ගැලුම්, බෝතල් වලට ඉන්ධන නිකුත් කිරීමට සීමා පනවයි.. අල්ලන්න පොලිස් මෙහෙයුමක්...


මැදපෙරදිග කලාපයේ පවතින අස්ථාවර වාතාවරණය හේතුවෙන් මෙරට ජනතාව අනවශ්‍ය බියක් ඇති කරගනිමින් ඉන්ධන අනිසි ලෙස රැස්කිරීමේ ප්‍රවණතාවක් නිරීක්ෂණය වී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි. 

මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස සියලුම පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දී තිබේ.

දිවයින තුළ දැනට අවශ්‍ය ප්‍රමාණයට ඉන්ධන සංචිත පවතින බව ඛණිජ තෙල් සංස්ථාව තහවුරු කර ඇත. එබැවින් මහජනතාව අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැති බවත්, ඉන්ධන පිරවුම්හල් අසල අනවශ්‍ය ලෙස එක්රැස් වීමෙන් වළකින ලෙසත් පොලිසිය ඉල්ලා සිටියි.

ඇතැම් පාර්ශවයන් සංවිධානාත්මකව ගැලුම් සහ විවිධ බාහිර බහාලුම් මඟින් ඉන්ධන රැස් කිරීම වැළැක්වීම සඳහා පොලිසිය සහ පිරවුම්හල් කළමනාකාරීත්වය එක්ව විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත. 

ඒ අනුව, නැවත දැනුම් දෙන තුරු පහත සඳහන් අත්‍යවශ්‍ය සේවා සඳහා හැර බෝතල් හෝ ගැලුම්වලට ඉන්ධන නිකුත් කිරීම තහනම් වේ.

  • ධීවර යාත්‍රා 
  • කර්මාන්තශාලා සහ වැඩබිම් 
  • කෘෂිකාර්මික කටයුතු 
  • අත්‍යවශ්‍ය ගෘහ කටයුතු 

අනවශ්‍ය ලෙස ඉන්ධන රැස් කරමින් ඒවා වැඩි මිලට අලෙවි කිරීමේ ජාවාරම්වල නිරත වන පුද්ගලයින් සහ කණ්ඩායම් පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇත. 

එමෙන්ම, ඉන්ධන හිඟයක් පවතින බවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අසත්‍ය ප්‍රචාර පතුරුවන පිරිස් හඳුනාගෙන ඔවුන්ට එරෙහිවද දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් අවධාරණය කරයි



1 Comments

  1. What ever it goes around comes around
    Pacha kota tho kara puwa dan tho ge passen ena wa

    ReplyDelete
Previous Post Next Post