වෙනස් වීමට අකමැති පිරිස් වෙනස් කරන්නේ මේ අවුරුද්දෙයි.. නීතියෙන් හරි ඒක කරනවා..- මාලිමා මන්ත‍්‍රී


වත්මන් රජය යටතේ මෙරට දේශපාලන සංස්කෘතිය සියයට සියයකින් වෙනස් කර ඇති බවත්, වෙනස් වීමට අකමැති පිරිස් වෙනස් කරන වසර මෙය වනු ඇති බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි මහතා පවසයි. 

මෙම ක්‍රියාවලිය සාමකාමීව හෝ නීත්‍යානුකූල රාමුවක් තුළ ගැටලුකාරී තත්ත්වයන් මධ්‍යයේ වුවද සිදුවිය හැකි බව ඔහු පෙන්වා දෙයි.

රට ශක්තිමත් ගමනක් යාමට සූදානම් වන විට පරාජිත දේශපාලනඥයන් දැඩි ලෙස කලබලයට පත්ව ඇති බවත්, ඔවුන්ගේ එම පිස්සු ස්වභාවය මෙරට පාලනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට කටයුතු කරන බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

ජාතික ජන බලවේගයේ නියෝජිතයන් ආදර්ශමත්ව කටයුතු කරන බව පෙන්වා දෙමින් ඔහු සඳහන් කළේ, තමන් ඇතුළු කණ්ඩායම වැටුප් කපාගෙන ඇති බවත්, විශ්‍රාම වැටුප් අත්හිටුවා ඇති බවත්ය. 

එමෙන්ම කිසිදු අලුත් වාහනයක් ලබාගෙන නොමැති බවත්, තමන් පෞද්ගලිකව ඉන්ධන ලීටරයක් සඳහා හෝ රජයෙන් කිසිදු මුදලක් ලබාගෙන නොමැති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

රටේ පාලනයෙන් පැරණි දූෂිත දේශපාලන ක්‍රමවේදයන් ඉවත් කර නව ගමනක් යාම තම රජයේ අරමුණ බව මන්ත්‍රීවරයාගේ අදහස්වලින් පැහැදිලි විය.

7 Comments

  1. Thawath moda pakayek. dakketh adamai

    ReplyDelete
  2. රජයේ දේපොළ 88/89 වාගේ නැවත විනාශ නොකරන්න මිනි නොමරන්න නීති ගෙන්න

    ReplyDelete
  3. මේ අවුරුද්ද උඹලව ගහල පන්නන අවුරුද්ද

    ReplyDelete
  4. මේ ගංකබරයව දැක්කෙත් අදය්

    ReplyDelete
  5. padiya aramudalata yawanne mokada ( kata hollapu puruddatada), viyadame hatiyata bedannada

    ReplyDelete
  6. masso giya udak...handi gaane amuda gaha gena pol Kada Kada hitapu ..pakayonta Ada welaa thiyena deyak...

    ReplyDelete
  7. අපි කටින් රෙන්න උගන්නනවා

    ReplyDelete
Previous Post Next Post