කැලෑ ගිනි තබා ජල උල්පත් සිදේ..

 


හැටන් සිංගිමලේ රක්ෂිත කැලැවට යම් යම් පිරිස් විසින් සිදු කරනු ලබන ගිනි තැබිම් හේතුවෙන් එම කැලැවේ අක්කර ගනනාවක් විනාශයට පත්ව ඇති අතර එම තත්වයන් මත දැඩි පරිසර විනාශයක් සිදුවන්නා මෙන්ම දැඩි ජල හිගයක් ඇතිවිමේ අවදානමක්ද හට ගෙන ඇත.

මධ්‍යම කදුකරය තුල මේ වන විට පවතින දැඩි නියගය සමග පවතින සුලං තත්වයන් හේතුවෙන් මෙහි සිදු කරනු ලබන කුඩා ගිනි දැල්විමක් වුවද එම ප්‍රදේශය පුරා ක්ෂණිකව පැතිර යාමත් සමග එහි විශාල ප්‍රමානයක් විනාශයට පත්ව ඇත‍.

මෙම සිංගිමලේ රක්ෂිත කැලැව තුල පවතින ජලාශයේ ජලය ජල මණ්ඩලය විසින් ලබා ගෙන හැටන් ප්‍රදේශයේ ජනතාවට බේදා දිමට පියවර ගන්නා අතර මෙසේ මෙම කැලැවට වරින් වර ගිනි තැබිම හේතුවෙන් එහි ජල ධාරිතාවය හිදි යාමත් සමග හැටන් ප්‍රදේශයේ ජනතාවට ජල බේදා හැරිම සිමා කිරිමට ජල මණ්ඩලයේ හැටන් කාර්යාලයට සිදුව ඇත.

සැම වර්ෂයකම වර්ෂයකම වියළි කාලගුණික තත්වයන් පවතින කාලවලදි මෙසේ මෙම රක්ෂිතයට ගිනි තැබිම් සිදු කරන බවත් මෙසේ කැලැ ගි්නි තබන පුද්ගලයන්ට එරෙහිව දැඩි නිතිමය පියවර ගැනිමට අදාල නිලධාරින් විසින් පියවර ගත යුතු බවද මෙම ප්‍රදේශයෙ බෝහෝ පිරිසක් පවසති.

- මනුර සුදත් සෙල්ලහේවා 

Previous Post Next Post