ජනපතිගේ EV කතාව සම්පූර්ණ බොරු.. ලංකාවේ EV හතරගුණයක් චාජ් කලත් 300MW යන්නෑ..

 


රාත්‍රී කාලයේදී විදුලි වාහන ආරෝපණය කිරීම හේතුවෙන් මෙගාවොට් 300ක අමතර විදුලි ඉල්ලුමක් පවතින බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා කළ ප්‍රකාශය විද්‍යාත්මකව කිසිසේත්ම පිළිගත නොහැකි, සම්පූර්ණයෙන්ම වැරදි ප්‍රකාශයක් බව ආචාර්ය විදුර රලපනාව මහතා පවසයි. 

දෙරණ රූපවාහිනී නාලිකාව සමඟ පැවැති සාකච්ඡාවකදී ඔහු මේ බව අවධාරණය කළේය.

මෙහිදී අදහස් දැක්වූ ආචාර්ය රලපනාව මහතා සඳහන් කළේ ලංකාවේ පවතින විදුලි වාහන සංඛ්‍යාව අනුව එම ඉල්ලුම මෙගාවොට් 100ක්වත් විය නොහැකි බවයි. 

මෙගාවොට් 300ක ඉල්ලුමක් ඇති වීමට නම් දැනට මෙරට පවතින විදුලි වාහන සංඛ්‍යාව මෙන් හතර ගුණයක වාහන ප්‍රමාණයක් තිබිය යුතු බවත්, ඒ සියලු වාහන එකවර ආරෝපණයට සම්බන්ධ කළ යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය.

විදුලි වාහන සැබෑ ස්වභාවය පැහැදිලි කරමින් ඔහු කියා සිටියේ, කිලෝමීටර් 300ත් 500ත් අතර ධාවන පරාසයක් සහිත නවීන විදුලි වාහන දිනපතා ආරෝපණය නොකරන බවත්, සාමාන්‍යයෙන් දින පහකට වරක් පමණ ආරෝපණය කරන බවත්ය. එසේම, වාහනයක් ආරෝපණය කිරීමට ගත වන්නේ කෙටි කාලයක් බැවින් සියලු වාහන එකවර ජාලයට සම්බන්ධ වී මෙවැනි විශාල ඉල්ලුමක් ඇති නොවන බව ද වසර 10ක් විදුලි වාහන භාවිතා කරන්නෙකු ලෙස තමාට සහතික විය හැකි බව ඔහු පැවසීය.

මෙවැනි වැරදි දත්ත ජනාධිපතිවරයා වෙත ලබා දීම පිටුපස පොසිල ඉන්ධන ප්‍රමෝට් කරන උපදේශකයන් සිටින බවට ද ඔහු මෙහිදී චෝදනා කළේය. 

රට බලශක්තියෙන් ස්වයංපෝෂිත වීමට නම් පුනර්ජනනීය බලශක්තිය, බැටරි ගබඩා පද්ධති සහ විදුලි වාහන ප්‍රවර්ධනය අත්‍යවශ්‍ය බව ආචාර්ය විදුර රලපනාව මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

14 Comments

  1. Tom pachayata boru kiyana eken midenna be dan.

    ReplyDelete
    Replies
    1. හැමෝම සෝලර් දැම්මොත් විදුලි බල මන්ඩලේ වහන්න වෙයි කියපු නිලදාරීනුත් හිටියා 2008 ඉදන්


      We need solar

      Delete
  2. ane gonoo.. 300k ilakkamata nogiyata vedivena eka prashnayak neveyda . anika 300 kiyanne president ta dunna ubalawage ahrakunge daththa

    ReplyDelete
    Replies
    1. ලපයා තනියම දත්ත හොයා ගෙන කතා කරපු කාලේ හරියට ඇත්ත කිව්වා නේද..
      හිකිස්..
      පරණ කතා ටිකක් දාන්නද..
      හෝදහන් ඔයිට වඩා හොඳ විදියකට..

      Delete
    2. තාම පචයගේ පච අදහන මෝඩ හැත්තක් ඉන්නවනේ. ‍තෝ හිතාගෙන ඉන්නේ මේ පචෝරිස් උඹේ පල්ලිය රකිනව කියලද? බලාගෙන හිටපන්. මූ ඉන්නේ බෞද්ධයො ආගමෙන් ඈත් වෙනකන්. ඊට පස්සේ ඌට නිරාගමික බලය හම්බෙනවා. ඊට පස්සේ උඹලගේ පල්ලියට ගැති උන් ටික ගලවලා නිරාගමික කර ගන්නවා. අන්න එදාට තමයි උඹලට තරු විසි වෙන්නෙ.

      Delete
    3. Kauda oyy aagamak gana katha kaje??

      Delete
  3. Daily Total Energy DemandOn average, a typical passenger EV drives approximately 30–50 km per day. Using an efficiency of 0.2 kWh/km (accounting for charging losses), the average daily energy requirement is roughly 8–10 kWh per vehicle.Total Daily Energy: $50,000 \text{ vehicles} \times 10 \text{ kWh/day} = 500,000 \text{ kWh}$In Megawatt-hours: 500 MWh per day

    ReplyDelete
    Replies
    1. නොදන්න පුපවල් නොලියා ඉදිං බං.. ලංකාවෙ අද වෙනකං EV 15,000ක්වත් නෑ.. e බයික් එක්ක 40,000ක් වගේ තියෙන්නේ.

      Delete
  4. ලපයා බොරු විදිනවා. ඒවා අදහන කාලකන්නි ටිකක තවමත් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. This guy telling lie

      Anura said it is one of reason..


      This guy can’t understand sinhala

      Delete
  5. ලපයා සරනන් ගච්චාමි කියන අපතයෝ ඉන්නකම් මේ රට හදන්න බෑ

    ReplyDelete
  6. කවුරු හරි ලියල දෙන මඟුලක් කියෝනවා මාසෙකට සැරයක් විතර. අප්‍රසන්න යි.

    ReplyDelete
  7. කවුරු හරි ලියල දෙන මඟුලක් කියෝනවා මාසෙකට සැරයක් විතර. අප්‍රසන්න යි.

    ReplyDelete
  8. කාලකන්නි "හුණ්ඩුවා" කියන තරමක් කියන්නේ බොරු මයි 😡🤮 මේ ජේ.වී.පී ත්‍රස්තවාදීන්ට ගහලා පන්නන්න කාලය හරි

    ReplyDelete
Previous Post Next Post