ප්‍රාදේශීය ඉන්ධන සංචිත පවත්වාගෙන යන්නැයි ජනපති දන්වයි..

 


ඉන්ධන පිරිමැසීම පිළිබඳ සෑම අමාත්‍යාංශයක් සතුවම ප්‍රායෝගික වැඩපිළිවෙළක් තිබිය යුතු බවත්, එය දත්ත මත පදනම් වූ අවම බලශක්ති පරිභෝජනයක් සහතික වන  තිරසාර ක්‍රියාවලියක් විය යුතු බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ පිළිබඳ කඩිනම් වාර්තාවක් අමාත්‍යාංශ මට්ටමින් ලබා දෙන ලෙස උපදෙස් දුන්නේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම උපදෙස් ලබා දුන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරිම් අධීක්ෂණය සඳහා පත් කළ කමිටුව සමඟ හමුවකට අද (17) ජනාධිපති කාර්යාලයේදී එක් වෙමිනි. 

ඊයේ (16) අමාත්‍යවරු සහ අමාත්‍යාංශ ලේකම්වරු සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා ලබා දුන් උපදෙස් අනුව අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමේ රාජ්‍ය සහ පෞද්ගලික සැපයුම් දාම අඛණ්ඩව පවත්වා ගනිමින් ජනතාවට හිඟයකින් තොරව සාධාරණ මිලට භාණ්ඩ සැපයීම තහවුරු කිරීම සඳහා මෙම කමිටුව පත් කෙරිණි. 

ඉන්ධන මිල ඉහළ යාම සමඟ භාණ්ඩ මිලද ඉහළ යාම සලකා බලා ගොවි ජනතාවටද බලපෑමක් නොවන පරිදි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව සාධාරණ මිලට ජනතාවට ලබා දීම වෙනුවෙන් ගත හැකි ක්‍රියාමාර්ග සහ මිල පාලනය සඳහා ගත හැකි විකල්ප ක්‍රමවේද පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි. 

මේ අතර, සතොස ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා හරින රාජ්‍ය සහ පෞද්ගලික ආයතන සමඟ මෙන්ම තොග ආනයනකරුවන් සමග සාකච්ඡා කර ඔවුන්ගේ ඉන්ධන අවශ්‍යතා පිළිබද තොරතුරු රැස් කරමින් එම සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ඛනිජ තෙල් නිතිගත සංස්ථාව සමග එක්ව වැඩපිළිවෙළක් සකස් කරමින් තිබෙන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශ ලේකම්වරයා මෙහිදී පෙන්වා දුන්නේය.

සංචාරක ක්ෂේත්‍රයේ ඉන්ධන අවශ්‍යතාව සොයා බලා මින් පෙර භාවිත කළ QR ක්‍රමය පවත්වාගෙන යාම පිළිබඳවත්, හෝටල් සඳහා අවශ්‍ය ගෑස් සහ ඉන්ධන පහසුකම් සලසාදීමේ ක්‍රමවේදයක් සකස් කරමින් තිබෙන බවත් මෙහිදී සඳහන් විය. 

බහුදින ධීවර යාත්‍රා සහ වරාය කටයුතු සඳහා ඉන්ධන ලබා දීම මේ වන විට සිදු වන අතර එම කෝටා ප්‍රමාණයන්හි ඇති ගැටලු පිළිබඳවද අවධානය යොමු විය. 

ඊයේ දින ජනාධිපතිවරයා ලබා දුන් උපදෙස් අනුව කර්මාන්තකරුවන් පිළිබඳ තොරතුරු රැස්කර ලියාපදිංචි කිරීමේ කටයුතු අරම්භ කර ඇති බවත්, ඔවුන්ට අවශ්‍ය ඉන්ධන සැපයීම පිළිබඳ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමග එක්ව වැඩපිළිවෙළක් සකස් කර තිබෙන බවත් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරිය මෙහිදී සඳහන් කළාය. 

කෘෂිකර්ම කටයුතු සඳහා අවශ්‍ය ඉන්ධන ලබා දීමේදී කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන්ගේ නිර්දේශ මත ඉන්ධන ලබා දීම සිදු වන අතර, එම ක්‍රියාවලිය පහසුකර ගැනීම සඳහා ගොවි සංගම් මැදිහත් කර ගත හැකි අන්දම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.

වරාය  මෙහෙයුම් සහ ගුවන් තොටුපොළ කටයුතු සඳහා ඉන්ධන ලබා දීමේදී මතුව ඇති තත්ත්වය පිළිබඳ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමග සාකච්ඡා කර වැඩපිළිවෙළක් සැකසීමටත් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ කටයුතු සහ වැවිලි ක්ෂේත්‍රය ආදී ක්ෂේත්‍ර සඳහා අවශ්‍ය පහසුකම් සපයා දීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කෙරිණි. 

සෞඛ්‍ය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් ලෙස පවත්වාගෙන යන අතරම, මතුව ඇති තත්ත්වය හමුවේ උපරිම ඉන්ධන පිරිමැසුම්  ක්‍රියාවලියක් සහතික කිරීම පිළිබඳ සාකච්ඡා කර තොරතුරු රැස් කර තිබෙන බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා  මෙහිදී පෙන්වා දුන්නේය.

ඒ අනුව ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ප්‍රාදේශීය ඉන්ධන  සංචිත පවත්වාගෙන යාමේ කටයුතු මේ වන විට සිදු කරමින් තිබෙන අතර, ඖෂධ ප්‍රවාහනය සහ රෝහල් සඳහා අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනයට අදාළ ඉන්ධන අවශ්‍යතාව පිළිබඳ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත තොරතුරු ලබා දී ඇති බවත් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය. 

ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතා ක්‍රමවත්ව සපුරාලීම වෙනුවෙන් ක්‍රියාත්මක වැඩපිළිවෙළ පිළිබඳවත්, එම කටයුතු සැලසුම් සහගතව ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳවත් මෙහිදි සාකච්ඡා විය.

පවතින තත්ත්වය හමුවේ ජාතික ආර්ථිකයට අවම බලපෑමක් වන පරිදි  ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මතුව ඇති තත්ත්වයන් කළමනාකරණය කර ගැනීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරිණි.

නිරන්තරයෙන්ම යාවත්කාලීන වන තොරතුරු පද්ධතියක්  පවත්වාගෙන යමින්  සහ ඒවා සමාලෝචනය කරමින් මතුව ඇති තත්ත්වය හමුවේ රටේ ආර්ථිකය සහ ජන ජීවිතය අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් අවශ්‍ය පූර්ණ මැදිහත්වීම සිදු කරන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් දුන්නේය.

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත, බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක, 

යන මහත්වරු ද, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඒ. විමලේන්තිරාජා, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර, ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් කෝලිත කමල් ජිනදාස, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, 

යන මහත්ම මහත්මීහු සහ අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති, සංචාරක මණ්ඩලයේ සභාපති ඇතුළු අදාළ රේඛීය ආයතන ප්‍රධානීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

17 Comments

  1. Replies
    1. In this hunduwe there are 99 , 10000mt tanks in trinco

      Delete
  2. බොරුවේ පියා

    ReplyDelete

  3. කතා කරන එක විතරයි, ඇත්තටම වැඩක් නෑ, නැත්නම් කවදාද, කොහොමද මොනවා කරන්න ඕන කියලා එයාලා දන්නේ නෑ.
    රට විනාශ කරන්නේ නැතුව ගෙදර යන්න

    ReplyDelete
    Replies
    1. මගේ හිතට දැනෙනවා විරුද්ධවාදීන්ගෙන් කෙනෙකුට ඉක්මනින්ම ඇතුළට යන්න වෙයි කියලා, මොකද මේ අය තමන්ගේ නොහැකියාව වසා ගැනීමට සියලු මාර්ග සොයමින් ඉන්නවා.

      Delete
  4. මේ ආණ්ඩුව කොයිතරං ජනතාවට විශ්වාස ද කිව්වොත් , මූ කියන්නත් කලින්ම ජනතාව ගෘහස්ථ ඉන්ධන සංචිත පවත්වාගෙන යන්නෙ.

    ReplyDelete
  5. ප්‍රාදේශීය සංචිත කියල මූ කියන්නෙ අර ත්‍රී වීල් පාහර පකයන්ගෙ කලු කඩ තෙල් බූලිවලට

    ReplyDelete
  6. Anura Kumara Dissanayake බලයට එන්න කලින් නම් හැම ප්‍රශ්නයකටම ready-made solution තිබ්බා වගේ… දැන් බලයට ආවට පස්සේ explanations විතරයි.

    QR, price hikes, fuel management — හැම එකක්ම දැන් justify කරනවා. එදා criticize කරපු policiesම අද defend කරනවා කියන්නේ අද බයිලා පොරක් වෙලා .

    අවසානයේ, ජනතාවට solution එකක් ලැබෙනවද කියන එකට වඩා බලේ කියන එකයි වැදගත් වෙලා තියෙන්නේ.

    ReplyDelete
  7. ගෝටාබය❤ මැතිතුමා ව අද CID කැදවලා. කොරෝනා කාලෙ අපි හොදට කාලා බීලා ගමන් බිමන් ගියා. මේ වසලයා ඇවිත් කියන්න ඕන බොරු ඔක්කොම කියල රට විනාස කරා.

    ReplyDelete
  8. WE should start protest while in fuel queues

    ReplyDelete
  9. ගෝටාට දුන්න ගේම උඹටම වැදුනා නේද ? හොද වැඩේ උඹට. තව වුනේ නෑ.

    ReplyDelete
  10. අපේ රට, දැය, සමය වනසන්න උපන්, නියත නිරය උරුම කරගත් පාහර ජෙප්පා 🤮🤮🤮😡 මුන්ට ගහලා එලවන්න කාලය හරි

    ReplyDelete
  11. නොදකින් පරයා ... දැන් තොට සැපද .. නැව් එන ඒවා බ්‍රීකින් නිව්ස් ගහද්දි ... අර්බුද හදලා ඒවායෙන් බලයට උන්ට කෙලවෙනෙන්ම අර්බුදයකින් .. කිසි දක්ෂකමක් නැති ... කට උල් කර කර බොරු කියන්න විතරක් දන්නා තෝ හිවලෙන් වගේ මේ රටම රැවට්ටුවා .. පාහරයා ... තොගේ මූණ බලපන්කො .. පොල් හොරෙක් වගේ .. ජයශාන්ත අයිය්යා නැද්ද උඹලට තෙල් ගේන්න

    ReplyDelete
  12. ගාන වෑඩි උනත් ලෝකෙ හෑම රටකම තෙල් තියනව. මෙහෙ QRර්‍ තියනව ශෙඩ් වල තෙල් නෑ. තියන ශෙඩ් එකක් තිබ්බත් කිලෝ මීටර් ගානක් පොලිම

    ReplyDelete
    Replies
    1. බත්ගම ඩෝබි වොෂින්ටන්March 17, 2026 at 9:57 PM

      කවුරුවත් කලබල වෙන්ඩ එපා බලාගන ඉඳපල්ලා නියමෙට බැලන්ස් කරල AKD ගේම දෙනව.

      Delete
Previous Post Next Post