කන්ටේනර් රථවලට ඉන්ධන දෙන්න වෙනම වැඩපිලිවෙලක්..

 


බහාලුම් ප්‍රවාහනයේ නිරත කන්ටේනර් රථ සඳහා ඉන්ධන ලබා ගැනීමට ක්‍රමවත් වැඩපිළිව‍ෙළක් සක කිරිමට වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය පියවර ගෙන තිබේ.

එහි අමාත්‍ය අනුර කරුණාතිලක මහතා නිවේදනය කළේ, කොළඹ වරායේ පවතින තදබදය අවමකර ගනිමින් රට තුළට පැමිණෙන ආනයනික බහාලුම් කඩිනම්ව වරායෙන් පිටතට ප්‍රවාහනය හා රටේ අපනයන ආදායමට බලපෑම් එල්ල නොවන පරිදි අපනයන බහාලුම් නිසි වේලාවට වරාය වෙත ප්‍රවාහනය කිරීම වෙනුවෙන් එම පියවර ගත් බවයි.

ඒ අනුව විෂමතාවන් ඇති නොවන පරිදි මෙම ක්‍ෂේත්‍රයේ යෙදෙන කන්ටේනර් රථ සඳහා අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට එම රථ වල QR කේතය සහිතව සියලු දත්ත අමාත්‍යංශයට ලබා ගෙන තිබේ.

මේ අතර බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල පැවසුවේ ඒ අනුව මේ වනවිට කන්ටේනර් රථ 1325ක දත්ත තොරතුරු අමාත්‍යංශය ලබා දුන් බවය.

ඔහු පැවසුවේ, ඉදිරිය සතිය තුළ බහාලුම් රථ සඳහා අවශ්‍ය ඉන්ධන ලබා දීමට අමාත්‍යවරයා එකඟ වු බවයි.

Previous Post Next Post