මහා භාණ්ඩාගාරය සතු ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් කිසියම් පාර්ශවයක් අතට පත්වීම සම්බන්ධයෙන් විපක්ෂය ඉල්ලා සිටි පාර්ලිමේන්තු විවාදය ලබාදීම රජය ප්‍රතික්ෂේප කර ඇත.
රජයේ මෙම තීරණයත් සමඟ මුදල් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂය මේ වන විට සැලසුම් කරමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉදිරි පාර්ලිමේන්තු සතියේ කටයුතු තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පක්ෂ නායක රැස්වීමක් පැවැත්විණි.
එහිදී මෙම ඩොලර් මිලියන 2.5ක අතුරුදන් වීම පිළිබඳව එක්දින විවාදයක් ලබාදෙන ලෙස විපක්ෂය දිගින් දිගටම ඉල්ලා සිටියද, ආණ්ඩු පක්ෂය එය එකහෙළාම ප්‍රතික්ෂේප කර තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා ප්‍රකාශ කළේ, මහජන මුදල් සම්බන්ධයෙන් පැන නැගී ඇති මෙම බරපතළ ගැටලුව පිළිබඳ විවාදයක් ලබා දීමට රජය බියක් දක්වන බවයි.
"මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් වැනි විශාල මුදලකට සිදුවූ දෙයක් ගැන රටට හෙළි කළ යුතුයි. ඒ සම්බන්ධයෙන් විවාදයක් ඉල්ලුවත් ආණ්ඩු පක්ෂය එය දිගින් දිගටම ප්‍රතික්ෂේප කළා."
රජය මෙම විවාදය මගහැරීම හේතුවෙන් ඊට එරෙහිව ගත යුතු දැඩි ක්‍රියාමාර්ග පිළිබඳව විපක්ෂයේ පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කර තීරණය කරන බව කරුණාතිලක මහතා වැඩිදුරටත් පැවසීය.
ඒ අනුව, මෙම මූල්‍ය අක්රමිකතාවයට වගකිව යුතු මුදල් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම පිළිබඳව විපක්ෂයේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.
රටේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ මෙවැනි මූල්‍ය ගනුදෙනු පිළිබඳව විනිවිදභාවයක් තිබිය යුතු බවත්, පාර්ලිමේන්තුවට වගකීම මඟහැරීමට රජයට ඉඩ දිය නොහැකි බවත් විපක්ෂය අවධාරණය කරයි.

Thava gahili keeyak hangalada dane natha. Hanga gena siteema loku waradak.
ReplyDeleteආණ්ඩුව දැන් කරන්න හදන්නේ වංචා සහගත ලෙස මුදල් එකතු කර මාලිමා ආයුධ සන්නද්ධ පිරිසක් බිහි කිරීමයි.ඵය ඊයේ දිනයේදී සිදුවීම තුලින් මනාව පැහැදිලිවේ.ඉදිරියේ දී ඔවුන් ට ප්රජාතන්ත්රවාදී රජයක් ගෙනයාමට කොහෙත්ම හැකියාවක් නොමැති තත්වයකට රට ගෙනයමින් තිබෙන බව ඔවුන්ට දැනෙමින් තිබෙනවා.
ReplyDeleteArchuna kiuwa container wala ayuda genawa kiyala. Patadunoth gahala balaya ganda. Gaththe denda nemei kiyanawa. Marandath marendath baya natha kiyanawa.
DeleteMe dushitha chanda kramaya ahosi karamu.
Deleteඅගුරු කුමාර හොරා
ReplyDeleteඅපිත් උඹලට දෙන්නම් වරෙල්ලා.
ReplyDeletepukada denne? api kollo gahanne ne hutto kari JVP karayo wage
Deleteඅන්න, ෂම්මි දූෂණයට කියා එළවන මුවාවෙන් එරාන් ගෙනැල්ලා බෝනෙගේන් බලය ප්‍රබල කරන එකයි සැලැස්ම.හම්බන්තොට හෝටලයේ නෝනා කියන විදියටයි වැඩ වෙන්නේ.කාදිනල්ට හිනා ඇති.
Deleteවසර මිලියනගනනක් අතීතය වර්ණවත්කළ ඉතිහාසගත මහා හෙළ රාජ්‍යයේ ස්වදේශීය හරපද්ධතියන් විණාශකර දමනා,..
