ලෝක වෙළඳපොළේ පවතින වත්මන් මිල ගණන් අනුව මෙරට සාමාන්‍ය ඩීසල් ලීටරයක මිල රුපියල් 600ක මට්ටම දක්වා ඉහළ යාමේ දැඩි අවශ්‍යතාවයක් පවතින බව ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා පවසයි.
දැනට මෙරට ඩීසල් ලීටරයක මිල රුපියල් 382ක් වැනි මට්ටමක පැවතියද, ලෝක වෙළඳපොළ තත්ත්වය හමුවේ මෙම මිල පවත්වාගෙන යාම අසීරු බව ඒ මහතා පෙන්වා දෙයි.
පවතින තත්ත්වය අනුව මෙම මිල සංශෝධනය දැනටමත් සිදුවිය යුතුව තිබූ එකක් වුවද, අලුත් අවුරුදු සමය හේතුවෙන් එය ප්‍රමාද වී තිබිය හැකි බවත්, බොහෝ විට අලුත් අවුරුද්දෙන් පසුව ඩීසල් මිල ඉහළ දැමීමට සිදුවනු ඇති බවත් ඔහු සඳහන් කළේය.
මිල වැඩි කිරීමක් සිදු නොකරන්නේ නම් ඒ සඳහා රජයට අනිවාර්යයෙන්ම සහනාධාරයක් ලබා දීමට සිදුවන බව පෙන්වා දෙන ධනනාත් ප්‍රනාන්දු මහතා, එම සහනාධාරය ලබා දීම හරහා මෙරට විදේශ සංචිතවලට මෙන්ම රුපියල අවප්‍රමාණය වීමටද විශාල අවදානමක් පවතින බව අවධාරණය කළේය.
තවද මෙවැනි සහනාධාර බොහෝ විට ගලා යන්නේ දැනටමත් යම් ආර්ථික මට්ටමක් ඇති පිරිස් වෙත බවද ඔහු පෙන්වා දුන්නේය.
ඩීසල් මිල වැඩි කිරීම හරහා ජනතාවට සහ ආර්ථිකයට විවිධ බලපෑම් එල්ල විය හැකි වුවද, පවතින අසීරු විකල්පයන් අතරින් අවම බලපෑමක් සිදුවන තෝරා ගැනීම වන්නේ මිල සංශෝධනය කිරීම බව ඒ මහතාගේ අදහසයි.
සහනාධාර ලබා දීම මගින් රටේ මූල්‍ය ස්ථාවරත්වයට එල්ල වන බලපෑම, මිල වැඩි කිරීමකදී සිදුවන බලපෑමට වඩා බරපතල විය හැකි බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මූ තමයි ඇඩ්වකෝට එකේ ඉන්න IMF කුක්කා
ReplyDeletediesel is pumping to power plants to cover KOMIS coal energy gap @ NORACHCOLE
Deleteකමක් නෑ වැඩි කරන්න . දුන් ඡන්දෙට වටිනාකමක් ඕන නොවැ.
ReplyDeleteකමක් නෑ, වැඩි කරන්න. මම චන්දෙ දුන්නේ නම් මාලිමාවට නෙමෙයි, ඒත් දැන් මමත් මාලිමාවට...ඩීසල් ලීටරේ 1000 ට වැඩි කලත් කමක් නෑ...පෙට්‍රලුත් 1000 ට වැඩි කරන්න. මාලිමාවට චන්දෙ දුන්න එවුන්ට වටිනාකමක් දෙන්න පුළුවන් මෙහෙම තමයි.
ReplyDeleteඅප්‍රේල් වල 1000 ට වැඩි කරලා මැයි වෙද්දි 1500 කරන්න.
මම ඡන්දෙ දුන්නෙත් මාලුමාමට. ඩීසල් ලීටරේ 50000 ට වැඩි කලත් මම දෙන්නෙ මාලුමාමට.
Delete