QR ඉන්ධන දවසට ලීටර දෙක මදි.. කිලෝමීටරයකට රුපියල් පන්සීයක් ගන්න වෙනවා..- ත‍්‍රිවිල් සංගම්


වත්මන් ඉන්ධන අර්බුදය හමුවේ පනවා ඇති
QR කේත ක්‍රමය යටතේ ත්‍රිරෝද රථ සඳහා ලබාදෙන සතිපතා ඉන්ධන කෝටාව ලීටර් 15 සිට ලීටර් 30 දක්වා වැඩි කරන ලෙස ජාතික ඒකාබද්ධ ත්‍රීරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් එල්. රෝහණ පෙරේරා මහතා රජයෙන් විශේෂ ඉල්ලීමක් කරයි.

රෝහණ පෙරේරා මහතා පෙන්වා දෙන්නේ මගී ප්‍රවාහන සේවයේ නිරත ත්‍රිරෝද රථ රියදුරන්ට දැනට ලැබෙන දෛනික සාමාන්‍යය වන ලීටර් 2.14 ක ප්‍රමාණය සිය ජීවනෝපාය පවත්වාගෙන යාමට කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවයි.

සාමාන්‍යයෙන් ත්‍රිරෝද රථයක් දිනකට කිලෝමීටර් 200කට අධික දුරක් ධාවනය වන අතර ඒ සඳහා ලීටර් 8කට ආසන්න ඉන්ධන ප්‍රමාණයක් අවශ්‍ය වුවද, රටේ පවතින තත්ත්වය තේරුම් ගනිමින් තමන් ඉල්ලා සිටින්නේ දිනකට ලීටර් 5 බැගින් සතියේ දින 6ක් සඳහා අවම වශයෙන් ලීටර් 30ක කෝටාවක් බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම ගැටලුව හේතුවෙන් මෙරට ත්‍රිරෝද රථ ක්ෂේත්‍රය මත යැපෙන මිලියන හතරක පහක පමණ ජනතාවක් දැඩි අසරණභාවයට පත්ව ඇති බවත්, එළඹෙන සිංහල සහ අලුත් අවුරුදු සමයේදී මෙම පවුල්වලට සිය දෛනික අවශ්‍යතා සපුරා ගැනීමට පවා නොහැකි වන මහා ව්‍යසනකාරී තත්ත්වයක් උද්ගත විය හැකි බවත් ඔහු අනතුරු ඇඟවීය.

"අපිට මේ වෙලාවේ රජයත් එක්ක දේශපාලන කතා කරන්න අවශ්‍ය නැහැ. ඒ වගේම උද්ඝෝෂණ හෝ පිකටින් කරලා රජයට බලපෑම් කරන්නත් අපිට අවශ්‍ය නැහැ. නමුත් රජය තේරුම් ගත යුතුයි අපේ ජීවිත වගේම අපේ පවුල්වල දරුවන්ගේ ජීවිත රඳා පවතින්නේ මේ දෛනික සේවාවෙන් උපයා ගන්නා මුදල මත බව" යැයිද පෙරේරා මහතා අවධාරණය කළේය.

එබැවින් වෘත්තීය මට්ටමින් ත්‍රිරෝද රථ ධාවනයේ යෙදෙන රියදුරන් හඳුනාගෙන ඔවුන්ට සහනදායී ලෙස මෙම ඉන්ධන කෝටාව වැඩි කර දීමට ජනාධිපතිවරයා ඇතුළු රජය කටයුතු කළ යුතු බව ජාතික ඒකාබද්ධ ත්‍රීරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමය වැඩිදුරටත් ඉල්ලා සිටියි

ජාතික ටැක්සි ඇප් ත්‍රී රෝද රථ වෘත්තිකයන්ගේ එකමුතුව සඳහන් කරන්නේ මෙම ඉන්ධන කෝටාව යටතේ තමන්ට කිලෝමීටරයක් සඳහා රුපියල් පන්සියයක මුදලක්වත් අය කිරීමට සිදුවන බවයි.

