ශ‍්‍රී ලන්කන් යානයක් රෝමය බලා අමුතු ගමනක...

 


ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL 1213 දරන ගුවන් යානය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ඉතාලියේ රෝම නගරය බලා පිටත්ව ගියේය.

මෙය වසර ගණනාවකට පසුව ශ්‍රී ලංකාව සහ රෝමය අතර ක්‍රියාත්මක වූ සෘජු ගුවන් ගමනක් වීම විශේෂත්වයකි.

මීට පෙර ශ්‍රී ලන්කන් ගුවන් සමාගම රෝමය වෙත සෘජු ගුවන් ගමන් වාර පවත්වාගෙන ගියද, විවිධ හේතූන් මත ඒවා නතර කර තිබුණි.

ඒවන් පසුබිමක අද දින ක්‍රියාත්මක වූ මෙම විශේෂ ගුවන් ගමන රෝමය දක්වා නැවත ස්ථිරවම ආරම්භ කරන ලද නව ගමනාන්තයක් ද, නැතහොත් අද දිනට පමණක් සීමා වූ විශේෂ ගුවන් ගමනක් ද යන්න පිළිබඳව ගුවන් සේවා බලධාරීන් මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.

එම යානය නැවත ශ්‍රී ලංකාව බලා පැමිණීමට නියමිතව ඇත.

තහවුරු නොකල ආරංචි මාර්ග පැවසුවේ ඇතිව තිබෙන ගෝලීය ගුවන් ගමන් අවහිරතා හේතුවෙන් අතරමං වූ මගීන් පිරිසක් ඉලක්ක කරගනිමින් මෙම ගුවන් ගමන ක්‍රියාත්මක කර ඇති බවය.



3 Comments

  1. තමන්ටම ගුවන් ගමනක් හදාගත්ත ආණ්ඩුවේ යෝධයා

    ReplyDelete
    Replies
    1. මොකාද ඔය කියන ඇමතියා?

      Delete
    2. ආ මේ අර කන්ටේනර් බිමල් නෙ.

      Delete
Previous Post Next Post