රට පුරා දිගු තෙල් පෝලිම්.. ඉන්ධන හිගයක් බලෙන් ගෙන්නගන්න යයි...

 


මැදපෙරදිග කලාපයේ පවතින යුදමය නොසන්සුන්තාව හමුවේ මෙරට තුළ ඉන්ධන හිඟයක් ඇතිවිය හැකි බවට පවතින අනියත බිය හේතුවෙන්, දිවයිනේ බොහෝ ප්‍රදේශවල පිරවුම්හල් අසල දිගු පෝලිම් නිර්මාණය වී ඇත.

ඉදිරියේදී ඉන්ධන හිඟයක් ඇතිවනු ඇතැයි යන බියෙන් ජනතාව පෝලිම්වල රැඳී සිටිමින් අමතර ලෙස ඉන්ධන රැස්කිරීමට උත්සාහ කිරීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව වී තිබේ.

කෙසේ වෙතත්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අවධාරණය කරන්නේ රට තුළ පෙට්‍රල් සහ ඩීසල් ඇතුළු ඉන්ධන වර්ග මාසයකට අධික කාලයක් සඳහා ප්‍රමාණවත් තරම් පවතින බවයි. 

එබැවින් අනවශ්‍ය ලෙස ඉන්ධන රැස්කිරීමෙන් වළකින ලෙස සංස්ථාව ජනතාවගෙන් කිහිපවරක්ම ඉල්ලා සිටියේය.

එම නිවේදන නොතකා ජනතාව තවදුරටත් ඉන්ධන පිරවුම්හල් අසල රැඳී සිටින බව අප වාර්තාකරුවන් පවසයි.

දෛනික සාමාන්‍ය ඉල්ලුම ඉක්මවා මෙලෙස අසාමාන්‍ය ලෙස ඉන්ධන ලබාගැනීමට කටයුතු කළහොත්, පවතින ඉන්ධන සංචිත අවසන් වීමේ අවදානමක් මතුවිය හැක.

Previous Post Next Post