ඉදිරි කාලසීමාව තුළ රට තුළ සැලකිය යුතු මට්ටමේ ඉන්ධන ගැටළුවක් සහ ඒ හා සබැඳි විදුලි බල ගැටලු මෙන්ම ආර්ථික දුෂ්කරතා මතු වීමේ අවදානමක් පවතින බව නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා පවසයි. අලුතින් පත්වූ රජය මෙම තත්ත්වය මැනවින් කළමනාකරණය කරමින්, ජනතාව පීඩාවට පත් නොවීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ද ඒ මහතා අවධාරණය කළේය.
නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ ඉන්ධන සහ විදුලිය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් උද්ගත විය හැකි බව රජය විසින් හඳුනාගෙන ඇති බවයි.
විශේෂයෙන්ම ඉදිරියේදී එළඹෙන උත්සව සමය තුළ පවතින ආර්ථික වාතාවරණයත් සමඟ සාමාන්‍ය ජනතාව පීඩාවට පත්වීමේ හැකියාවක් පවතින බව ද ඔහු සඳහන් කළේය.
මෙම පීඩාකාරී තත්ත්වයෙන් ජනතාව මුදාගැනීම සඳහා රජය දැනටමත් තීන්දු තීරණ රාශියක් ගෙන ඇති අතර, ඉන්ධන, විදුලිය සහ ආර්ථික ගැටලුවලට මුහුණ දීම සඳහා විධිමත් වැඩපිළිවෙළ රැසක් සූදානම් කර ඇති බව දිසානායක මහතා පැවසීය.
මෙහිදී අත්‍යාවශ්‍ය කණ්ඩායම් හඳුනාගෙන ඔවුන් වෙනුවෙන් සහනදායී වැඩපිළිවෙළක් සකස් කිරීමට රජයේ විශේෂ අවධානය යොමුව ඇති බව ද හෙතෙම අනාවරණය කළේය.
රජය පවතින තත්ත්වය කළමනාකරණය කිරීමට උත්සාහ කරන විට, "බංකොලොත් වූ විපක්ෂය" කලබලයට පත්ව සිටින බවට නියෝජ්‍ය අමාත්‍යවරයා චෝදනා කළේය.
ආණ්ඩුවට සාධනීය විවේචනයක් ඉදිරිපත් කිරීමට නොහැකිව විපක්ෂය කුඩා සිද්ධීන් මතු කරමින් රජය අපහසුතාවයට පත් කිරීමට උත්සාහ කරන බව ද ඔහු පැවසීය.
විශේෂයෙන්ම ඉරානය ආශ්‍රිතව මතුව ඇති යුදමය තත්ත්වය වැනි ජාත්‍යන්තර කරුණු පවා පාවිච්චි කරමින් ආණ්ඩුව වට්ටන්නට විපක්ෂය මාන බලන බවත්, විසිරී සිටි විපක්ෂයේ කණ්ඩායම් දැන් එකතු වී ආණ්ඩුවට එරෙහිව කටයුතු කිරීමට සූදානම් වන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
එහෙත් එවැනි උපක්‍රම මගින් රජය සැලෙන්නේ නැති බව ද නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා අවධාරණය කළේය

ගමයා උඹ තුවක්කුව දාල දුවනකොට අර අත්තික්ක ගහේ රැඳිච්ච සිඋර ගෙනෙන් බං
ReplyDeleteගරිල්ලා පචයෝ.
ReplyDelete