කාසල්ජි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමු ඔයේ ගිලි පාසල් සිසුවෙකු අතුරුදහන් වී ඇති බව නෝර්වුඩ් පොලිසිය පැවසීය.
මෙසේ දියේ ගිලි අතුරුදන් වී ඇත්තේ, නෝර්වුඩ් අයර්බි දෙමළ මහා විද්‍යාලයේ 11 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි එස්.වාගීෂන් නැමති නොර්වුඩ් වත්තේ පදිංචිව සිටි පාසල් සිසුවෙකි.
අතුරුදහන් වී ඇති පාසල් සිසුවා තවත් මිතුරන් කිහිපදෙනෙකු සමග (04) දින පස්වරුවේ නෝර්වුඩ් කෙසෙල්ගමු ඔයේ සිල්වර් වලේ පැන දිය නාමින් සිටියදී එක් වරම අතුරුදහන් වී ඇත.
අතුරුදහන් වූ සිසුවා ගෙඩ ගැනීමට ඔහුගේ මිතුරන් උත්සහ කලත්, සිසුවා දියේ ගිලුණ ස්ථානය අධික ගැඹුුරු ස්ථානයක් බැවින් පසුව එම සිසුන් විසින් නෝර්වුඩ් පොලිසියට කල දැනුම් දිමක් මත නෝර්වුඩ් පොලිසිය විසින් මෙහෙයුමක් දියත් කර ඇත
-
රංජිත්
රාජපක්ෂ
