මෙරට ගොවි ජනතාවගේ විශ්රාම දිවිය අභිමානවත් විශ්රාම දිවියක් කිරිම සදහා කෘෂිකර්ම සහ ගොවි රක්ෂණ මණ්ඩලය මගින් හදුන්වා දුන් ගොවි රක්ෂණ ඔප්පු ප්රදානය කිරිමේ උත්සවයක් (01) දින මස්කෙළිය සාමිමලේ නගරයේ උත්සව ශාලාවකදී පැවැත්විණ.
මස්කෙළිය පොලිස්වසමට අයත් අප්කට්, ඔල්ටන්, මානෙළු, මීරියාකෝට්ට යන ප්රදේශවල එළවලු වගා කරන ගොවීන් නව ගොවි විශ්රාම වැටුප් යෝජනා ක්රමයේ සාමාජිකත්වය ලබා ගෙන තිබුණි.
කෘෂිකර්ම සහ ගොවි රක්ෂණ මණ්ඩලයේ ලියාපදිංචි වූ වතුකරයේ ගොවීන් 241 දෙනෙකුට රක්ෂණ ඔප්පු ප්රදානය කිරිම (01) දින සිදු කල බවයි කෘෂිකර්ම පරියේෂනායතයේ නිශ්පාදන සහකාර සරත් කුමාර මහතා කියා සිටියේ.
නුවරඑලිය දිස්ත්රික්කයේ ප්රථම වතාවට මෙතරම් සාමාජික පිරිසකට ගොවි විශ්රාම රක්ෂණ ඔප්පු ප්රදානය කිරිම සිදු කල බවයි සරත් කුමාර මහතා කියා සිටියේ.
මෙම අවස්ථාවට නුවරඑලිය දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රීනි ක්රිෂ්ණන් කලෙයිචෙල්වි මෙනවිය, හැටන් දික්ඔය නගර සභාවේ සභාපති අසෝක කරුණාරත්න මහතා ඇතුලු ආරාධිතයින් රැසක් සහභාගි වි සිටියහ.

යන්තම් ඇති පොඩ්ඩක් හරි ධනාත්මක ප්රවෘත්තියක් දැම්මා. දැන් ඉතින් රාජපස්සගෙ සරම පල්ලෙන් වැටිච්ච වහල්ලු ටික එයි මේකටත් එව්ව මෙව්ව කියාගෙන. නිදහස් චින්තනයක්, උගත්කමක්, වැදගත්කමක් නැති වහල්ලු නේ, දෙකට නැමීගෙන ඉන්න.
ReplyDeleteහැම එකටම බුරනව
Delete