කොළඹ එක රැලියක් කලාම ඉන්ධන ගොඩක් යනවා.. එනිසා රට පුරා රැලි 21ක් කරනවා..


 මෙවර ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් ජාතික ජන බලවේගය විසින් දිවයින පුරා මැයි දින සැමරුම් පෙළපාළි සහ රැලි 21 ක් සංවිධානය කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.

අද (29) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

පසුගිය වසරේ මැයි දින රැළිය කොළඹ ගාලු මෝදර පිටියේදී ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ සහභාගිත්වයෙන් අතිසාර්ථක ලෙස පැවැත්වූ බව සිහිපත් කළ ප්‍රධාන ලේකම්වරයා, මෙවර එම තීරණය වෙනස් කිරීමට හේතු වූ කරුණු පැහැදිලි කළේය. 

ලොව පුරා පවතින ඉන්ධන අර්බුදය කළමනාකරණය කිරීමට සහ බලශක්තිය සංරක්ෂණය කිරීම සඳහා රජයට සහාය දැක්වීමේ අරමුණින්, මෙවර මැයි දින සැමරුම් දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය මට්ටමෙන් විසිරී යන පරිදි සංවිධානය කිරීමට තීරණය කළ බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මෙමගින් ජනතාවට දුර බැහැර සිට කොළඹට පැමිණීමට සිදුවන ඉන්ධන වැයවීම පාලනය වන බව ජාතික ජන බලවේගයේ විශ්වාසයයි.

7 Comments

  1. කොළඹට ගේන්නැත්තේ හයිවේ ඒකේ එන උඹලගේ ගොන්නු බත් කාලා රීල යන අය හින්දා

    ReplyDelete
  2. කොළඹට ගොම අදිනවාට වඩා තැන් 21කට ගොම ගහන එක ලේසියි. තෑන්ක් යූ.

    ReplyDelete
  3. උඹලා වෙනුවෙන් දැන්නම් එන්න ඉන්නේ අර පරණ 3% ගොං ගොඩේ ඉරිසියා හැත්ත විතරයි

    ReplyDelete
  4. Dai Mayina....thopita aapahu 3% ma thama..may dina thiyala wedak ne.

    ReplyDelete
  5. ආරියතිලක

    ජනාධිපතිවරයා විසින් 2024 මැතිවරණ දෙකට පෙර ජනතාවට කියන ලද බොරු හා දෙන ලද බොරු පොරොන්දු වල තරම කොතෙක් ද යත් මහ ජනතාව අතරට එන්න බැරි තරමට ම මේ මැයි කම්කරු දිනය වන විට පත් වී අවසානයි. කොළඹට සෙනඟ ඇදීම පක්ෂ සාමාජිකයන් මගින් ඉටු කිරීම ජවිපෙට ප්‍රශ්නයක් නොවනු ඇත. ඒත් පොදු මහ ජනතාවගේ වෙනදා දුන් සහයෝගය ගිලිහී ඇත්තේ ය.

    මහ බැංකු වංචාවේ මහ මොළකරුවන් අත් අඩංගුවට ගන්නවායැයි කියූ අය කිසිත් නො කර බොරුවෙන් ම රට මුලා කොට, ඇමරිකානු ඩොලර් මිලියන 2.5 ක් හොර පාරේ යන්න ඉඩ දීම කොතරම් නින්දා සහගත ද? කටේ නරිවාදම රෙද්ද පල්ලෙන් බේරෙනවා කියන සිංහල කියමන මේ පුද්ගල සිදුවීම්වලට හොඳින් ගැල්පී යයි. කම්කරු වීරයින් යයි කියාගෙන බලයට පත් වී මේ වන විට කරන ලද විනාශයට වඩා විනාශයකට රට පත් නොවීමට මොවුන් ක්‍රියා නොකරාවි යයි නො සිතිය හැක. රටේ රැකවරණනය ආරක්ෂක හමුදා හා මහජතාව අතේ ය. කැරලිකාර හොරමුලකින් රට බේරා ගත යුතු ය

    ReplyDelete
  6. ජය පිට ජය ලබනා ජවය බළය අසමසම ශක්තිය පිළිබදව අවභෝදයෙන් අවධානයෙන් සිටීම සදහාම සිදුකරනා ගෞරවාන්විතවූ සිහිගැන්වීමයි,.!April 29, 2026 at 1:14 PM

    ෴ "දෙවන පරපුරේ නායක උවිදු විජේවීර" නැගීඵන නව නායකත්වයේ දීප්තිමත් තාරකාවට බුද්ධිමත් ප්‍රවේශයක් සදහා නියත නිශ්චිත අවස්ථාවක් උදාවී අැතිබව සිව්හෙළයේ අසමසම සටන් කරැවන්හට , සැබෑ නිදහසේ නොනවතින සටනේ අසමසම පුරවැසියන්හට, අවස්ථානෝචිත ප්‍රඤාව සහිත සබුද්ධික විචක්ෂණශීළී සටන්කරැවන්ට, මහජන බලවේගයේ පෙර ගමන් කරැවන්හට, කල්යල් බලා සූදානම් වීම ජය පිට ජය ලබනා ජවය බළය අසමසම ශක්තිය පිළිබදව අවභෝදයෙන් අවධානයෙන් සිටීම සදහාම සිදුකරනා ගෞරවාන්විතවූ සිහිගැන්වීමයි,.!෴



    පාස්පෝට් වංචාව,ඩිගිටල් හැදුනුම්පත් වංචාව ත්‍රීකුණාමලය ඉන්දියාවට පාවා දීමේ අති දැවන්ත වංචාව, නීලකාස හොර සාටක ජුන්ටාව වඩා සූකෂම ලෙසට ,මහබැංකුව මහදවල් බිදදැමූ අතට අහුවෙන සෑම දේ කජු කන්නාසේ විකුනන, විකුනන වික්කම කජු මුත්තාට වඩා සූකෂම ලෙසට,ලෝකයේ බලශක්ති දැවැන්තයා වන
    රැසියාව වැනි දැවැන්ත බොරතෙල් ගෑස් ,පොහොර නිශ්පාදනය කරනා රාජ්‍යයේ /සොරකමට දූශනයට දැඩිලෙස වැට බදිනා රාජ්‍ය දෙකක් සමග අත්සන් තබනා ද්වීපාර්ශවීය ගිවිසුම් මගහැර බොරතෙල් කදුලක් නිශ්පාදනය නොකරනා ඉන්දියාවෙන් සහ අනෙකුත් දූශිත රටවලින් දූශිත ගනුදෙනු සදහාම පහසුකම් සපයන දූශිත රටවලින් බොරතෙල් ගෑස් සහ පොහොර මිලදී ගැනීමේ රහස ගැඹුරින් සිතා බැලීමට කුණුකූඩයට වැටී අැති සමස්ථ සැබෑ ජෙප්පන්ගේ අැතුලු තවමත් කූඪ වංචනීක හැකරැන් පිලිබදව විශ්වාසය තබා දූශනය වංචාව පිටුදකිනාතුරැ මර නින්දේ සිහින දකිනා, අවංක අව්‍යාඡ පුරවැසියන්ගේ දැඩි අවධානයට,.!

    ReplyDelete
  7. එන රැස්වීමක් තිබ්බොත් සෙනඟ අඩු බව පේනවනේ, ඒක නිසා දිස්ත්‍රික්ක වලට කැඩුවා. කොහොමද සීයාගේ ටිකිරි මොලේ.

    ReplyDelete
Previous Post Next Post