තලවකැලේ සිට නුවරලිය දක්වා ධාවනය වු ලංගම බස් රථයකට ගොඩ වීමට උත්සහදැරූ කාන්තාවක් එම බස් රථයේ පසුපස රෝදවලට පාදය යට විමෙන් බරපතල ලෙස තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල ඇතුලත් කල බව නානුඔය පොලිසිය පැවසීය.
මෙම අනතුර සිදු වී ඇත්තේ තලවකැලේ නුවරඑලිය වටරවුම් මාර්ගයේ ඩෙස්පෝඩ් ප්‍රදේශයේදිය.
අනතුරට පත් බස් රථයට පෙර එම මාර්ගයේ ධාවනය වන ලංගම බස් රථය ධාවනයට එක් කර නොතිබිම හේතුවෙන් අනතුරට පත් බස් රථයේ විශාල මගින් සංඛ්‍යාවක් ගමන් කරමින් සිටි නිසා රියදුරා බස් රථය ඩෙස්පෝඩ් ප්‍රදේශයේදි මගීන් නංවා ගැනීමට නොනත්වා ධාවනය කරමින් සිටියදී බස් රථය පසුපසින් දිව ආ කාන්තාව බස් රථයට ගොඩ වෑමට උත්සහ කිරිමෙදි ඇදවැටී බස් රථයේ පසුපස රෝදවලට යටවී බරපතල ලෙස තුවාල වී ඇත.
බස් රථයේ රියදුරා සැකපිට නානුඔය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර, අනතුර සම්බන්ධයෙන් නානුඔය පොලිසිය පරික්ෂණ පවත්වයි.
රංජිත් රාජපක්ෂ
