2025-2026 වාරය සඳහා නොරොච්චෝල ලක්විජය බලාගාරයට ගල්අඟුරු මිලදී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ බරපතල විෂමතා සහ අක්‍රමිකතා රැසක් සිදුව ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ විශේෂ විගණන වාර්තාවකින් හෙළි වී තිබේ.
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) කරන ලද ඉල්ලීමකට අනුව විගණකාධිපතිවරයා මෙම පරීක්ෂණය පවත්වා ඇත.
විගණන වාර්තාවට අනුව, අදාළ ප්‍රසම්පාදනය සඳහා ලංසු කැඳවන අවස්ථාව වන විට ලියාපදිංචිය සම්පූර්ණ කර නොතිබූ සැපයුම්කරුවන් තිදෙනෙකුට ලංසු ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දී තිබේ. විශේෂත්වය වන්නේ මෙම ප්‍රසම්පාදනය සඳහා තෝරාගත් සමාගම ද ලංසු කැඳවන දිනය වන විට සිය ලියාපදිංචිය තහවුරු කර නොතිබූ බව විගණනයේදී නිරීක්ෂණය වීමයි.
මිලදී ගන්නා ගල්අඟුරු නියමිත ප්‍රමිතියෙන් යුක්ත දැයි පරීක්ෂා කිරීම සඳහා විකුණුම්කරු විසින් පත් කරන ලද MitrasK South Africa සමාගමට අදාළ ප්රමිතීන් පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය ප්‍රතීතනයක් නොතිබූ බව වාර්තාව පෙන්වා දෙයි.
මේ හේතුවෙන් පරීක්ෂණ වාර්තා නිකුත් කිරීමේ වගකීම පැවරුණු ඉන්දුනීසියානු සමාගමක බලපත්‍රය ද 2025 දෙසැම්බර් වන විට අවලංගු වී තිබූ අතර,
2026 මාර්තු වන විටත් එය යාවත්කාලීන කර තිබූ බවට සාධක හමු වී නැත. එසේ තිබියදීත්, අදාළ ප්‍රතීතනය නොමැති සමාගම නිකුත් කළ වාර්තා මත පදනම්ව නැව් තොග 12ක් භාරගෙන ඇති බව විගණනයේදී අනාවරණය වී තිබේ.
ලංකා ගල්අඟුරු සමාගම 2025 වසරේ නොවැම්බර් සිට දෙසැම්බර් දක්වා වූ දින 40ක උපරිම කාල සීමාව තුළ කිසිදු ගල්අඟුරු නැව් තොගයක් මෙරටට ගෙන්වා ගැනීමට අපොහොසත් වී ඇති බව විගණකාධිපතිවරයා පෙන්වා දෙයි.
මේ හේතුවෙන් පසුගිය මාර්තු 18 වන දින හදිසි ප්‍රසම්පාදනයක් හරහා ගල්අඟුරු මිලදී ගැනීමට සිදු වී ඇත. එහිදී තෝරාගත් 'ටරන්ජට් රිසෝස්' නැමති පුද්ගලික සමාගම, මීට පෙර අවස්ථාවලදී බලාගාරයට අවශ්‍ය තාපජ අගය සහිත ගල්අඟුරු සැපයීමට අපොහොසත් වූ, ප්‍රතික්ෂේපිත මට්ටමේ සිටි සමාගමක් බව ද හෙළි වී තිබේ.
ප්‍රසම්පාදන ක්‍රියාවලියේ පවතින මෙම දුර්වලතා සහ නියමිත පරිදි ගල්අඟුරු තොග ගෙන්වා ගැනීමට නොහැකි වීම හේතුවෙන්, ඉදිරියේදී ලක්විජය බලාගාරයේ කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය ගල්අඟුරු හිඟයක් ඇති විය හැකි බව විගණන වාර්තාව අනතුරු අඟවයි.
මෙය මෙරට අඛණ්ඩ විදුලි බල සැපයුමට අවාසිසහගත ලෙස බලපෑ හැකි බව විගණකාධිපතිවරයා සඳහන් කරයි.
ගල් අඟුරු නිසි ප්‍රමිතියට නොමැති වීම හේතුවෙන් සිදුවූ පාඩුව රුපියල් කෝටි දෙසිය විසි හතරකට ආසන්න බව වාර්තාවේ සඳහන්වේ.
පළමු නැවෙන් රුපියල් කෝටි 16 කට වැඩි පාඩුවක්ද දෙවෙනි නැවෙන් රුපියල් කෝටි නවයකට වැඩි පාඩුවක්ද තෙවැනි නැවෙන් රුපියල් කෝටි 31 කට වැඩි පාඩුවක්ද සිවු වැනි නැවෙන් රුපියල් කෝටි පහළොවකට වැඩි පාඩුවක්ද පස් වැනි නැවෙන් කෝටි දහ අටකට ආසන්න පාඩුවක්ද හයවැනි නැවෙන් කෝටි තිහකට ආසන්න පාඩුවක්ද හත්වැනි නැවෙන් රුපියල් කෝටි 24කට වැඩි පාඩුවක්ද අටවැනි නැවෙන් රුපියල් කෝටි තිස් නවයකට වැඩි පාඩුවක්ද දහවැනි නැවෙන් රුපියල් කෝටි 39කට වැඩි පාඩුවක්ද මෙසේ සිදුව ඇති බව වාර්තාව සඳහන් කරයි.
