නොරොච්චෝල බාල ගල් අගුරුවලට ඩීසල් විදී.. ජනන ධාරිතාව තව පහලට...

 


නොරොච්චෝල ලක්විජය ගල්අඟුරු බලාගාරයට 11 වන නෞකාවෙන් ගොඩබෑ බාල ප්‍රමිතියෙන් යුත් ගල්අඟුරු භාවිත කිරීම හේතුවෙන් බලාගාරයේ ජනන කටයුතු අඩාල වී ඇති බවත්, මේ හරහා ප්‍රදේශයේ දැවැන්ත පරිසර දූෂණයක් සිදුවෙමින් පවතින බවත් බලශක්ති විශේෂඥ විධුර රලපනාව මහතා අනතුරු අඟවයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ බාල ගල්අඟුරු භාවිතය ආරම්භ කිරීමත් සමඟ බලාගාරයේ සමස්ත ජනන ධාරිතාව මෙගාවොට් 82 කින් පහත වැටී ඇති බවයි. මෙහිදී පලමු වන ඒකකයෙන් මෙගාවොට් 45 ක්, 2 වන ඒකකයෙන් මෙගාවොට් 15 ක්, 3 වන ඒකකයෙන් මෙගාවොට් 22 ක් ලෙස ජනනය අඩුවී ඇත.

මාර්තු 04 වනදා රාත්‍රී 11 වන විට 3 වන ඒකකයේ ගල්අඟුරු අඹරන යන්ත්‍ර දෙකක් අවහිර වීම (clogged) හේතුවෙන් එහි ජනන ධාරිතාව මෙගාවොට් 170 දක්වා ශීඝ්‍රයෙන් පහත වැටී ඇතැයිද ලංකා විදුලිබල මණ්ඩලයේ වාර්තා ද තහවුරු කරන්නේ යයිද හෙතෙම කියයි.

ගල්අඟුරු යන්ත්‍ර අවහිර වීම නිසා ගිනිදැල් ස්ථාවරව පවත්වා ගැනීමට විදුලිබල මණ්ඩලයට අධික පිරිවැයක් දරා diesel guns භාවිත කිරීමට සිදුව ඇති හේතුවෙන් බලාගාරයේ ESP පද්ධතිය අක්‍රිය කිරීමට සිදුවන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස චිමිනිය හරහා විශාල වශයෙන් අළු (fly ash) පරිසරයට මුදා හැරෙමින් පවතින බව රලපනාව මහතා සඳහන් කරයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉහළ නිලධාරීන් බාල ගල්අඟුරු සමඟ බලාගාරය ක්‍රියා කරවිය හැකි බවට මීට පෙර ප්‍රකාශ කළද, පැය 24 ක් ගතවීමටත් පෙර බලාගාරය උත්පාදන අඩුවීම හරහා එම ප්‍රකාශ අසත්‍ය වී ඇති බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියි





2 Comments

  1. නොරොච්චෝලේ හුණ්ඩුව ගැන ඇයි මෙච්චර නිවුස්? උමා ඔයේ හිල ඔය වගේද? අපි විපස්සෙ හිටියනං දෙන්නේ ඇට්ටි හැලෙන්න

    ReplyDelete
  2. Den NPP wahal dobiyo kiyai oya kiyapu eka Rajapaksha guu kana ekek kiyala.. eheu wahallu inne apita..eta passe kiyaia Lakviajaya balagare oya prasne tibuen Mainage kale kiyala.. ehema diva deke gan kabaryo inne.

    ReplyDelete
Previous Post Next Post