ලංකාව ඉන්දියාවෙන් ඩීසල් ඉල්ලයි.. ඉන්දියාව සලකා බලමින්..


පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ ගොස් ඇති පසුබිමක
, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ මාලදිවයින ඉන්දියාවෙන් ඩීසල් ලබා දෙන ලෙස කළ ඉල්ලීම් සම්බන්ධයෙන් ඉන්දීය රජයේ අවධානය යොමුව තිබේ.

හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන බොරතෙල් සැපයුම් මාර්ග අවහිර වීමත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් ඇති අතර, ගෝලීය බලශක්ති අර්බුදයක් පිළිබඳ බියක් ද මතුව ඇත.

මෙම තත්ත්වය හමුවේ අසල්වැසි රටවල් කිහිපයකින් ඩීසල් සැපයුම් සඳහා ඉල්ලීම් ලැබී ඇති බව ඉන්දියාව තහවුරු කර තිබේ.

නවදිල්ලියේ පැවති සතිපතා මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක රන්දීර් ජයිස්වාල් මහතා සඳහන් කළේ, ඉන්දියාවේ පිරිපහදු ධාරිතාව, දේශීය අවශ්‍යතා සහ ඉන්ධන පවතින ප්‍රමාණය සලකා බලමින් රජය මෙම ඉල්ලීම් පරීක්ෂා කරමින් සිටින බවයි.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවන්නේ ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන තොග ලබාගැනීම සම්බන්ධයෙන් අමාත්‍ය විජිත හේරත් මහතා ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතාගෙන් සිදුකළ ඉල්ලීමට ඉන්දියාවෙන් ධනාත්මක ප්‍රතිචාර ලැබී ඇති බවය.

මැදපෙරදිග කලාපයේ පවතින නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ මෙරට බලශක්ති අවශ්‍යතාවයට එල්ල විය හැකි බලපෑම් අවම කරගැනීම වෙනුවෙන් මෙම ඉල්ලීම සිදු කර ඇත.

මෙමඟින් ඉදිරි කාලසීමාව තුළ මෙරටට අවශ්‍ය ඉන්ධන සැපයුම අඛණ්ඩව සහ සුරක්ෂිතව පවත්වාගෙන යාමට අවශ්‍ය පසුබිම සකස් කෙරෙනු ඇති බව අදාල නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

1 Comments

  1. රාජ්‍ය සේවයේ ඉහළ පෙළේ තනතුරු 381 ක් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන්ට පමණක් දැරිය හැකි වන පරිදි සීමා කරමින් නිකුත් කර තිබූ පරිපාලන සේවා ව්‍යවස්ථාව බලරහිත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කර තිබේ, ෙම්ක හොද වැඩක් කියමුකෝ, ඒත් මේ තින්දුව ගොනාට අන්දමින් සහ කල්මරමින් වෙනත් ආකාරයකින් ඉදිරියට යාමට මේ අය කටයුතු කරනවා නම් වැරදියි. අපහාස කිරීමට විරුද්ධව නඩු දැමීමට ක්‍රියා කල යුතුයි. එමෙන්ම මේ අය විධායක නොවන ගණයට කරලා තියෙන් දේ බලන්න. උදාහරණයක් ලෙස ශ්‍රේණි අතර උසස්වීම්, මේ අය අවුරුදු 13 කින් පමණ ඉහලට යන්න හදාගෙන, කොහොමද, ජස්ටිෆිකේෂන් මේ අයගෙමනේ, පහල ශ්‍රේණි වල අය අවුරුදු 20 ක් 30 කඹුරන්න ඔන, ඒ ජස්ටිෆිකේෂන් එක අදාල නැහැලු, රට කන්න උපන් සෙට් එකක් තමයි මේ සේවයේ ඉන්නේ, මේ අයට තනතුරු දරන්න කිසිම විෂය දැනුමක් අවශ්‍ය නැහැ. රජයේ සේවයේ තියන තනතුරු වලින් විෂ්‍ය දැනුම්ක් අවශ්‍ය නොවන එකම සේවාව මෙම සේවාව පමණයි, ලැජ්ජ නැතිකම තමයි සේරටම මුල

    ReplyDelete
Previous Post Next Post