සතියකට ලබාදෙන ඉන්ධන ලීටර් 15න් පවුලක් ජීවත් කරවීමටත් වාහනය නඩත්තු කිරීමටත් ඇති නිසා මෙම ගාස්තු ඉහල නැංවීමකට සිදුවන බවද එම සංගමයේ සභාපතිවරයා සඳහන් කළේය.

එවන් ගාස්තු වැඩි කිරීමක් කළහොත් ශ්‍රී රෝද රථ භාවිතා කරන මගින් විශාල අපහසුතාවයකට පත්වන බවත් පෙන්වා දුන් ඔහු එනිසා ත්‍රීරෝද රථ සඳහා වැඩි ඉන්ධන ප්‍රමාණයක් අනුමත කරන ලෙසද රජයෙන් ඉල්ලා සිටී.

10 Comments

  1. ත්‍රීවීල් අයියලට හදමු ඇප් එකක්, ඒකටම අමුනපු ටිකට් මැසිමක් අනිවාර්ය කරමු, දුවන එකාට ටිකට් එක දෙන්න ඕන, දුරේ හැටියට අයවෙන්නෙ. එහෙම කරන එකාට තෙල් දෙමු දුවන ගාන බලන්න පුලුවන්නෙ.

    ReplyDelete
  2. ත්‍රී වීල් කාරයෝ රටට සාපයක්. වැඩි හරියක් දුරාචාරෙට පුරුදු වුන හික්මීමක් නැති කාලකන්නි

    ReplyDelete
    Replies
    1. එක හින්දා තමයි උන් පහුගිය කාලේ අපි මාලිමාවට කියලා පස්සෙ ගහගෙන දිව්වෙ.

      Delete
  3. මේ පාර අපි මාලිමාවට

    ReplyDelete
  4. මේගොල්ලො කියන හැටියට දවසට ලීටර් 8 දවසට 8 x 317 = රුපියල් 2,536 ත්‍රීවීල් ලක්ශ පහක් වුනොත්. 500,000x 2536 = මිලියන 2500 පමණ පැට්‍රල් පිච්චෙනවා. මේවා ඔක්කොම ජාතික ධනය, විදේශ විනිමය තමයි නැතිවෙන්නෙ. රජය මේගැන සොයා බලා ප්‍රවාහනය ගැන අලූත් විසදුම් කටයුතු කළ යුතුය.

    ReplyDelete
  5. කෝ බං අපි මලිමාවට කියලා ගහපු sticker එක

    ReplyDelete
  6. ත්‍රී වීල් අයියලා දැනගන්න ඕනෙ මේක අසාමාන්‍ය තත්වයක් නිසා වෙනද වගේ ඉන්ධන පාවිච්චි කරන්න බැහැ කියන එක.
    ඒ බව තේරුම් ගන්න බැරුව නිකම් බුරුවො වගේ කෑගහල වැඩක් නෑ. ඔය එක එක්කෙනා උදඝෝෂණය කර කර වැඩිපුර තෙල් ඉල්ලුවොත් මොකද වෙන්නෙ..? යුද්දෙ තව සුමාන දෙකක් දික් ගැසුනොත් ලීටර් 15 නෙවයි ලීටර් 5 ක්‌ වත් දෙන්න බැරිවෙයි. එතකොට මුන්ට හුජ්ජ වලින් තමයි ත්‍රීවිල් දුවන්න වෙන්නෙ.
    අනික කාර් එකකට දෙන්නෙත් ලීටර් 15 යිනෙ.
    මේ ගොබ්බයින්ට තේරෙන්නෙ නෑ ලෝකේ ඇතිවෙලා තියෙන අර්බුධය

    ReplyDelete
    Replies
    1. හුජ්ජ වලින් ත්‍රීවිල් දුවන ක්‍රමය තව මාස තුනකින් හඳුන්වාදෙනවා


      Delete
  7. ආ තොපිට 500ක් ඕනෙද? වරෙන් පක්කලි රෑන තොපිට පුකේ අරින්න

    ReplyDelete
    Replies
    1. පොල්තෙල් ටිකකුත් ගාගෙනම

      Delete
Previous Post Next Post