එන මාසයේ විදුලි කැපිල්ලක් PUCSL ගැන අනතුරු අගවයි.. නොරොච්චෝල වැටුනොත් තව දරුණුයි...

 


ට්‍රයිඩන්ට් චෙම්පර් සමාගම මෙරටට සැපයූ ගල් අගුරු ගුණාත්මක භාවයෙන් අඩු වීම හේතුවෙන් සාමාන්‍ය තත්වයන් යටතේ අප්‍රේල් මාසයේ විදුලි ඉල්ලුම මෙගාවොට් 3030 දක්වා ඉහළ ගියහොත් රාත්‍රී කාලයේදී ඉල්ලුමට සරිලන ධාරිතාවක් උත්පාදනය කිරීමට නොහැකි වීමෙන් විදුලි සැපයුම අඛණ්ඩව ලබා දීමට නොහැකි වීමේ අවදානමක් තිබෙන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ.

එසේම එළැඹෙන ජුනි මාසයේදී මෙගාවොට් 3070 ක් සහ ජූලි මාසයේදී මෙගාවොට් 3000ක් දක්වා විදුලි ඉල්ලුම ඉහළ ගියහොත් එම මාසවල ද මෙම අවදානම් මිතුවන බව ද එම වාර්තාවේ සඳහන් වේ.

ට්‍රයිඩන්ට චෙම්පර් සමාගම මෙරටට සැපයූ ගල් අඟුරු ගුණාත්මක භාවයෙන් අඩුවීම හේතුවෙන් ලක්විජය බලාගාරයේ ජනන යන්ත්‍ර තුනෙන් උත්පාදනය කළ හැක්කේ සාමාන්‍යයෙන් මෙගාවොට් 690 ක් පමණක් වීම එයට හේතුව බවද එම වාර්තාව පෙන්වා දෙයි.

ගල් අගුරු ගුණාත්මකභාවයෙන් අඩු වීම හේතුවෙන් ලක්විජය බලාගාරයේ එක් ජනන යන්ත්‍රයකින් මෙගාවොට් 40 ක් පමණ අහිමිවන බව ඇස්තමේන්තු කර ඇතැයි එම වාර්තාවේ දැක්වේ.

එසේම එම මාස තුනේදී ලක්විජය බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් හෝ ප්‍රධාන බලාගාරයක් අක්‍රිය වුවහොත් එම අවදානම ශීඝ්‍රයෙන් ඉහළ යනු ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ.

ඉන්දියාවේ ට්‍රයිඩන්ට චෙම්පර් සමාගම පසුගිය 25 වැනිදා වනවිට ලක්විජය බලාගාරයට ලබාදී තිබූ ගල් අගුරු වලින් මෙගාවොට 300 ක ධාරිතාවයෙන් යුත් විදුලියක් උත්පාදනය කිරීමේ හැකියාවක් නොමැති බව එම නැව්ගත කිරීම් සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිෂන් සභාව නිකුත් කළ නවතම වාර්තාවේ දැවේ.

ලක්විජය බලාගාරයට ගල් අඟුරු ටොන්

ලක්ෂ 15 ක් සැපයීම සඳහා ටෙන්ඩරය හිමි කරගත් ට්‍රයිඩන්ට වෙම්පර් සමාගම 2025 වසරේ දෙසැම්බර් මාසයේ සිට පසුගිය 25 වැනිදා දක්වා කාලය අතරතුරදී මෙම ගල් අගුරු තොගය නැව්ගත කිරීම 9 ක් ඔස්සේ එම බලාගාරයට ලබාදී තිබිණි.

කෙසේ නමුත් ලක්විජය බලාගාරයේ ජනන යන්ත්‍ර තුනෙන් කිසිදු යන්ත්‍රයකට මෙම ගල් අගුරුවලින් මෙගාවොට් 300 ක උපරිම ධාරිතාවයෙන් යුත් විදුලියක් උත්පාදනය කිරීමට හැකියාවක් නොමැති බව එම වාර්තාවේ දැක්වේ.

300 එහෙත් මීට පෙර සැපයුම්කරු වූ පොටෙන් ගියා ed.od.B සමාගම ලක්විජය බලාගාරයට සැපයූ ගල් අඟුරු වලින් මෙගාවොට උපරිම ධාරිතාවයෙන් යුත් විදුලියක් එම බලාගාරයේ සියලුම ජනන යන්ත්‍ර උත්පාදනය කර ඇතැයිද එම වාර්තාවේ සඳහන් වේ.

එසේම මීට පෙර සැපයුම්කරු වූ පොටෙන් ගියා එල්. එල්. සී. සමාගම මෙරටට සපයා තිබූ ගල් අඟුරු සෑම අතතින්ම ට්‍රයිඩන්ට චෙම්පර් සමාගම මෙරටට සපයා ඇති ගල් අඟුරු වලට වඩා ගුණාත්මක භාවයෙන් ඉහළ බවද එම වාර්තාවේ සඳහන් වේ.

ඉන්දියාවේ ට්‍රයිඩන්ට් චෙපර් සමාගම පසුගිය 25 වැනිදා වන විට ලක්විජය බලාගාරයට ලබාදී තිබූ ගුණාත්මක භාවයෙන් අඩු ගල් අගුරු තොගය හේතුවෙන් මෙරටට රුපියල් කෝටි 849.7 ක පාඩුවක් සිදුව ඇතැයි ඇස්තමේන්තු කර ඇතැයි එම ගල් අගුරු තොගය සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිෂන් සභාව නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ.

