දරාගත නොහැනි තවත් ඉන්ධන මිල වැඩිවීමට සූදානම් වෙන්නැයි රජයෙන් දැනුම් දෙයි..

 


මැදපෙරදිග කලාපය තුළ පවතින යුදමය වාතාවරණය තවදුරටත් දරුණු අතට හැරුණහොත්, එළඹෙන මැයි මාසයේදී මෙරට ඉන්ධන මිල ගණන් ඉතා ඉහළ අගයක් ගත හැකි බව රජය පවසයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ හමුවකට එක්වෙමින් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව අවධාරණය කළේය.

මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ලෝක දේශපාලනික තත්ත්වය මත ඉන්ධන මිල පාලනය කළ නොහැකි මට්ටමකට පත්වීමේ අවදානමක් පවතින බැවින්, ජනතාව මේ අවස්ථාවේදී ස්වයං පාලනයකින් යුතුව ඉන්ධන පරිභෝජනය කළ යුතු බවයි. 

පවතින තත්ත්වය හමුවේ හැකිතාක් අරපිරිමැස්මෙන් කටයුතු කරන ලෙස ඔහු මහජනතාවගෙන් ඉල්ලීමක් ද කළේය.

"වෙන විදිය ගැන අපි කාටවත් පුරෝකථනය කරන්න බෑ. නමුත් ළඟ ළඟ මිල වැඩිවීම් කරන්න රජයේ බලාපොරොත්තුවක් නෑ. බලාපොරොත්තු වෙනවා යම් ප්‍රමාණයකට සමනය වේවි කියලා. එය තමා සුබදායි බලාපොරොත්තුව එහෙම නොවුණොත් මැයි මාසයේ පළමු දිනට යෙදෙන මිල වැඩිවීමේ දී දරාගත නොහැකි මිල වැඩිවීමක් කරන්න සිදුවේවි.”

7 Comments

  1. දාලා පල එළවන්න ඉස්සෙල්ලා.

    ReplyDelete
  2. Ela Ela Ela Ela Ela Ela Ela

    ReplyDelete
  3. මුං කියන එක වචනයක් එක අකුරක් විශ්වාස කරන්න බෑ

    ReplyDelete
  4. කවුද හිතුවෙ මුන්ට මෙච්චර ඉක්මනට කලකම් පලදෙයි කියල.

    ReplyDelete
    Replies
    1. මුන්ට පලදෙන්නෙ ත්‍රිකුණාමලයේ බුදු පිලිම උස්සපු එකෙයි, හාමුදුරුවරුන්ට කුඩකැඩෙන්ඩ ගහපු එකෙයි, හාමුදුරුවරු හිරගත කරපු එකෙයි ශාපය.

      Delete
  5. ලප කොටා ගේ නාකි ළිදේ තෙල් එන්නේ නැද්ද

    ReplyDelete
  6. අනේ මෙහෙමත් බූරු හැත්තක් යුද්ධය උපරිම සති 2කට තියෙයි

    ReplyDelete
Previous Post Next Post