මහා භාණ්ඩාගාරය බින්ද ‘හැකර්’ කවුදැයි පියවරෙන් පියවර මෙන්න..


හිටපු ආණ්ඩුකාරවරයෙකු වන රජිත කීර්ති තෙන්නකෝන් මහතා විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.

--------------------------

 මහා භාණ්ඩාගාරයෙන් ‘ටර්ම් ලෝන්’  (   ණයක්) සම්බන්ධ ගෙවීමකට අනුමැතිය දිය හැකි එකම පුද්ගලයා ST හෙවත් භාණ්ඩාගාර ලේකම් ය. භාණ්ඩාගාර ලේකම් යනු රට බංකොලොත් භාවයෙන් මුදවා ගත් සමයේ  මුදල් අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළ සිරිවර්ධන මහතා ගෙන් පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් කර, එම අසුනේ වාඩි කරනු ලැබූ හර්ෂණ සුරියප්පෙරුම මහතා ය. 

මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ ගේ අනුමැතියෙන් ණය ගෙවීමේ අනුමැතිය ලැබිය යුත්තේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අතිනි.  ඊලඟට අදාළ කොට්ඨාශයේ (Division)  එකේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (ADG) අනුමත කළ යුතුය. ඊලඟට එය ඩිවිෂන් එකේ අධ්‍යක්ෂක (Director)  වෙතින් අනුමත විය යුතුය. 

ඊලඟට එය කොට්ඨාශයේ සහකාර අධ්‍යක්ෂට (AD) එය ඉදිරි කටයුතු සඳහා ලැබේ.  ඔහුගෙන් එය ලැබෙන්නේ සංවර්ධන නිලධාරි (DO) හෝ MSO කෙනෙකු වන විෂය භාර ලිපිකරු වෙතය . මුදල් ගෙවීම සඳහා රාජ්‍ය ණය කළමනාකරණ දෙපාර්තමේන්තුව වෙත  ඊමේල් එක ලියන්නේ විෂය භාර ලිපිකරුවන  සංවර්ධන නිලධාරි (DO) හෝ MSO කෙනෙකු විසිනි. 

ටර්ම් ණය ගෙවීමක හත්වන පියවර ලෙස එම ලිපිය රාජ්‍ය ණය කළමනාකාරණ දෙපාර්තමේන්තුවේ ADG වරයෙකු වෙත ලැබේ. අටවන පියවර එ් සම්බන්ධයෙන් රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ (ERD) අධ්‍යක්ෂ වෙත ලැබේ.  ඇය විසින් එය නැවත සංවර්ධන නිලධාරි (DO) හෝ කලමනණාකරණ සහකා (MA) කෙනෙකු වෙත ලැබේ. 

මහා භාණ්ඩාගාරයේ රාජ්‍ය ණය කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින්, ටර්ම් ලොන් එකක් ගෙවීමට මේ කාර්ය පටිපාටිය/පියවර සම්පූර්ණ විය යුතුය.

සුපුරුදු පරිදි ‍රාජ්‍ය නිලධාරීන් ගණනාවක් යටකර ගනිමින් පහත් තැනින් වතුර ගලා යාමට නියමිතය. නමුත් ‘අපරාධමය නොසැලකිල්ල’ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත පැවරෙන වගකීම කිසි ලෙසකින් හෝ බැහැර කළ නොහැකිය.   අමාත්‍යාංශය ලේකම්වරයාගේ අනුදැනුමකින් තොරව ‘ව්‍යාපාරික විද්‍යුත් ලිපියක්’ compromise කර එයට පියවර 13 ක දී, උඩ සිට පහලට නිර්දේශ, අනුමැතිය හා ගෙවීම සිදු කර ඇත්තම් රටේ භාණ්ඩාගාරයක් පැවතිය නොහැකිය. භාණ්ඩාගාරයේ පරිපාලනය පැවතිය නොහැකිය!  

ඩොලර් මිලියන 2.5 ක මුදල ඕස්ට්‍රෙිලියාවට යැයි කියා වෙනත් ගිණුමකට යැවීම තනි විද්‍යුත් ලිපියකට අනුව සිදුව තිබේදැයි විමර්ශනයක හෙළිකර ගත යුතුය. දිත්වා කුණාටු සමයේ සිට මෙම හැකර් සහ භාණ්ඩාගාරයේ ඉහළම නිලධාරීන් අතර පෙම් හසුන් සේ ඊමේල් හුවමාරු වි ඇති ද යන්න විමර්ශකයන් සොයා බැලිය යුතුව ඇත. 

