බහාලුම් 323ක පරීක්ෂණය අර්බුදයක.. සාක්ෂිකරුවන් කැඳවීමේ විපක්ෂයේ ඉල්ලීම ආණ්ඩුවේ බහුතරයෙන් ප්‍රතික්ෂේප කරයි..


 කොළඹ වරාය හරහා කිසිදු භෞතික පරීක්ෂාවකින් තොරව පිටව ගොස් ඇති බව කියන ආන්දෝලනාත්මක බහාලුම් 323 පිළිබඳ සොයා බැලීමට පත්කළ විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ කටයුතු දැඩි උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ.

අදාළ සිදුවීමට අදාළව කරුණු විමසීම සඳහා විපක්ෂය නියෝජනය කරන කාරක සභා සාමාජිකයන් ඉදිරිපත් කළ ප්‍රධාන සාක්ෂිකරුවන් සිව්දෙනෙකු කැඳවීමේ යෝජනාව, ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ බහුතර ඡන්දයෙන් අද දින ප්‍රතික්ෂේප වී ඇත.

විපක්ෂය වෙනුවෙන් පෙනී සිටින මන්ත්‍රීවරුන් වන අජිත් පී. පෙරේරා, දයාසිරි ජයසේකර, මුජිබර් රහුමාන් සහ ඩී. වී. චානක යන මහත්වරුන් විසින් මෙම සාක්ෂිකරුවන් කැඳවන ලෙස ඉල්ලා තිබුණි. එම ලැයිස්තුවට පහත පුද්ගලයින් ඇතුළත් විය.

  • අනුර කුමාර දිසානායක මැතිතුමා (මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස).
  • බිමල් රත්නායක මැතිතුමා (අදාළ සිදුවීම සිදුවන සමයේ වරාය විෂය භාර අමාත්‍යවරයා ලෙස).
  • ජනිත රුවන් කොඩිතුවක්කු මැතිතුමා (අදාළ කාලය තුළ වරාය කටයුතු භාර නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස).
  • මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා (රේගු දෙපාර්තමේන්තුව සම්බන්ධ වාර්තා ඉදිරිපත් කිරීම සඳහා).

කාරක සභාවේ මුළු සාමාජික සංයුතියෙන් 8 දෙනෙකු රජය නියෝජනය කරන අතර විපක්ෂය නියෝජනය කරනු ලබන්නේ සාමාජිකයන් 4 දෙනෙකු පමණි. විපක්ෂ මන්ත්‍රීවරුන් චෝදනා කරන්නේ මෙම බහුතර බලය භාවිතා කරමින්, සිද්ධියට අදාළ සැබෑ තොරතුරු අනාවරණය කර ගැනීමට ඇති අවස්ථාව රජය විසින් අවහිර කර ඇති බවයි.

විශේෂයෙන්ම විෂය භාර අමාත්‍යවරුන් සහ නිලධාරීන් සාක්ෂියට කැඳවීමකින් තොරව මෙවැනි මහා පරිමාණ අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් විධිමත් වාර්තාවක් සකස් කරන්නේ කෙසේදැයි විපක්ෂය ප්‍රශ්න කර සිටියි.

මෙම විශේෂ තේරීම් කාරක සභාව ගරු හර්ෂණ නානායක්කාර මැතිතුමාගේ සභාපතිත්වයෙන් යුතුව ක්‍රියාත්මක වේ. කෙසේ වෙතත්, සාක්ෂිකරුවන් කැඳවීමේ යෝජනාව මෙලෙස ප්‍රතික්ෂේප වීමත් සමඟ කාරක සභාවේ ඉදිරි කටයුතුවල විනිවිදභාවය පිළිබඳව දැඩි කතාබහක් මතුව තිබේ

6 Comments

  1. රේගුව බාර ලප බදු අඟුරු කුමාර කොටාට. ඌ තමයි ඕකට වග කියන්න ඔනේ පල් හොරා.

    ReplyDelete
  2. අනුර කුමාර දිසානායක උතුමාණෝ, බිමල් රත්නායක මැතිතුමාණෝ සහ ජනිත රුවන් කොඩිතුවක්කු තුමාණෝ යනු ජවිපෙ ප්‍රභල ක්‍රියාකාරීන් වෙති. ඔවුන් හොරකමට කප් ගසා චාටර් වුනු ලාල් කාන්තලා වඳුරු කුමාරලා මෙන් නොව රහසින්වත් හොරකමක් නොකරන අදුෂිත සුපිරිසිදු මහත්වරුන් වෙති.
    අනිත් හාදයා ජෙප්පෙක් උනත් ඔහු ගැන අප දන්නේ නැත.


    ReplyDelete
  3. ලෝක හොරු දැන්වත් ඉල්ල අස්වෙන්න. මේ කොන්ටේනර් වල කුඩු තියෙන්නෙ. ලංකාවේ තරුන පරපුර වෙනත් ආකරයකින් විනාශ කරන්න මාන බලනවා

    ReplyDelete
  4. අපි මාලිමාවට , මාලිමාව අපිට

    ReplyDelete
  5. Maalimawa kudu rajawarunge athey

    ReplyDelete
  6. හර්ෂණ නානායක්කාර තමයි හොඳටම කරන්නේ. නොදකින් විතරක් kaithanla.

    ReplyDelete
Previous Post Next Post