පාස්කු ප‍්‍රහාරයට රනිල්-මෛත‍්‍රී ගැන විමර්ශණ අරඹයි..


පාස්කු ඉරුදින එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව මගින් වගකිවයුතු යැයි නම් කර ඇති පුද්ගලයන්ට එරෙහිව වහාම විමර්ශන ආරම්භ කරන ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) උපදෙස් දී ඇත.

අදාළ කොමිෂන් සභා වාර්තාවේ ඇතුළත් නිර්දේශයන් මැනවින් අධ්‍යයනය කර, ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා ලෙස නීතිපතිවරයා වැඩිදුරටත් දැනුම් දී තිබේ.

අධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් ජනාධිපති කොමිෂන් සභාව විසින් වගකිවයුතු පුද්ගලයන් ලෙස නම් කළ පිරිස අතර ඒවක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා, හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් වන සිසිර මෙන්ඩිස්, නිලන්ත ජයවර්ධන, නන්දන මුණසිංහ, ලලිත් පතිනායක, දේශබන්දු තෙන්නකෝන්, වසන්ත වික්‍රමසිංහ, ජී.ඕ. පෙරේරා සහ එම්.ආර්. ලතීෆ් යන මහත්වරුන් ද වෙති.

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා වෙත මෙම නියෝගය නිකුත් කර ඇත.

අදාළ විමර්ශන පවත්වා ඒ පිළිබඳ වාර්තාවක් ඉදිරි නීතිමය උපදෙස් ලබා ගැනීම සඳහා කඩිනමින් තමන් වෙත ඉදිරිපත් කරන ලෙස ද නීතිපතිවරයා එම ලිපිය මගින් දන්වා තිබේ.

6 Comments

  1. දිලීප පීරිස්...? එහෙනං කොරයි හොඳටම. පාහරම සක්කිලියෙක්.

    ReplyDelete
    Replies
    1. බලන්න ඉතින්, කවුරු ගැන පරීක්ශණ කරත් සහරාන් ගැනයි, එයාගේ ජවිපෙ ජාතික ලැයිස්තුවේ හිටපු සහරාන්ගේ නෝනයි, සහරාන්ගේ අප්පයි ගැන පරීක්ශණ කරන්නෙ නැති හැටි.

      Delete
    2. කෙටි කතා නායකMarch 1, 2026 at 11:09 AM

      ඔන්න එකමත් එක කාලෙක රජෙක් හිටියලු.
      එයාගෙ ඇඟ පුරාම මොලේලු.

      ඉතින් මේ රං ගොජාට එක දවසක් නඩුවක් ආවලු.
      ගෙයක් බිඳින්න ආපු හොරු රංචුවකගේ උඩට බිත්තියක් පෙරලිලා හොරෙක් මලාලු.
      ඉතින් හොරු ටික කාටත් කලින් රජතුමාට මේක කිව්වලු. බාසා බාලෙට ගේ හදලා මගේ සහචර හොරෙක් මලා කියලා.
      එපාර රං ගොජා බාසාව ගෙන්නුවලු.

      බාස් ගෙන්නුවාම ඌ කියාපි මැටි අනනකොට වතුර වැඩි උනා
      වතුර වැඩි උනේ වතුර දාපු කලේ කට ලොකු නිසාය කියලා

      එපාර කලේ හදාපු එකා ගෙන්නලා ඇහුවම ඌ කියාපි
      කලේ හදනකොට කෙල්ලෙක් මුකුලු කරගෙන ගියා ඒ නිසා කට ලොකු උනා කියලා

      ඊට පස්සේ කෙල්ල ගෙන්නුවාම ඒකි කිව්වා හන්දියේ රං කරුවාට වලල්ලක් හදල දෙන්න කිව්වා
      ඌ ඒක හදල නැති නිසා විටින් විට යන්න වුනා කියලා

      අන්තිමට රන්කරුවා ඇතුන් ලවා පාගවා මරන්න නියෝග කරලා
      රජා ඇහුවලු, "සහෝදරයා, ඔබට නිදහසට හේතු තියෙනවද කියලා"
      එපාර රන් කරුවා කිව්වලු රජ සහෝදරයා.මාව මැරුවොත් ඇතාගේ කකුල රිදෙයි,
      හන්දියේ මුදලාලිගේ නම් මස් ගොඩක් තියෙනවා ඌව නම් සනීපෙට මරන්න පුලුවන් කියලා.

      රජා මුදලාලිව ගෙනල්ලා පාගවලා මැරුවලු.
      හොරු ටිකයි අනිත් උන් ටිකයි මාලිමාවට ජය වේවා කියලා සතුටින් ගෙදර ගියාලු.

      Delete
  2. මේ කෙලින් ඉන්න පණ නැති හිටං පඹයා නම් බෝම්බ ගහන්න කවදාවත් උදව් කරන්නෙ නැහැ.
    ඌ මොන වැල් පඟරයෙක් උනත් දැනගෙන හිටිය නම් වෙන්න දෙන්නෙ නැහැ.

    හැබැයි රනිලා නම් විශ්වාස නැහැ.

    ReplyDelete
  3. රනිල්ට කලින්ම තොරතුරු ආවා. හැබැයි හිටංට ආවේ නැහැ. ඌ ඉතින් අමු ගොනා නේ. ආරක්ශක නියෝජ්‍ය ඇමති හිටියේ රුවන් විජේවර්ධන. අනිවාර්යෙන්ම රවීගෙනුයි ශානිගෙනුයි රුවන්ට මේ තොරතුර එන්න ඇති. රුවන්ට තොරතුර ආව නම් අනිවාර්යෙන්ම සිරිල් ගාමිනී, අගරදගුරු ඇතුලු සෙට් එකටම දැනුවත් කරනවා. මොකද රුවන් පල්ලිය එක්ක හෙනම ‍ෆිට්. ඒ කියන්නේ පල්ලියත් දැනගෙන ඉඳලා තියෙනවා. හැබැයි පාප්ප තනතුර ගන්න ලංකාවේ ගොන්නුන්ගේ අනුකම්පාව දිනාගන්න සුපිරි චාන්ස් එක නිසා ඒක වෙන්න දීලා බිශොප්ලා හැංගිලා හිටියා. බෝම්බෙ වැදුනට පස්සේ නොදන්නව වගේ ලස්සනට රඟපෑවා. හරිනම් රයිගම් සම්මානෙ දෙන්න ඕන කොටි පාදිලියන්ට

    ReplyDelete
  4. පේනවා නේද බෝම්බ ගහලා තියෙන්නේ සින්හල මිනිස්සු. කොටි ගහලා මදි තොපිට කිව්වේ ඕකනේ.

    ReplyDelete
Previous Post Next Post