හිටපු ජනාධිපතිමහින්ද රාජපක්ෂ මහතාගේ වත්කම් හා බැරකම් පිළිබඳ ප්‍රකාශයක් දිවුරුම් පෙත්සමක් මාර්ගයෙන් මෙම අප්‍රේල් 10 දාට පෙර ලබා දෙන ලෙස නියම කරමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් විශේෂ දැනුම් දීමක් කර තිබේ.
මහින්ද රාජපක්ෂ මහතාගේ වත්කම් සහ බැරකම් පිළිබඳව වර්ෂ 2015 දි ආරම්භ කරන ලද විමර්ශනයකට අදාළව මෙම ප්‍රකාශය ලබා දෙන ලෙස අල්ලස් කොමිසම මහින්ද රාජපක්ෂ මහතාටනියම කර ඇතැයි වාර්තාවේ.
වර්ෂ 2010 සිට 2015 දක්වා කාලය තුළ රාජපක්ෂ මහතා සහ පවුලේ අයට අදාළ වත්කම් බැරකම් පිළිබඳ තොරතුරු සපයන මෙන් මෙම ලිපිය මගින් දැනුම් දී ඇති බව සඳහන් වේ.
එසේම මේ විමර්ශනය බොහෝ කල්ගතවී ඇති බැවින් අප්‍රේල් මස 10 න් පසු අවශ්‍ය තොරතුරු සැපයීමට තවත් කල් ලබා නොදෙන බවද සඳහන් කර තිබේ.
Lankalokaya
