ලෝක වෙළෙඳපොළේ පවතින අස්ථාවරත්වය හමුවේ මෙරට ඉන්ධන මිල මෙම මාසය අවසානයේ හෝ ලබන අප්‍රේල් මස මුලදී යළිත් වරක් ඉහළ යා හැකි බව ලංකා ඛනිජ තෙල් සංස්ථා ආරංචි මාර්ග සඳහන් කරයි.
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ඉන්ධන ආනයන පිරිවැය ඉහළ යාම මෙයට සෘජුවම බලපා ඇති බව වාර්තා වේ.
ආරංචි මාර්ගවලට අනුව, මෙවර මිල ඉහළ යාම පසුගිය වර සිදුවූ මිල වැඩිවීමට වඩා වැඩි අගයක් ගනු ඇතැයි අපේක්ෂා කෙරේ. ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ යාමට අමතරව, ඉන්ධන ආනයනයේදී වැයවන රක්ෂණ ගාස්තු සහ නැව් ගාස්තු ඇතුළු අනෙකුත් පිරිවැය ද මේ වන විට ඉහළ ගොස් ඇත.
මෙම අමතර පිරිවැය සලකා බැලීමේදී ඉන්ධන මිල සියයට 5 ත් 10 ත් අතර ප්‍රතිශතයකින් ඉහළ දැමීමට සිදුවන බව ද වාර්තා වේ.
මේ පිළිබඳව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ උසස් නිලධාරියෙකුගෙන් කළ විමසීමකදී ඔහු තහවුරු කළේ ඉන්ධන මිල ඉහළ යාමට වැඩි ඉඩක් පවතින නමුත්, මිල සංශෝධනය සිදුවන නිශ්චිත දිනය ප්‍රකාශ කළ නොහැකි බවයි.
මේ අතර, ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඇණවුම් කළ ඉන්ධන මෙට්‍රික් ටොන් 90,000 ක් සහ පෞද්ගලික සමාගමක් ඇණවුම් කළ මෙට්‍රික් ටොන් 35,000 ක තොගයක් මෙරටට ළඟා වීම ප්‍රමාද වෙමින් පවතින බව වාර්තා වේ. මෙම තත්ත්වය හමුවේ එම ඉන්ධන තොග ගෙන්වා ගැනීමට අමතර පිරිවැයක් දැරීමට ද සිදුව ඇත.
කෙසේ වෙතත්, ඉකුත් 17 වැනිදා පෞද්ගලික සමාගමක් විසින් මෙරටට ගෙන්වන ලද ඉන්ධන මෙට්‍රික් ටොන් 40,000 කට ආසන්න ප්‍රමාණයක් රැගත් නෞකාවක් දිවයිනට ළඟා විය.
අදාළ පෞද්ගලික සමාගම ද පවතින පිරිවැය හමුවේ එම ඉන්ධන තොගයේ මිල ඉහළ දැමිය යුතු බවට රජයෙන් ඉල්ලීමක් කර ඇති බව දැනගන්නට ඇත.

දැන් විපක්ෂයෙ ඉන්නෙ බුද්ධිමත්, දේශප්‍රේමීන් නිසා ජනතාව කුපිත කරවන්නේ නැත. ප්ලැකනිල් කතා නැත. ත්‍රීවීල් පෝලිමේ පච පතුරුවන්නේ නැත
ReplyDeleteMun dan comis gahanna set vela athi. Double trible eken denne mey paara. Danmama vadi vena news eka kivvama minissunta shock eka nahane. Api nodanna Petrolium corp eka, hiks.
ReplyDeleteයුද්දේ පටන් ගන්න ඉස්සර ගෙනවිත් ගබඩාකර තිබුනු ඉන්ධන මිල අධික ලෙස ඉහල දමපු මේ ගොබ්බ රජය ඉදිරි කාලයේ මිටත් වඩා ඉහල අගයකින් මිල වැඩි කරන එක ඉර හඳ වගේ විස්වාසයි. කාලකන්නි ලපයාගේ සාපය.
ReplyDeleteදිට්වා එන බව දැන දැන ඔහේ හිටියා. මුලු ලෝකෙම යුද්දෙට ලෑස්ති වෙනකොට මුන් විපක්ශෙට බැන වැන හිටියා. වැඩ බැරිනම් අස්වෙන්න QRකෝඩ් එක තාම යාවත්කාලීන කරගන්න බෑ. දක්ශ අයගෙන් උපදෙස් ගන්නෙ නෑ උද්දච්චකම ලොකුයි.
ReplyDeleteTell daddy trumpet. father of some clueless people here. One who started this f***Ing war along with b***ard nethanyahu.
ReplyDelete