අවුරුද්ද ගිය අයට කොළඹ එන්න බස් මදි.. වාර්තා කරන්න ගිය මාධ්‍යවේදීන් අත්අඩංගුවට..

 


සිංහල හා හින්දු අලුත් අවුරුදු සැමරුම් සඳහා මධ්‍යම කඳුකරයේ වතුකරයට පැමිණි ජනතාව නැවත සේවා ස්ථාන කරා යෑමේදී දැඩි ප්‍රවාහන දුෂ්කරතාවලට මුහුණ දී සිටිති.

අද (18) දිනයේදීත් හැටන් ප්‍රධාන බස් නැවතුම්පළ වෙත විශාල ජනතාවක් රොක්වී සිටි අතර, කොළඹ ඇතුළු විවිධ ප්‍රදේශ කරා යෑමට ප්‍රමාණවත් බස් රථ නොමැති වීම හේතුවෙන් මගීහු දැඩි පීඩාවට පත්ව සිටිති.

මගීන් පෙන්වා දෙන්නේ කොළඹ බලා ධාවනය වීමට ප්‍රමාණවත් බස් රථ නොමැති වීම නිසා තමන් පැය ගණනාවක් පෝලිම්වල රැඳී සිටින බවයි.

මේ පිළිබඳව කළ විමසීමකදී හැටන් ලංගම ඩිපෝවේ නිලධාරියෙකු ප්‍රකාශ කළේ, මගී අවශ්‍යතාව සලකා අමතර බස් රථ ධාවනයට එක්කර ඇති බවයි.

එසේම දහවල් කාලය වන විට පිටස්තර ඩිපෝවලට අයත් බස් රථ කිහිපයක් ද මෙම සේවාවන් සඳහා පැමිණීමට නියමිත බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර, රාජකාරියේ යොදවා සිටින ඇතැම් පොලිස් නිලධාරීන්ගෙන් මාධ්‍යවේදීන්ට තර්ජන එල්ල වීමේ පුවතක් ද වාර්තා වේ.

පුමානවත් බස්රථ ධාවනයට එක් නොකිරීමෙන්  මගින් පිඩාවට පත්වි සිටිම සමිබන්ධයෙන්  මාධ්‍යට වාර්ථා කිරීමට ගිය මාධ්‍ය වෙිදීන් දෙදෙනෙකු නුවරඑළිය  බස් නැවතුමිපොලේ රාජකාරි නිරත පොලිස්  නිලධාරියා මාධ්‍යවේදීන්  ⁣බැනවැද ඔවුන්ගේ  රාජකාරියට බාධාකර එම මාධ්‍ය වෙිදින් දෙදෙනාම  අත් අඩංගුවට ගෙන නුවරඑළිය  පොලිසිය වෙත රැගෙන  ගොස් ඇත.

පසුව නුවරඑළිය  මූලස්ථාන පුධාන  පොලිස් පරීක්ෂක වරයා  ගේ මැදිහත්විමක් මත මාධ්‍ය වෙිදින් නිදහස් කර ඇත .

6 Comments

  1. fake news as usual
    this is the best year. there is good service.
    people will come Sunday . not today

    ReplyDelete
    Replies
    1. අපි මාලිමාවට , මාලිමාව අපිට

      Delete
  2. 👉 මෙ අවුරුදු සතියම වගේ නිවාඩු නිසා එච්චර සෙනඟ නෑ. මේ බොරුව කියන්නේ

    ReplyDelete
    Replies
    1. ඩොබි ඇයි කලබල

      Delete
  3. පිටම්පලාත්වල් ඉදන් එන්න බස් නෑ. කොලඹ් ඉදන් විතරයි තිබුනේ. ඩෝබිලා කලබල වෙලා. .

    ReplyDelete
  4. කව්ද බලාපොරොත්තු වෙන්නේ තිරිසන් ගල්කටස් ජෙප්පොන්ගෙන් කිසිම දෙයක්...වෑඩ බෑරි පච මෑශින් .... අවුරුදු 76 ක් රට කෑවේ මේ ජෙප්පෝ......හෑමවෑඩක් ම කඩාකප්පල් කලා....වර්ජන ...මිනීමෑරුම්....

    ReplyDelete
Previous Post Next Post