ණය ගිවිසුමක ගෙවීම් සිදු වන්නේ, ගිවිසුම්ගත ගිණුම් අංකයකට මිස පෙම් හසුන් වැනි ඊමේල් පණිවුඩයකට නොවේ. පුදුමය නම් ගිවිසුමේ අදාළ බැංකු ගිණුම් අංකය තිබිය දී, එය මේ කළමනාකරණ පියවර 13 අතර තැනක දී වෙනස් වූයේ කෙසේද යන්නය.  

මේ සිද්ධිය අනාවරණය වීමෙන් පසුව එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරනු ලබන්නේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයෙකි. ඔහු මුලින් ස්ථාන මාරුකර පසුව, වැඩ තහනමට ලක් කර ඇත. 

අනෙක් අතට මෙම ගෙවීම ඕස්ට්‍රෙිලියානු රජයට සෘජුව සිදු කරන (රජයෙන් - රජයට) ගෙවීමක් ද යන්න විමර්ශකයින් සොයා ගත යුතුව ඇත.  ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසුව පුද්ගලික ණයකරුවන්ට තවමත් ගෙවීම් කරන්නේ නැත. එනම්, ණය ගෙවන්නේ ‘බහු පාර්ශවීය ණයකරුවන්ට පමණී.  එසේ නම් මේ ගෙවීමට අදාළ ක්‍රියාවලිය ආරම්භ වූ තැන සොයාගත යුතුය. 

වත්මන් මුදල් අමාත්‍යවරයාට ‘රාජ්‍ය මුල්‍ය’ පිළිබඳ ව්‍යාවහාරික දැනුමක් තිබේ නම් එය අල්ප ය.  මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සුරියප්පෙරුම ජීවිත කාලය පුරාම ඕස්ට්‍රෙිලියාව සහ තවත් රටවල් කිහිපය  පුද්ගලික අංශය සමඟ වෘත්තීය අත්දැකීම් ඇත්තෙකි.  ඔහුට රාජ්‍ය පරිපාලනය ගැන ප්‍රායෝගිය හා ව්‍යවහාරික අත්දැකීමක් නැත. ඒ නිසාම සියළු කටයුතු සඳහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සහ ඉන් පහල සංවර්ධන නිලධාරීන් දක්වා වන පරාසයක නිලධාරීන් වෙතින් යැපීමට සිදුව ඇත. 

මේ හැකර් හා ඔහුගේ ක්‍රියාමාර්ගය සොයා ගැනීමට නම්  මෙයට පෙරත් මෙවැනි සිදුවීම් හෝ උත්සාහයන් වාර්තා වී තිබේද යන්න විමර්ශකයින් විසින් සොයා ගත යුතුව ඇත.  මෙයට සති කිහිපයකට පෙර ඉන්දියාවට ගෙවීමට නියමිත අති විශාල මුදලක් සම්බන්ධ ගණුදෙනුවේ දී ද, මෙවැනිම පටලැවිල්ලක් සිදුවී තිබේ දැයි සොයා බැලිය යුතුව ඇත.  එවැනි උත්සායන් වලක්වා ගෙන ඇත්තේ ඉහළම නිලධාරීන් නොව, ඉණිමගේ පහළම නිලධාරීන් බව විමර්ශකයින් තහවුරු කර ගත යුතුය.  මේ වංචාව හෙළිවූයේ එවැනි විමසිලිමත් පොඩ්ඩෙකු නිසා ය. 

මුදල් රෙගුලාසි 135 මගින් මුදල් ‍බලතල බෙදීම සම්බන්ධ ලියවිල්ල අතට ගත් විට අත්දැකීම් සහිත රාජ්‍ය සේවයේ නිලධාරියෙකුට වැඩේ වැරදී ඇත්තේ කෙසේදැයි අවබෝධ වනු ඇත. මෙය පුද්ගලයෙකු විසින් කළ වරදක් ද? නැතිනම් පද්ධතියේ මෑතක දී සිදු වු වෙනස්කමක් නිසා ඇති වූ තත්වයක් දැයි ගණකාධිකාරීවරයෙකු හෝ බහුතරයක් විශේෂ ශ්‍රේණියේ පරිපාලන සේවා නිලධාරියෙකුට අනුමාන කළ හැකිය. 

දැනට වැඩ තහනම් කර ඇති පළමුවැන්නිය සහාකාර අධ්‍යක්ෂිකාවකි. ඇයගේ සේවා ස්ථානයේ කාලය මාස කිහිපයක් පමණී. 

දෙවන නිලධාරියා, මේ ගැන පැමිණිල්ල ඉදිරිපත් කළ  ණය කලමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ය.  

තෙවන නිලධාරියා, සැලසුම් සේවයේ රාජකාරියට අතිශයින් ලැදි,  අධ්‍යක්ෂවරයෙකි. ඔහුගේ දැඩි දේශපාලන පක්ෂපාතීත්වය වත්මන් රජයට ය. 

