රුපියල් බිලියන දහයක පමණ මැණික් ඇති බවට හඳුනාගෙන ඇති මොණරාගල කුඹුක්කන් ඔය ආශ්‍රිත ජලාශයට යටවන භූමියේ කැණීම් කටයුතු ආරම්භ කිරීමට නොහැකි වී තිබේ.
ඒ සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ එකඟතාව නොවීම ඊට හේතු වී ඇත.
මෙම භූමියේ නියමු පතල් කැණීම් ව්‍යාපෘතියක් සිදු කිරීම සඳහා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය රුපියල් පනස් හත් ලක්ෂයක ඇස්තමේන්තුවක් සකස් කර තිබූ අතර එහි මැණික් පවතින බව අනාවරණය කර ගැනීමට හැකි වී ඇත්තේ රුපියල් හත් ලක්ෂ පනස් දහසක් පමණක් වැය කරමින් 2021 වසරේ දී කළ ව්‍යාපෘතියෙනි.
එම වසරේ දී කැරට් හයසියයක පමණ මැණික් හමු වී තිබිණි. අවම බලපෑමක් යටතේ කැණීම් කර මැණික් ඉවත් කර ගත හැකි ඉල්ලම් සහිත ස්ථාන ද හඳුනාගෙන තිබේ.
එහෙත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ එකඟතාව නොලැබීම මත එම කැණීම් කටයුතු නතර කිරීමට අධිකාරියට සිදු වූ අතර පසුව යළිත් 2024 වසරේ දී අධිකාරිය දෙවැනි වරටත් කළ ඉල්ලීම දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේප කර තිබිණි.
මේ දක්වා එම අවසරය ලැබී නොමැති බව ජාතික විගණන කාර්යාල ආරංචි මාර්ග කීවේය.
දෙවැනි වරට එකඟතා ඉල්ලා තිබුණේ ඒ ආශ්‍රිතව රුපියල් බිලියන දහයක පමණ මැණික් ඇති බවට හඳුනා ගැනීම නිසා බවට දෙපාර්තමේන්තුවට දන්වමිනි.
අධිකාරියේ ඉල්ලීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව එකඟ නොවුව ද එම කාලයේ සිට ම එම ප්‍රදේශය ආශ්‍රිතව විශාල වශයෙන් අනවසර කැණීම් සිදු වන බව මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා ඇති ජාතික විගණන කාර්යාලය පෙන්වා දී තිබේ.
එම කාර්යාලය නිර්දේශ කර ඇත්තේ අමාත්‍යාංශ මට්ටමින් සාකච්ඡා කර නීත්‍යනුකූලව මැණික් ඉවත් කර ගැනීමට සුදුසු ක්‍රමවේදයක් සකස් කරන ලෙස ය.
මොනරාගල ප්‍රාදේශීය කාර්යාලය ඉකුත් 2024 වසරේ කර තිබෙන වැටලීම් අවස්ථා 38ක දී බලපත්‍ර ලබා නොගෙන ටිපර් රථ යොදා ගනිමින් ඉල්ලම් ප්‍රවාහනය, අනවසරයෙන් රජයේ ඉඩම්වල පතල් කැණීම හා ගඟ රක්ෂිතයට හානි වන ලෙස පතල් කැණීම කර තිබිණි.
නිලන්ත මදුරාවල

ඩේසි ආච්චි ගෙ ද?
ReplyDelete