USS ඒබ්‍රහම් ලින්කන් නෞකාවට ඉරානයෙන් මිසයිල ප‍්‍රහාර...

 


ඉරාන නාවික හමුදාව එල්ල කළ කෲස් මිසයිල ප්‍රහාරයක් හේතුවෙන්, අමෙරිකානු එක්සත් ජනපදයට අයත් 'USS ඒබ්‍රහම් ලින්කන්' ගුවන් යානා වාහක නෞකාවට සිය ගමන් මාර්ගය වෙනස් කිරීමට සිදු වූ බව ඉරාන රජයේ මාධ්‍ය වාර්තා කරයි.

ඉරාන නාවික හමුදාව නිකුත් කළ නිල නිවේදනයකට අනුව, වෙරළාශ්‍රිතව ස්ථාපනය කර ඇති 'කාදර්'වර්ගයේ නෞකා නාශක මිසයිල මගින් මෙම ඉලක්කය ලබාගෙන ඇත.

අමෙරිකානු නෞකා සමූහයේ ගමන් බිමන් පිළිබඳව ඉරානය දැඩි අවධානයෙන් පසුවන බව නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් ෂහ්රම් ඉරානි  ප්‍රකාශ කර තිබේ.

අදාළ නෞකා සමූහය ඉරාන මිසයිල පද්ධතිවල පරාසය තුළට පැමිණි වහාම බලවත් ප්‍රහාර එල්ල කරන බවට ඔහු වැඩිදුරටත් අනතුරු අඟවා ඇත.

මෙම ප්‍රහාරයත් සමඟ අමෙරිකානු නෞකාවට සිය මුල් පිහිටීමෙන් ඉවත් වීමට සිදු වූ බව ඉරාන පාර්ශ්වය අවධාරණය කරයි.

3 Comments

  1. ට්‍රම්ප් සහ නෙටන්‍යාහු පකයන්ට සදා සොත්ති වෙන්න නෙලපල්ලා.

    ReplyDelete
  2. ඇත්තටම මේ අවස්ථාවේ චීනය දුරදිග සිතා ඉරානය මීට වඩා ශක්තිමත් කර දැවැන්ත තදබල දැනෙන ප්‍රහාරයක් ඇමරිකාවට ඵල්ල කලයුතුව ඇත.දැනටමත් ප්‍රමාද වැඩිය.විශේෂයෙන් චීනයට තදබල පාඩුවක් අවාසියක් වනවා නොඅනුමානයි ඉරානයට මෙලෙස ප්‍රහාරයන් ඵල්ල වීම.කළගුණ සලකා මීට වඩා යමක් ඉරානයට කලයුතුය.

    ReplyDelete
  3. පතිරණ ගලප්පත්තිMarch 26, 2026 at 1:01 AM

    මුල් පිහිටීමෙන් ඉවත් වෙන්ඩ වූ බව ඉරානය නේද පවසන්නේ? තම්බි කවද්ද යකෝ ඇත්ත පැවසුවේ. නැව් මුල් පිහිටීමේ හිටවගෙන ඉන් නෑ, යනව. මේකට ඇත්තටම ගැහුව, හැබැයි මිසයිල නාශක අවි වලින් ආපහු ගැහුව. මිසයිල 20ක් ගැහුව පිට පිට, 20 ටම ප්‍රථිප්‍රහාර එල්ල කරලා විනාශ කලා. ලංකාවේ සිංහල කොණකපාලලාට ආතල් දෙන්ඩ පච නිවුස් දානවා.

    ReplyDelete
Previous Post Next Post