ලංකා ඔටෝ ඩීසල් මිල මෑතකදී ඉහළ දැමීමත් සමඟ, පවතින බස් ගාස්තු සූත්‍රයට අනුව බස් ගාස්තු සියයට 10 කට වඩා වැඩි ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා සඳහන් කළේ, අදාළ ගාස්තු සූත්‍රයට අනුව සංශෝධනය කරන ලද නව බස් ගාස්තු ක්‍රියාත්මක කිරීම සඳහා හෙට (සඳුදා) දිනයේදී කැබිනට් අනුමැතිය ලබා ගැනීමට නියමිත බවයි.
ගාස්තු සංශෝධනය සිදුවන ආකාරය සහ මගී ජනතාවට ඉන් සිදුවන බලපෑම පිළිබඳ වැඩිදුර තොරතුරු කැබිනට් මණ්ඩල තීරණයෙන් අනතුරුව නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

ඒත් අපි මාළුමාමට. නෝ බික් කුච්චං
ReplyDeleteකාලකන්නි ලප සාපය රටම වෙලාගන. ලක්ෂ හැට අටට දැන් ෂැප ඇති.
ReplyDelete