීන් සියලු ජාත්‍යන්තර නීති උල්ලංගනය කරමින් සිදුකරන ලද ඒ පාහර ත්‍රස්තවාදී ක්‍රියා එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති ප්‍රකාරව හෙළා දකිමින් සුදුසු පරිදි කටයුතු කරන ලෙස රජයට බලකර සිටිමු.

    ReplyDelete
  9. රටකට අදූරදර්ශී, දේශද්‍රෝහී, ඇමරිකානු ආක්‍රමණික ත්‍රස්තවාදීන්ගේ තානාපති, රාජ්‍ය දෙපාර්තමේන්තු කුමන්ත්‍රණ තුලින් පාලකයන් පත්වූ පසු අත්විඳින ඉතිහාසයේ දරුණුතම පරාජයන්, අපහසුතා දේශීය වශයෙනුත්, ජාත්‍යන්තර වශයෙනුත් අද අපි අත්විඳිමින් සිටිමු 😥 හුණ්ඩුවා ප්‍රමුඛ ජේ.වී.පී. කාලකණ්නි පන්නාදමමු!

    ReplyDelete
  10. AKD හොඳටම කලමනාකරනය කරලා තියනවා.

    ReplyDelete
  11. පැය 11 අපේ territorial zone එකට ඇතුල්වෙන්න දෙන්නෙ නැතුව ඉරාන ධජය තියෙන නැවක් තියාගෙන ඉන්නකොට CIA එකට අවිශ්වාසයක් ඇතිවෙනවා ඩියාගෝ-ගාෂියා දූපතේ US බේස් එකට මිසයිල් එවයි කියලා.

    ReplyDelete
Previous Post Next Post