ඉන්ධන අලෙවිය දෙගුණයකින් පහල බසී..


ඉන්ධන අර්බුදය හේතුවෙන් ඇති වූ තෙල් පෝලිම් නිසා මෙම මස (මාර්තු) 01 වැනිදා සිට පසුගිය 19 වැනිදා දක්වා දින දහනවය තුළ මෙරට සාමාන්‍ය දෛනික ඉන්ධන අලෙවිය දෙගුණයකට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇත.

එකී පසුගිය දින 19 දී ලංකා ඔක්ටේන් 92 පෙට්‍රල් සියයට 133 කින් ද ලංකා ඔටෝ ඩීසල් සියයට 151 කින්ද, ලංකා සුපර් ඩීසල් සියයට 181 කින්ද, ඔක්ටේන් 95 පෙට්‍රල් සියයට 161 කින්ද භූමිතෙල් සියයට 172 කින්ද අලෙවිය ඉහළ ගොස් ඇත.

මෙරට ඔක්ටේන් 92 පෙට්‍රල් සාමාන්‍ය දෛනික අලෙවිය මෙට්‍රික් ටොන් 4045 කි. ලංකා ඔටෝ ඩීසල් දෛනික අලෙවිය මෙට්‍රික් ටොන් 4880 කි. එසේම, ඔක්ටේන් 95 පෙට්‍රල්, ලංකා සුපර් ඩීසල් සහ ලංකා භූමිතෙල් දෛනික අලෙවිය පිළිවෙළින් මෙට්‍රික් ටොන් 231, 176 සහ 394 ක් වේ.

එසේ වුවත් තෙල් පෝලිම් හටගත් මාර්තු 02 වැනිදා ලංකා ඔක්ටේන් 92 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 8471 දක්වා සියයට 209 ඉහළ ගොස් තිබේ. ලංකා ඔටෝ ඩීසල් අලෙවිය මෙට්‍රික් ටොන් 8615 දක්වා සියයට 177 කින් ඉහළ ගොස් තිබේ. එසේම එදින ලංකා ඔක්ටේන් 95 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 628 ක්, ලංකා සුපර් ඩීසල් මෙට්‍රක් ටොන් 288 ක් සහ භූමිතෙල් මෙට්‍රික් ටොන් 477 දක්වා පිළිවෙළින් සියයට 272, 164 ක් සහ 121 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එසේම, ඊට පසු දින (03 වැනිදා) ඔක්ටේන් 92 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 7477 (185%), ලංකා ඔටෝ ඩීසල් මෙට්‍රික් ටොන් 8182ක් (186%) ලංකා සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 355ක් (202%) ඔක්ටේන් 95 පෙට්‍රල් මෙට්‍රික්ටොන් 559 (242%)ක් සහ භූමිතෙල් මෙට්‍රික් ටොන් 616ක් (156%) දක්වා විකිණීම ඉහළ ගොස් ඇත.

මාර්තු 5 වෙනිදා ලංකා සුපර් ඩීසල් සියයට 295 කින්ද භූමිතෙල් සියයට 262 කින් ද අලෙවිය ඉහළ ගොස් තිබේ.

සිරිමන්ත රත්නසේකර

2 Comments

  1. ඉහල ගිහින් ද පහල ගිහින් ද, දෙකෙන් එකක් කියපන්කො.

    ReplyDelete
  2. Excellent decision by the government

    ReplyDelete
Previous Post Next Post