සිව්වන නිලධාරිනිය, විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහාකාර අධ්‍යක්ෂවරියයි. 

මහා භාණ්ඩාගාරය රාජ්‍ය මුල්‍ය කලමනාකරණයේ හදවත යි.  එහි බහුතරය ඉහළම සුදුසුකම් සහිත වෘත්තිකයින් විය. ඉතා මෑතක දී එම ව්‍යවහාරය වෙනස් වී ඇත්තේ කුමන අකාරයකට යන්න විමර්ශනකයින් සොයා ගත යුතුව ඇත. 

විශේෂයෙන්ම භාණ්ඩාගාරයේ විෂය භාර ලිපිකරු තනතුරු සඳහා පවා නම් නි‍ර්දේශ කිරීමේ බලය පසුගිය කාලය පුරාම තනි නිලධාරියෙකු අත පැවතියේ ද යන්න ත්, එම පුද්ගලයා කවුරුන්ද යන්නත් විමර්ශකයින් සොයා ගත යුතුය.  

සැබෑ හැකරා හදුණාගැනීමට එය උපකාර විය හැකිය. 

මේ සියළු කරුණු අනාවරණය කර ගන්නට වසර 72 ක් පුරා මහා භාණ්ඩාගාරයේ ගෙවීම් ගැන සොයන්නට කොමිසමක් පත් කළ යුතු නැත. 

රාජ්‍ය සේවයේ බහුතරයක් නිලධාරීන් දක්ෂයන් ය. එම දක්ෂතාවය වෙනුවට ‘පක්ෂපාතීත්වය’ ප්‍රමුඛ සුදුසුකම බවට පත් වූ විට ඇති විය හැකි ව්‍යසනය භාණ්ඩාගාරය හැකරුන් අතට පත්වීමය.  

ලංකාවට  ටර්ම් ලෝන් ගෙවිය යුතුව ඇති රාජ්‍යයන් හා ආයතන ගණන සියයකට වඩා නැත.  ඉස්සර මේ ආයතනයන් හි සේවය කළේ එම ගෙවීම් සිදු කරන අනෙක් රටේ, ආයතනයේ නිලධාරියාට නම කියා ආමන්ත්‍රණය කළ හැකි, ඔවුන් සමඟ අධ්‍යාපනය ලැබූ, පුහුණුව ලැබූ හා සම ව කටයුතු කිරීමේ පරිචයක් සහිත පිරිසකි.  

සැබෑ හැකරයා දක්ෂතාවය වෙනුවට පක්ෂපාතීත්වය මුලික සුදුසුකම බවට පත් කළ ‘මහමොළකරුවා' ය. 

රජිත් කීර්ති තෙන්නකෝන්

10 Comments

  1. රාජ්‍ය සේවයේ මුල් පුටුව (ලේකම් ධූරය) විෂය පිළිබඳව අත්දැකීමක් නැති දේශපාලන ගොට්ටෙකුට දුන්නාම රටටම කෙලවෙනවා. ජෙප්පන්ට තියෙන්නෙ හැකර කටවල් විතරයි.

    ReplyDelete
  2. අපිට හෙණ ගහණ බදු ගහලා එකතු කරන සල්ලි ටිකත් කෙලින්ම හොරා කනවා. තව ඉවසමු.

    ReplyDelete
  3. හැකර්ලාට රට බාර දුන්නාහම ඔහොම වෙනවා අර ඩොබිලාගේන් අහන්න බැරිද පයිල් එකට දාගන්න හැකර් ලොක්කා 🤣🤣

    ReplyDelete
  4. අපි මාලිමාවට මාලිමාව අපිට !

    පසුගිය වසර 72 ක් පුරා මහා භාණ්ඩාගාරයේ ගෙවීම් ගැන සොයන්නට කොමිසමක් පත් කළ යුතුයි

    ReplyDelete
  5. ඩොලර් කෝටි දෙකහමාර භාන්ඩාගාරෙන් පැලවත්තේ ගිනුමට.

    ReplyDelete
  6. අපි රාජ්‍ය සේවය දේශපාලන හිතවතුන් gen තව purawamu.

    ReplyDelete
  7. Ekata wela erala wage

    ReplyDelete
  8. muge wade mu kala , check palawtta accoounts

    ReplyDelete
  9. Jayantha JayaweeraApril 29, 2026 at 2:53 AM

    The Sri Lankan Treasury reportedly lost $2.5 million during a loan repayment to an Australian agency, with the funds going to an intermediary. Now, the government seems to be penalizing the officials involved, while the top political appointee who oversaw the department remains untouched. This raises serious concerns about selective accountability and public trust in the management of public funds.

    ReplyDelete
Previous Post Next Post