ReplyDeleteහෙළ වෙදකම, හෙළ ඔෟශධ, ඡේතනාන්විකව විණාශකර දමනා දශකඅටකට අාසන්න අවජාතක වහල් වනචාරී, නූගත් යටත්විජිත රෑකඩ පාළකයන්ගේ දිගුවක් ලෙසට පවතින රජයේ, වික්‍රෘති මානසික මාලිමා හැකරැන් පත්වී යටත්විජිත වහල්පාළණය කූඨලෙසට පවත්වාගෙන යමින් , රාජ්‍ය සතු වත්කම් සහ ධනය කූඨලෙසට කොල්ලා කමින්, දූශිතලෙසට දේශීයත්වය ගණිකාවෘතියේ යොදවා, දර්ශණයක් ,දැක්මක් නොමැතිව,සමස්ථ සමාජයක්,රාජ්‍යයක් අස්ථාවර කරමින්, මහජනයා වහලුන් රාජ්‍ය පාළණය කිරීමට දරනා වංචනීක උත්සාහයන් වහවහා සමස්ථ සමාජයේ දැඩි අවධානයට,.!
pukada denne? api kollo gahanne ne hutto kari JVP karayo wage
ReplyDeleteමෙහෙම ලෝක හොරෙක් ලෝකෙ කොහේවත් නෑ.හීන් ෂරෙන් හොරා කන්නෙ. මෙයාට මොකටද මෙච්චර සල්ලි. බාන්ඩාගාර හොරා
ReplyDeleteලපයගේ මුණ දිහා බැලුවහම කියන්න පුළුවන් හොරකම
ReplyDeleteවිවාදය දෙන්නේ නැත්තේ ඒ හොරු ඉන්නේ ආණ්ඩුවෙ හින්දා
ReplyDeleteආරියතිලක
ReplyDelete2024 ජනාධිපතිවරණයට පෙර
" හොරකම් නො කරාවි" යයි කියන පදනම මත විශ්වාස කොට තමයි අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ජනජනාධිපතිධූරයට පත් කළේ. පාර්ලිමේන්තු මැතිවණය දී අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා විශ්වාස කොට, මාලිමාවෙන් ඡන්දය ඉල්ලූ පිරිසට ඡන්දය ලබා දුන්නා. නමුත් ඒ විශ්වාසය විනාශ වී අවසන්! ඒ ජනතා විශ්වාසය තඹ දොයිතුවට සැලකූ බවක පෙනෙන්නට නැත්තේ ඔවුන්ගේ අභිලාස හා බලාපොරොත්තු තැන්පත් වී ඇත්තේ කොමියුනිස්ට්වාදය මත බැවිනි. කොමියුනිස්වාදීන් සිතන්නේ අන් සියල්ල සමාජ ක්රමයන් හා හර පද්ධති ධනේශ්වරවාදී සූරා කන්නන්ගේ ක්‍රියා බවත් කොමියුනිස්ට්වාදයේ මූල ධර්ම හා කොමියුනිස්ට් පක්ෂයේ ප්රකාශනයට පාදක කොට ගත් න්‍යායන් පමණක් නිරවද්‍ය බවත් ය. ඒ කොමියුනිස්ට්වාදී න්‍යායන් අනුව සම්බුද්ධ ශාසනයද ධනේශ්වරවාදීන්ගේ සූරාකන මෙවලමක් ලෙසින් උගන්වන්නේ නැතයයි ජවිපෙ නායකයා ලෙස කියන්නේ නැත යයි ඔප්පු කර පෙන්වන්න පුළුවන් නම්.
ද්‍රව්‍යවාදය මාක්ස්-ලෙනින්වාදයේ හරය ය. මාක්ස්- ලෙනින්වාදය විඥානවාදී සියලු දර්ශන සම්පූර්ණයෙන් ම ප්‍රතික්ෂේප කරත්. සම්බුදු දහම ජවිපෙ කොමියුනිස්ට්වාදී පක්ෂයක් වශයෙන් ප්‍රතික්ෂේප නො කරන බව ප්‍රසිද්ධියේ කීමට, ජවිපෙට හැකියාවක් තිබේ ද?