එම ගල් අගුරු තොගය නැව්ගත කිරීම 9 ක් ඔස්සේ ට්‍රයිඩන්ට් චෙම්පර් සමාගම මෙරටට ලබාදී තිබූ බවත් පළමු නැව්ගතකිරීමෙන් රුපියල් මිලියන 554, දෙවැනි නැව්ගත කිරීමෙන් රුපියල් මිලියන 362, තෙවැනි නැව්ගත කිරීමෙන් රුපියල්

මිලියන 1,318. සිවුවැනි නැව්ගතකිරීමෙන් රුපියල් මිලියන 471, පස්වැනි නැව්ගත කිරීමෙන් රුපියල් මිලියන 598ක සයවැනි නැව්ගත කිරීමෙන් රුපියල් මිලියන 1,182 , සත්වැනි නැව්ගතකිරීමෙන් රුපියල් මිලියන 931, අටවැනි නැව්ගත කිරීමෙන් රුපියල් මිලියන 1,588 ක සහ නවවැනි නැව්ගත කිරීමෙන් රුපියල් මිලියන 1,493ක අලාභයක් මෙරටට සිදුව ඇතැයි ඇස්තමේන්තු කර තිබෙන බවද එම වාර්තාවේ සඳහන් වේ.

පොටෙන්ගියා එල්.එල්.සී. සමාගම මෙරටට සැපැයූ ගල් අගුරු තොග එළැඹෙන 10 වැනිදා දක්වා ලක්විජය විදුලි බලාගාරයේ මෙහෙයුම් කටයුතු සිදු කිරීමට ප්‍රමාණවත් බවද එම වාර්තාවේ දැවේ. වාර්තා වලට අනුව පසුගිය 26 වැනිදා මෙරටට ගොඩබා ඇති ට්‍රයිඩන්ට චෙම්පර් සමාගමේ 10 වැනි නැව ගතකිරීම මෙරටට ලැබීමට නියමිතව තිබී ඇත්තේ පසුගිය 6 වැනිදා බවද එම වාර්තාවේ සඳහන් වේ.

ඒ අනුව නැව්ගත කිරීම් කාලසටහනේ සති තුනක පමණ ප්‍රමාදයක් තිබෙන බවත් ඉතිරි නැව්ගත කිරීම් 15 ප්‍රමාදයකින් තොරව මෙරටට ලැබුණ හොත් සියලු නැව්ගත කිරීම එළැඹෙන මැයි මාසය මැදවන විට ගොඩබා අවසන් කළ හැකි බවද එම වාර්තාව පෙන්වා දෙයි.

කෙසේ නමුත් ඉදිරි නැව්ගත කිරීමද ප්‍රමාදයකට ලක්වුවහොත් නැව්ගත කිරීම් 2 ක් හෝ 3 ක් මෙම කාර්තුව අවසන් වීමට ප්‍රථම ගොඩ බෑමට නොහැකි වනු ඇතැයිද එම වාර්තාවේ දැක්වේ.

සියලු නැව්ගත කිරීම මැයි මාසය මැදවන විට ගොඩබා අවසන් කිරීමට හැකි වුවහොත් එය එළැඹෙන ඔක්තෝබර් 2 දක්වා ප්‍රමාණවත් බව එම වාර්තාව පෙන්වා දෙයි. එහෙත් නැව්ගත කිරීම 20 පමණක් මැයි මාසය මැද භාගය වනවිට ගොඩ බෑමට හැකි වුවහොත් එය ප්‍රමාණවත් වන්නේ එළැඹෙන අගෝස්තු 27 වැනිදා දක්වා පමණක් බවද එම වාර්තාවේ දැක්වේ.

Lankadeepa

4 Comments

  1. කොහොමද අපේ හුණ්ඩු වැඩ?

    ReplyDelete
  2. වේස විජුලි බලු මන්ඩල සක්කිලි පන පිටින් හම ගහලා ප්‍රාවල් දිගේ කස පාර දිදී දක්කපල්ලා. සක්කිලි හොරා කාලා කාලා කරන්ට් එකත් කපනවා. අමුම අමු වේස බල්ලෝ ඉන්න ආයතනයක් තමයි විජුලි බලු මන්ඩලේ කියන්නේ. කැරිම හොරු රැලක් ඉන්නේ.

    ReplyDelete
  3. වේස විජුලි බලු මන්ඩල සක්කිලි පන පිටින් හම ගහලා පාරවල් දිගේ කස පාර දිදී දක්කපල්ලා. සක්කිලි හොරා කාලා කාලා කරන්ට් එකත් කපනවා. අමුම අමු වේස බල්ලෝ ඉන්න ආයතනයක් තමයි විජුලි බලු මන්ඩලේ කියන්නේ. කැරිම හොරු රැලක් ඉන්නේ.

    ReplyDelete
  4. උන්ගේ කොම්පැනි වැටේන නිසා වස පොඩ්ඩ පොඩ්ඩ කන්න කිව්ව SLS බලු වේසි කිව්වද කොම්පැනි වැටෙන නිසා බාල ගන් අඟුරු පොඩ්ඩ පොඩ්ඩ පාවිච්චි කරන්න කියලා?

    ReplyDelete
Previous Post Next Post