ශ්‍රී ලංකාවට නිරිත දෙසින් වූ ගැඹුරු මුහුදේදී නාවික හමුදාව විසින් සිදුකරන ලද විශේෂ මෙහෙයුමකින්, මත්ද්‍රව්‍ය බහාළු බවට සැකකෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ දේශීය බහුදින ධීවර යාත්‍රාවක් සැකකරුවන් 06 දෙනෙකු සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් දික් ඔ්විට වරායට රැගෙන විත් ඇති අතර ඉදිරි විමර්ශණ හා නීතිමය කටයුතු සඳහා පොලිසියට බාර දීමට නියමිතය.
නාවික හමුදාව දිවයින වටා ඇති මුහුදු කළාපයන් ආවරණය වන පරිදි නිරන්තර මෙහෙයුම් සිදුකරනු ලබන අතර, මෙම අත්අඩංගුවට ගැනීම එවන් මෙහෙයුමකදී සිදුව ඇත.
