රුසියාවෙන් මෙරටට ඉන්ධන නැව් දෙකක් ලබාගැනීම වෙනුවෙන් සිදුකළ යුතු ගෙවීම්, ඇමෙරිකානු ඩොලර් වෙනුවට රුසියානු 'රූබල්' හෝ චීන 'යුවාන්' මුදලින් සිදුකිරීමට ශ්‍රී ලංකා රජය එකඟතාව පළ කර ඇත.
විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා කළ ඉල්ලීමකට අනුව රුසියානු බලධාරීන් දැනුම් දී ඇත්තේ, අදාළ ඉන්ධන තොග ලබාදිය හැක්කේ පූර්ව ගෙවීම් පදනම මත පමණක් බවයි.
රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ පවතින තත්ත්වය හමුවේ අදාළ ගෙවීම් ඩොලර්වලින් භාරගත නොහැකි බවයි.
මෙම අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විදේශ අමාත්‍ය විජිත හේරත්, මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරුන් මෙරට රුසියානු තානාපතිවරයා හමුවී තිබේ.
එම සාකච්ඡාවේදී රුසියානු තානාපතිවරයා පෙන්වා දී ඇත්තේ, මීට පෙර රුසියාව විසින් ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලාගාර ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට යෝජනා කළ ද එය ක්‍රියාත්මක නොවූ බවයි.
ශ්‍රී ලංකාව එම යෝජනාවට එදින එකඟ වූයේ නම් වර්තමානයේ පවතින දැඩි බලශක්ති අර්බුදයට මෙලෙස මුහුණ දීමට සිදු නොවන බව ද ඔහු පවසා ඇත.
සාකච්ඡාව අතරතුර තානාපතිවරයා රුසියානු විදේශ අමාත්‍යවරයා දුරකතනයෙන් සම්බන්ධ කරගෙන ඇති අතර, එහිදී විදේශ අමාත්‍යවරයා උපදෙස් දී ඇත්තේ මේ පිළිබඳව බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කරන ලෙසයි.
ඒ අනුව රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා සමඟ පැවැති සාකච්ඡාවේදී, මුදල් ගෙවා ඉන්ධන ලබාගැනීමට මහ බැංකු අධිපතිවරයා එකඟතාව පළ කර ඇත.
කෙසේ වෙතත්, රුසියාව යෝජනා කළ පරිදි රූබල් හෝ යුවාන්වලින් ගනුදෙනු කිරීමේදී මෙරට බැංකු පද්ධතිය තුළ පවතින තාක්ෂණික පහසුකම් පිළිබඳව මෙහිදී අවධානය යොමුව තිබේ.
වාර්තා වන අන්දමට මේ වන විට මෙරට බැංකු පද්ධතිය තුළ රූබල් සහ යුවාන්වලින් සෘජු ගනුදෙනු කිරීමේ පහසුකම් සීමිත මට්ටමක පවතී.

ReplyDeleteරුසියාව අඬගහල ණයට දෙන්න හදන කොට එපා කියාපු ජෙප්පෝ හැත්ත
Russian evun dannava Marxist aanduve debidi prathipaththiya. Pro-American giya un dan aayeth harenna balanava. Lajjai oi.
ReplyDeleteඅපේ රටේ කාලකණ්නි දේශපාලුවන් හා බටහිර අධිරාජ්‍යවාදීන්ගේ අතකොළු වශයෙන් ක්‍රියාකරන මහ බැංකු අධිපති ඇතුළු ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ අමන තීරණ, ක්‍රියාමාර්ග නිසා රටට, ජනතාවට සිදුවන හානි, පීඩා අපමණයි.
ReplyDeleteතොපි දැන් වත් රුසියාව සමඟ ඥාති මිත්‍ර සබඳතා තියෙන, අපේ රටට සැබැවින්ම ආදරේ කරන කෙනෙක් හොයාගෙන ඒ හරහා සම්බන්ධතා ගොඩනගාගෙන වැඩ කරපල්ලා.
රුසියානු රූබලයත් රටේ පිලිගන්නා මුදල් ඒකකයක් බවට පත්කරපල්ලා.
උද්දච්ඡ ජනාධිපති ඇතුළු රජයෙන් වෙච්ච අඩුපාඩු, හිත් රිදවීම් වලට රුසියානු බලධාරීන් ගෙන් සමාව ගනිල්ලා.
ඊට පස්සේ පුළුවන් වෙයි ණය පහසුකම් මත තෙල්, ගෑස්, පොහොර ඇතුළු බොහෝ දේ වගේම න්‍යෂ්ටික විදුලි බලාගාර ඇතුළු තවත් බොහෝ දේ ඉදිකරගන්න.
BRICKS
Deleteපර ජෙප්පෝ රුසියාවෙන් BRICS එකට සම්බන්ධ වෙන්න කියල නොවැන්ද විතරයි. ඇමෙරිකාවට පස්ස දෙන්න ඕන හින්ද කරේ නෑ. හොඳ වැඩේ.
ReplyDelete