ඉරාන යුද්දය අත ලගටම.. ලංකාව ආසන්න මුහුදේ ඉරාන නැවට සබ්මැරීන් ප‍්‍රහාරයක්...


ශ්‍රී ලංකාව ආසන්න මුහුදේදී ඉරාන නෞකාවකට එල්ල වූ සබ්මැරීන ප්‍රහාරයෙන් පුද්ගලයින් 100 කට වැඩි පිරිසක් අතුරුදහන් බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

ගාල්ල වරායේ සිට නාවික හැතපුම් 40ක් පමණ දුරින් පිහිටි මුහුදු කලාපයේදී අනතුර සිදුවන අවස්ථාවේදී නෞකාවේ 140ක පමණ කාර්ය මණ්ඩලයක් සිට ඇති අතර, ඉන් පුද්ගලයන් 30 දෙනෙකු මේ වන විට මියගොස් ඇති බව තහවුරු කර තිබේ. කෙසේ වෙතත්, මරණ සංඛ්‍යාව මීට වඩා ඉහළ යා හැකි බවට ද සැක පළ කෙරේ.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ නාවිකයන් 40කට ආසන්න පිරිසක් මේ වන විට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත.

අදාළ ඉරාන නෞකාව මීට ඉන්දියාව බලා යාත්‍රා කර තිබුණද, ඉන්දියාව විසින් එය භාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇත.

ඒ හේතුවෙන් නෞකාව යළි ඉරානය බලා යාත්‍රා කරමින් සිටියදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව වාර්තා වේ.

7 Comments

  1. කෝ අර මෝඩ බයියොන්ගෙ තෙල් පෝලිම් ටික? දිට්ඨදම්මවේදනීය කර්මය කිය කිය ගොබ්බයො ටික බොරු පෝලිම් හැදුවා. අපේ පැත්තෙනම් මෝඩයින් අමාරුව දැන් හොදයි. දැන් පෝලිම් නෑ. අද රස්තියාදු නැතුව full tankම ගැහුවා.

    ReplyDelete
    Replies
    1. ඒත් පාරවල් හිස්. තෙල වැඩිවෙලා

      Delete
  2. ඉන්දියාව කලේ බලු වැඩක්.. පව් අර මරණය දැක දැක මැරිච්ච මිනිස්සු.

    ReplyDelete
  3. දේශපාලනය කියන්නේ ඔහොම එකක් තමයි.

    ReplyDelete
    Replies
    1. ඕක දේශපාලනය නෙවෙයි ත්‍රස්තවාදය

      Delete
  4. ගෝලීය දේශපාලනය කියන්නේ ඔහොම එකක් තමයි.

    ReplyDelete
    Replies
    1. ගෝලීය ත්‍රස්තවාදය

      Delete
Previous Post Next Post