ප්‍රධාන ජලාශවල ජල මට්ටම සීඝ්‍රයෙන් පහළට.. විදුලි උත්පාදනයට බාධා...


මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම්වල පිහිටි ජල පෝෂක ප්‍රදේශවල පවතින අධික වියලි කාලගුණ තත්වය හේතුවෙන් ප්‍රධාන ජලාශවල ජල මට්ටම සීඝ්‍රයෙන් පහළ බැසීම හේතුවෙන් විදුලි උත්පාදනයට බාධා පැමිණීමේ අවධානමක් පවතින බව එම ජලාශ භාර ඉංජිනේරුවන් පැවසීය
.

බල මණ්ඩලයෙන් ලබා ගත් වාර්ථා අනුව කාසල්රි ජලාශය ජලාශ මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 40යි අගල් 10ක්ද මාවුස්සාකැලේ ජලාශය අඩි 26යි අගල් 11ක් දක්වා පහළ බැස ඇති බවයි එම ජලාශ භාර ඉංජිනේරුවන් කියා සිටියේ.

මේ අතර ඉහළ කොත්මලේ ජලාශයේද ජල මට්ටම පහළ බැස ඇති අතර, සෙන් ක්ලෙයාර් සහ ඩෙවෝන් දිය ඇළි වලද පහළට කඩා වැටෙන ජල ධාරිතාවද අඩු වීම හේතුවෙන් එම දිය ඇළිවල සුන්දරත්වය අඩු වී ඇත.

රංජිත් රාජපක්ෂ  

1 Comments

  1. තිස්තුන් කෝටියක් දෙවියන්ට, දනහිස්ස බිම තියලා, කන්නලව් කරන්න.

    ReplyDelete
Previous Post Next Post