ඉන්දීය
මැතිවරණ ක්‍රියාවලියට සහ
ආදර්ශ චර්යාධර්ම පද්ධතියට
පටහැනිව යමින්,
චෙන්නායි
හි සේවය කරන ශ්‍රී ලංකා ඉහල රාජතාන්ත‍්‍රිකයෙකු දේශපාලන
ප්‍රචාරක කටයුතුවල නිරත වූ
බවට ඉන්දීය මැතිවරණ කොමිසම
වෙත නිල පැමිණිල්ලක් ඉදිරිපත්
කර ඇත.
මෙම පැමිණිල්ලට අනුව, චෙන්නායි හි ශ්‍රී ලංකා රාජතාන්ත‍්‍රිකය 2026 මාර්තු 29 වන දින පුදුචේරි ප්‍රදේශයේදී 'ලචියා ජනනායක කච්චි' පක්ෂයේ අපේක්ෂකයෙකු වෙනුවෙන් දේශපාලන ප්‍රචාරක කටයුතුවල නිරත වී ඇති බවට චෝදනා එල්ල වී තිබේ.
අදාළ පැමිණිල්ලේ සඳහන් වන පරිදි ඔහු දේශපාලන රැලිවලට සහභාගී වීම සහ ප්‍රසිද්ධියේ අපේක්ෂකයින් අනුමත කරමින් අදහස් දැක්වීම, දේශපාලන පක්ෂ සංකේත ප්‍රදර්ශනය කිරීම සහ සෘජු හෝ වක්‍ර ලෙස දේශපාලන මැදිහත්වීම් සිදු කිරීම ක්‍රියාවල නිරත වී ඇත.
මෙම ක්‍රියාව ඉන්දියාවේ ප්‍රජාතන්ත්‍රවාදී ස්වෛරීභාවයට මෙන්ම මැතිවරණ නීතිරීතිවලට සහ රාජ්‍යතාන්ත්‍රික සම්මතයන්ට බරපතළ හානියක් බව පැමිණිලිකරු පෙන්වා දෙයි.
විදේශීය රාජ්‍යතාන්ත්‍රික නිලධාරියෙකු මෙලෙස මැතිවරණ කටයුතුවලට මැදිහත් වීම ඉන්දීය මැතිවරණ කොමිසමේ ආදර්ශ චර්යාධර්ම පද්ධතිය සෘජුවම උල්ලංඝනය කිරීමක් බවද එහි සඳහන් වේ.
මෙම පැමිණිල්ලට අදාළව වීඩියෝ සහ ඡායාරූපමය සාක්ෂි මෙන්ම මාධ්‍ය වාර්තා ද සාක්ෂි ලෙස මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත් කර ඇත.
ඉන්දීය ප්‍රධාන මැතිවරණ කොමසාරිස්වරයා ඇතුළු බලධාරීන් කිහිපදෙනෙකු වෙත 2026 මාර්තු 31 වන දින මෙම පැමිණිල්ල යොමු කර තිබේ