මාලිමා මන්ත‍්‍රී මළ ගෙදරකදී පුද්ගලයෙකුට ගුටි අනී... ඔහු රෝහලේ..

 


සූරියකන්ද සුසාන භූමිය තුළදී පුද්ගලයකුගේ කනට පහරදීමේ සිද්ධියකට අදාළව ජාතික ජන බල වේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයකු සූරියකන්ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

පහර කෑ බව කියන ඉත්තෑකන්ද පෝද්දන යොවුන් ගම්මානය පදිංචි මාරඹගේ චාමර දිලිප් කුමාර යන අය ප්‍රතිකාර සඳහා රෝහල්ගත වී ඇත.

සූරියකන්ද ප්‍රදේශයේ අවමංගල උත්සවයකට සහභාගි වී එහි භූමිදාන කටයුතු සූරියකන්ද සූසාන භූමියේදී සිදුවෙමින් පවතින අවස්ථාවේදී බුලුතොට සූරියකන්ද ජි.ජි. කොටස පදිංචි සැකකාර මන්ත්‍රිවරයා දල්වන ලද රතිඤ්ඤා කරලක් තුවාලකරුගේ වම් කන අසල ප්‍රදේශයට විසිකිරීමේදී එය පුපුරා ගොස් ඇතැයි පැවසේ.

පසුව එම පුද්ගලයා විසින් ඒ සම්බන්ධයෙන් විමසීමේදී ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාම හේතුවෙන් සැකකරු තුවාලකරුගේ වම් කන ප්‍රදේශයට අතින් පාරවල් දෙකක් එල්ල කර ඇතැයි පැවසෙන අතර පසුව තුවාලකරු සූරියකන්ද රෝහල වෙත ප්‍රතිකාර සඳහා ඇතුළත්ව තිබේ. අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහු ඇඹිලිපිටිය මූලික රෝහල වෙත මාරු කර යවා ඇත.

පහර කෑ පුද්ගලයකු ඇඹිලිපිටිය මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව ඇඹිලිපිටිය පොලිසිය වෙත රෝහල් පොලිසිය මගින් දුරකථන පණිවුඩයක් ලබාදීමෙන් අනතුරුව සිදු කරන ලද විමර්ශනයෙන් පසුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Aruna

1 Comments

  1. ඔය අර ගංජා පොරද දන්නෑ.

    ReplyDelete
Previous Post Next Post