අපට මෙහෙම යන්න බෑ.. මාලිමා මැති ඇමතිවරුන් 12ක් ලිපියකින් දැනුම් දේ..


පාලක පාර්ශවය නියෝජනය කරනු ලබන මහජන නියෝජිතයන් දොළොස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්
, වත්මන් පාලනයේ පවතින දුර්වලතා පෙන්වා දෙමින් ඒවා නිවැරදි කරන ලෙස ඉල්ලමින් පැලවත්ත පිහිටි ජාතික ජන බලවේග පක්ෂ මූලස්ථානය වෙත ලිපියක් යොමු කර තිබේ.

මෙම පිරිස අතර අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් දෙදෙනෙකු, නියෝජ්‍ය අමාත්‍යවරුන් තිදෙනෙකු සහ පසුපෙළ මන්ත්‍රීවරුන් හත් දෙනෙකු ඇතුළත් වන බව අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.

මෙලෙස අදහස් දක්වා ඇති පිරිස ජනතා විමුක්ති පෙරමුණේ මුල්කාලීන ක්‍රියාකාරීන් නොවන අතර, ඔවුන් පසුගිය මැතිවරණ සමයේ මාලිමා සන්ධානය සමඟ එක්වූ විද්වතුන් සහ වෘත්තිකයන් වීම විශේෂත්වයකි.

මොවුන් අතර හිටපු විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, ආරක්ෂක අංශවල විශ්‍රාමික ඉහළ නිලධාරීන්, නීතිඥයන් සහ වෛද්‍යවරුන් සිටින බව වාර්තා වේ.

දේශපාලනයට පිවිසීමට පෙර ස්වකීය වෘත්තීන් හරහා ඉහළ ආදායම් ලැබූ මෙම පිරිස, වත්මන් ආර්ථික තත්ත්වය හමුවේ තමන් මුහුණ දෙන මූල්‍ය අපහසුතා පිළිබඳවද පක්ෂයේ අවධානය යොමු කර ඇත.

මන්ත්‍රී ධුරයට පත්වීමෙන් පසු තම පෞද්ගලික ආර්ථික මට්ටම හුදෙක් යැපුම් මට්ටමකට සීමාවීම පිළිබඳව ඔවුන් සිය කනස්සල්ල පළ කර තිබේ.

අදාළ මන්ත්‍රී කණ්ඩායමේ දෙදෙනෙකු මේ වන විට විදේශගතව සිටින බවද පැවසේ.

3 Comments

  1. මොකක්ද ඔයාට තියෙන වැරැද්ද, කරුණාකරලා අපිට ටිකක් කල් දෙන්න, මොකද අපිට ඉන්දියාවට ආදායම් උපයන සියලුම මූලාශ්‍ර විකුණන්න කාලය අවශ්‍යයි.

    අනුර, ඔයාට බැහැ, කරුණාකරලා වහාම ගෙදර යන්න.

    ReplyDelete
    Replies
    1. ඔව් වහාම ගෙදර යන්න. අනුර ලොකුම කොමිස් කාක්කා. ලෝක හොරා

      Delete
  2. Ko ara hiru lal gana kiyapu boruwata samawa gaththa ewa thopidan nadda.

    ReplyDelete
Previous Post Next Post