විඥානවාදය ප්‍රතික්ෂේප කරන විට පින් පව් පිළි නො ගනී. “සදාචාරය” කියන වචනය කොමියුනිස්ට්වාදී පක්ෂයකට හා කොමියුනිස්ට්වාදීන්ට වලංගු වන්නේ, කොමියුනිට්වාදී රාජ්‍යයක් ස්ථාපිත කිරීමට කුමන ක්‍රියා මාර්ගයක් හෝ හේතු වන්නේ ද එය කොමියුනිස්වාදීන්ට සදාචාරය ය. ඊට පිටින් ස්වභාව ධර්මයේ සදාචාරය ලෙස හදුන්වන කිසිවක් කොමියුනිට්වාදියා පිළිගන්නේ නැත. ඒ හේතුවෙන් කොමියුනිස්ට්වාදය ස්ථාපිත කිරීමට රුකුල් දෙන ක්‍රියාවකට උදව්වක් ලෙස මිනී මැරීම, රජයට විරුද්ධව කැරලි ගැසීම, හොරකම් කිරීම, රාජ්‍ය දේපොළ හොරකම් කිරීම, රාජ්‍ය දේපොළ වංචාවෙන් පරිහණය කිරීම, මංකොල්ල කෑම, මනුෂ්යටන්ට අඩම්තේට්ටම් කම් කිරීම, බිය වැද්දීම, රජ්‍යයේ හෝ පුද්ගලයන්ගේ යම් දේපොළක් කොමියුනිස්ට්වාදය ස්ථාපිත කිරීම අරඹයා හේතු වශයෙන් දකින්නේ ද එම දේපොළ කුමන ආකාරයෙන් හෝ අත්පත් කර ගැනීම භුක්තියට ගැනීම කිසිදු ආකාරයක වරදක් ලෙස, කොමියුනිස්ට්වාදීහු, කොමියුනිස්ට්වාදී පක්ෂ සාමාජිකයෝ නො දකිත්. එසේ ම කොමියුනිස්ට්වාදයට විරුද්ධව ක්‍රියා කරන පුද්ගලයන් ප්රතිගාමී ද්‍රෝහීන් ලෙස සලකා මරා දමත්. එයට අනුරූප රාජ්‍ය දේපොළ, පුද්ගල දේපොළ විනාශ කරත්. උදාහරණ ලෙස, මෙරට 1971 හා 1987/88/89 යන ජවිපෙ කැරළි දෙක පෙන්විය හැක. එම කැරළි දෙකහි දී ජවිපෙ විසින් කරන ලද සියලු මනුෂ්‍ය ඝාතන, ජීවිතවලට කරන ලද තුවාල, බිය ගැන්වීම්, දේපොළ විනාශ කිරීම්, රාජ්‍ය දේපොළ විනාශ කිරීම, අල්ලා ගැනීම, බැංකු මංකොල්ල කෑම්, බිය වද්දා දේපොළ පැහැර ගැනීම, පොලිසි ස්ථානවලට ,හමුදා කඳවුරුවලට පහර දීම, ආයුධ පැහැර ගැනීම ආදී අපරාධ, රාජ්‍ය ද්‍රෝහී ක්‍රියා කරන ලද්දේ මේ හේතුවෙනි. මේ ගැන වැඩි අධ්‍යනයක් කිරීමට ඇවැසි නම්, ලෝකයේ විවිධ රටවල කොමියුනිස්ට්වාදීන් විසින් දියත් කළ සංනද්ධ කැරළි අධ්‍යනය කළ යුතු ය. ලෝකයේ කිසිදු කොමියුනිස්ට්වාදී සංනද්ධ කැරළි වලින් සිදු වූ ජීවිත හානි හා දේපොළ හානි, දේපොළ අත්පත් කර ගැනීමි, කැරළි උදේසා අනුග්‍රහය පිණිස රාජ්‍ය හා පුද්ගලික දේපොළ බලෙන් ගැනිම, හොරා ගැනීම, ආගමික සිද්ධස්ථාන විනාශ කිරීම, ආගම් අදහන නායක කාරකාදීන් විනාශ කිරීම, ආගමික දර්ශනයක් විනාශ කිරීම, පාරම්පරික ප්‍රභූන් සංකෘතිය ජනවාදී සූරාකන්නගේ ප්‍රභූත්වය ලෙස නම් කොට විනාශ කිරීමට සැළසුම් කිරීම, කිසිදු ලෙසකින්, කිසිදු කොමියුනිස්ට්වාදියෙක් වැරදිය කියා නො කියත්. වැරදිය කියා නො පිළිගනිත්.
ජවිපෙ විසින් ද රාජ්‍යද්‍රෝහී කැරළි දෙකහි දී වූ සියලු අපරාධ ක්‍රියා කාරකම් වැරදි ලෙස ඔවුන් පිළිගන්නේ නැත.
වත්මන් තත්වයන් ද මෙය අනුරූපීව විග්රහ කර ගත යුතු ය. ගල් අගුරු වංචාව, තම පක්ෂයේ ඉහළ පෙළේ සාමාජිකය කුමන ආකාරයෙන් හෝ දේපොළ ඒකරාශී කිරීම, එම දේපොළ “සාමාජ ප්රාග්ධනය” කියා නම් කොට සමාජයේ සාධාරණය කිරීම, බලය සඳහා කියන බොරු සාධාරණීකරණය කිරීම, තම පක්ෂ සාමාජිකයන්ගේ වැරදිවලට සාධාරණ ලෙස නීතිය ක්‍රියාත්මක නො කිරීම, තම දේශපාලන දර්ශනයට එක්ඟ නැති මාධ්‍ය මර්ධනය කිරීමට උත්සාහ කිරීම, දැනට සිදු වී ඇත ඩොලර් මිලියන 2.5 ක භාණ්ඩාගාරයේ මූල්‍ය වංචාව පාර්ලිමේන්තුවට වගකිවයුතු ආමාත්‍යධූරය වවශයෙන් හා සාමූහික වගකීමෙන් ජනාධිපතිවරයා හා වත්මන් කැනිනට් මණ්ඩලය නො පිළිගැනීම ද ඉහත් කියන කරුණුවලට සමපාත බව කිව යුතු ය.