මෙම ගල් අඟුරු භාවිතයෙන් පූර්ණ ධාරිතාවය එනම් මෙගාවොට් 300ක ධාරිතාව ගැනීමට නොහැකි වීම මත විකල්ප මූලාශ්‍රයකින් අතිරේක බලශක්තිය උපයා ගැනීමට සිදුවුවහොත් එසේ අතිරේකව උපයා ගතයුතු ඇස්තමේන්තු ගත බලශක්ති ප්‍රමාණය කිලෝ වොට් පැය 76354087ක් බව එහි දැක්වේ

මේ වාර්තාව පිලියලකල විගණකාධිපතිවරයා මහින්දගේ මිනිහෙක් කියාගන එයි දැන් ජෙප්පො.
ReplyDeleteeka thamai GALAGURA kala balalada genna kiyanne kiyala ahuwe
ReplyDeleteape Hundauwa
රුපියල් කෝටි දෙසිය විසි හතරකට
ReplyDeleteapi meke bara janathawta denne naha, paksa aramudelen gewana
ekata thamai padiya kapaganne, pansion nathi kale,
මේ මංකොල්ලයට සම්බන්ධ කවුරුහරි ඉන්නවනම්, එයාලා එල්ලා මැරෙන්න ඕනේ, මොකද මේ වගේ උන් නිසා මුළු රටම දුක් විඳිනවා. ඩීසල් වියදම පියවා ගන්න අධික විදුලි බිල්පත් ගෙවීම, වතුර කපන එක ඕන තරම් තියෙනවා.
ReplyDeleteගෙදර යන්න අනුර, ඔයාටයි ඔයාගේ සමලිංගික කල්ලියටයි මේක කරන්න බෑ.
"ගල් අඟුරු නිසි ප්‍රමිතියට නොමැති වීම හේතුවෙන් සිදුවූ පාඩුව රුපියල් කෝටි දෙසිය විසි හතරකට ආසන්න බව වාර්තාවේ සඳහන්වේ"
ReplyDeleteරුපියල් කෝටි දෙසිය විසි හතරක් කොස් ඇටද කජු ඇටද?
වෙන ආණ්ඩුවක් තිබුන වෙලාවක එහෙම මේක සිද්ධවුනානම් බලන්ඩ තිබුන ජෙප්පො ඩෙඟා නටන ඩෙඟා නැටිල්ල.
Deleteකෝ මේ ඩෝබිලා? ඉක්මනට, ඉක්මනට ඇවිල්ලා හෝදපල්ලා.
ReplyDeleteකෝ මේ ඩෝබිලා? ඉක්මනට ඉක්මනට ඇවිල්ලා හෝදපල්ලා.
ReplyDeleteඅර ගල්අඟුරු කන්නෙ නැහැයි කියපු හුන්ඩුවාව ගෙන්නල ඌට මේ රිපෝට් එක කන්ඩ දෙමු.
ReplyDeleteකතානායක පොන්සියා ගැන පැමිණිලිකල පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ට අත්වුන ඉරණම මේ වාර්තාව
ReplyDeleteපිලියලකල විගණකාධිපතිවරයාටත් සිද්ධ වෙයිද?
එය විය හැක
Deleteමේ වාර්තාව සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කල යුතුය. මෙම වාර්තාවේ කිසිදු තැනක ගල් අඟුරු ඛේදවාචකයට පසුගිය ආණ්ඩුව හෝ රාජපක්ෂ වරුන් වගකිව යුතු බවට කිසිදු සාක්ෂියක් නොමැති වීම එයට හේතුවයි'
ReplyDeleteපළමුකොට නීතිපති වරයා තාවකාලිකව හෝ නිවාඩු යැවිය යුතුයි. එම තනතුරට කක්කි සුදා පත්කොට වාර්තාව නැවත නිකුත් කල යුතුයි. එහි අනිවාර්යයෙන්ම ගල් අඟුරු වල තත්වය බාල වීමට පසුගිය ආණ්ඩුව සහ රාජපක්ෂ පවුල සම්බන්ද බව සටහන් විය යුතුය.
හෝදමු තව හෝදමු,
ReplyDeleteඇස් ලොකුකර, කට උල්කර
හෝදමු, තව හෝදමු
හෝදමු තව හෝදමු,
ReplyDeleteඇස් ලොකුකර, කට උල්කර
හෝදමු, තව හෝදමු