කසිප්පු වැටලීමට ගිය පොලිස් නිළධාරින්ට ප්‍රහාරයක්.. හතක් රෝහලේ...

 


කොත්මලේ වෙදමුල්ල රම්බොඩ ප්‍රදේශයේ රක්ෂිතයක පවත්වාගෙන යන නීති විරෝධී මත්පැන් ස්කාගාරයක් වැටලීමට ගිය කොත්මලේ පොලිසියේ නිළධෘරින් 07 දෙනෙකුට (01) දින බඹර ප්‍රහාරයක් එල්ල වී ඇත.

රක්ෂිතය තුල ගමන් කිරිමෙදි ගසක බැද තිබූ බඹර කුඩුවක් පවතින අධික වියලි කාලගුණයත් සමග ඇවිස්සි එම වැටලිමට ගිය කොත්මලේ පොලිසයේ අපරාධ විමර්ෂණ ඒකකයේ ස්ථානාධිපතිපතිවරයා ඇතුලු පොලිස් නිළධාරින් 07 දෙනෙකුට බඹරුන් විශාල ලෙස දශ්ඨ කර තුවාල කර ඇති බවයි කොත්මලේ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ඉන්දික ලලිත් මහතා කියා සිටියේ.

වැටලීමට ගිය පොලිස් නිළධාරින්ට බඹර ප්‍රහාරයක් එල්ල වී ඇති බවට ලද තොරතුරක් මත 1990 සුවසැරි ගිලන් රථ දෙකක් එම රක්ෂිතය ආසන්නයට ගෙනවා තුවාලකරුවන් 07 දෙනා ගෙන් දෙදෙනෙකු කොත්මලේ ප්‍රාදේශීය රෝහල වෙත ඇතුලත් කර බරපතල තත්වයේ සිටි පොලිස් නිළධාරින් 5 දෙනෙකු නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කර ඇති බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

බඹර ප්‍රහාරයට ලක් වූ පොලිස් නිළධාරින් තිදෙනෙකුගේතත්වය බරපතල බවයි නුවරඑලිය දිස්ත්‍රික් රෝහලේ නිළධාරියෙකු කියා සිටියේ.

රංජිත් රාජපක්ෂ 

1 Comments

  1. මම පරිපාලන සේවයේ නොවන කණිෂ්ඨ රාජ්‍ය සේවකයෙක් (ටිකක් නවක), මේ ලගදී අධිකරණ නියෝගයක් ලැබුණා රජයේ ඉහල තනතුරු පරිපාලන සේවා ව්‍යවස්ථාවට හොරෙන් ම ඇතුළුකරගැනීම වැරදි බව. එකම විශ්ව විද්‍යාලයෙන් එකම උපාධිය සහ අනෙක් සුදුසුකම් ලබාගෙන පැමිණනෙ සියලු දෙනා එක් සේවයකට අයත් වීම මත ඉහල තනතුරු දැරීම සුදුසුද? පරිපාලන සේවා ව්‍යවස්ථාව අනුව (විවෘත) ඔනැම උපාධියක් හරහා සේවයට පැමිණීමට හැකි අතර, අප සේවාවට ඇතුලත් ව ඇත්තේ විශේෂඥ අවශ්‍යතාවය සැපිරීම සදහා අදාල විෂය දැනුම ඇතිවය. මෙහිදී උදාහරණයක් ලෙස ඉංජිනේරු වෘත්තිකයන්ට උපදෙස් දීමට පත්වන්නේ කාලා උපාධියක් සහිත පරිපාලන සේවා නිලධරින්ය. විෂය දැනුම නොමැත්තා ඉහල නිලයකට පත්වෙන බැවින් තිරණ දීමට නොහැකියාව මත මෙරටට අවුරුදු 76 ක් සාපයක් ගැන කතා කරන්නාසේ පරිපාලන සේවාවේ මෙකී සාපය ගැන කතා නොකරන්නේ ඇයි. ආණ්ඩු පක්ෂය, විපක්ෂය සහ අනෙකුත් පක්ෂ මේ සම්බන්ධව දැනුවත් විය යුතුයි. මේ ගැන කිසිම පුවත් පතක් නිවැරදි තොරතුරු පලනොකළ බැවින, මෙම නිලධාරීන් අධිකරණ තීන්දුවට වංගුවක් ගසා හොර පාරක් සැකසීමට උත්සාහ දරන්නේ නම් අධිකරණයට අපහාසයක් වනු ඇත. විෂයය දැනුම අය විෂයය ක්ෂේත්‍රයේ ඉහල තනතුරු දැරීම රටේ සංවර්ධනය අඩාල වීමට බලපාන්නේ කෙසේද යන්න ගැටළුවකි

    ReplyDelete
Previous Post Next Post