ඉතිරි කොටස..
ReplyDeleteආරියතිලක
නැවත ලංකා භූමිය ඇතුලත ජනතා විමුක්ති පෙරමුණට හෝ ජාතික ජන බලවේගයට මැතිවරණ ජයග්‍රහනය කිරීම අවසන් බව කියන්නේ ද්වේශයෙන් නො වේ. ඇත්ත එයයි. ජවිපෙ හා මාලිමා ආණ්ඩුව රටේ මහජනතාවට විහිළු කරන හැඩයි. මතිවරණ දෙකට කලින් ජනාධිපතිවරයා හා ජාතික ජන බලවේග අපේක්ෂකයන් කියන ලද හා දෙන ලද පොරොන්දු ප්‍රකාශ හොඳින් අධ්‍යනය කර බලන්න. එවිට තේරේවි රටේ ජනතාවට ජනාධිපතිවරයා හා මාලිමා සාමාජික අය කොපමණ බොරු කන්දරාවක් කියා ඇද්ද යන වග; ජනතා විමුක්ති පෙරමුණේ පෙර වැරදි අමතක කොට ජනතාව මාලිමාවට ඡන්දය දුන්නේ මෝඩ කමට නොවන බව ජාතික ජන බලවේගයේ කවුරුත් සිහි තබා ගැනීම වැදගත්. නමුත් කියන දේ නො කරන බව දැන් ජනතාවට පැහැදිලි වී හමාරයි. මාලිමා ඔබ ඇතුලු ජනතා විමුක්ති පෙරමුණ
1. හොඳින් බොරු ගෙතීමට හැකි බව;
2. හොඳින් බොරු කිය හැකි බව
බව;
3. සැළසුම් ගත ලෙස හොරකම් කළ හැකි බව;
4. ඒ කරන හොරකම් නීත්‍යානුකූල නිසිලෙස විභාග වීමට ,විමර්ශනය කිරීමට ඉඩ නො දෙන බව
(එක් උදාහරණයක් පමණක්:- බහාලුම් 323ක් පරීක්ෂාවකින් තොරව කොළඹ වරායෙන් පිට කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සොයා බැලෙන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට,
ශ්‍රී ලංකා රේගුව අයත් වන මුදල් අමාත්‍යාංශය බාර අමාත්‍ය ධුරය දරන ජනාධිපතිවරයා ද සිද්ධිය වන අවස්ථාවේදී වරාය අමාත්‍යවරයා ලෙස කටයුතු කටයුතු කළ බිමල් රත්නායක අමාත්‍යවරයා ද වරාය නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු සහ වරාය අමාත්‍යාංශයේ ලේකම්වරයාද කාරක සභාව හමුවට කැඳවා සිද්ධිය සම්බන්ධයෙන් කරැණු විමසිය යුතු බවට විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම ආණ්ඩු පක්ෂය විසින් ප්‍රතික්ෂේප කිරීම)
ජනතාවට පැහැදිලි ලෙස ඔප්පු කොට හමාර ය. මාළිමාව කෙරෙහි විශ්වාසය තබන පිරිසක් නැතුවා නො වේ. ඒ පිරිස නම් ජනතා විමුක්ති පෙරමුණ සාමාජිකයන් ය. ප්‍රතිශතයක් ලෙස 3% හෝ 5% හෝ අතර පමණ පිරිස ය.
කල් ඉකුත් වූ භාණ්ඩයක වටිනා කම් නැතුවා සේ, ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික ජන බලවේගය යන පක්ෂ ලංකා භූමියේ ජන විඥානයෙහි කල් ඉකුත් වී ඇති බව ස්ථීර ය. දැන ගැනීමට ඕන නම් පලාත් සභා මැතිවරණය හෝ ඉදිරි මැතිවරණයකදී හෝ මෙය ඔබට තහවුරු වන්නේ ඉතා කණගාටුදායක ප්‍රතිඵලයකින් බව අවධාරණය කරමු.
බාල බඩු, කල් ඉකුත් වූ බඩු පරිහණය දුකට මුලයි.