ඇමති කෙනෙකුට ගැලපෙන්න ඉන්න ඔ්නෑ.. අලුත් ගෙදරක නවීන භාණඩ තියෙන්න ඔ්නෑ.. ඒවා ප‍්‍රශ්ණ කරන්නේ කුහකයන්..- ලාල් කාන්ත


මෑතකදී සමාජ මාධ්‍ය හා ප්‍රධාන පෙළේ මාධ්‍ය ජාලයන්හි දැඩි කතාබහට ලක්වූ සිය නව නිවස සහ එහි පවතින සුඛෝපභෝගී උපකරණ සම්බන්ධයෙන් කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග සහ පශු සම්පත් අමාත්‍ය ලාල් කාන්ත මහතා විශේෂ අනාවරණයක් සිදු කර තිබේ 

ලාල් කාන්ත මහතා පවසන පරිදි, ඔහු මෙම නිවස ඉදිකිරීම සඳහා පර්චස් 7ක සහ පර්චස් 6ක බිම් කොටස් දෙකක් මිලදී ගෙන ඇත.

මෙම ඉඩම් මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල් සපයාගෙන ඇත්තේ මාතලේ හන්දිය ප්‍රදේශයේ නුවර පාර අසල තිබූ, ගරා වැටෙමින් පැවති සිය පවුලේ දේපළ විකුණා දැමීමෙනි.

2024 වසරේ අගභාගයේදී ඔහු මෙම නව නිවසේ පදිංචියට ගොස් ඇති අතර, එහි පැවැත්වූ දානමය පින්කමක දර්ශන මාධ්‍යයට නිකුත් වීමත් සමඟ නිවස පිළිබඳ කතාබහක් නිර්මාණය විය.

නිවස ඉදිකිරීමට සහ නඩත්තු කිරීමට අවශ්‍ය ආදායම් මාර්ග සම්බන්ධයෙන් අමාත්‍යවරයා කරුණු කිහිපයක් අවධාරණය කරයි.

තමා වසර 40කට ආසන්න කාලයක් දේශපාලනයේ නිරත වෙමින් උපයාගත් ලොකුම වත්කම වන්නේ "සමාජ ප්‍රාග්ධනය" බව ඔහු පවසයි.

අවශ්‍යතාවයක් වුවහොත් තමා හඳුනන හිතවතුන් සිය දෙනෙකුගෙන් රුපියල් ලක්ෂ පහ බැගින් වුවද කෙටි කලක් තුළ සොයා ගැනීමේ හැකියාව පවතින බව ඔහු සඳහන් කරයි.

නිවස ඉදිකිරීම සඳහා රජයේ බදු මුදල් හෝ පක්ෂයේ අරමුදල් කිසිසේත්ම යොදා නොගත් බව ඔහු සහතික වෙයි. පක්ෂයේ මුදල් සමඟ තමා කිසිවිටකත් ගනුදෙනු නොකරන බවත්, ඒවා පක්ෂයේ නිසි පටිපාටියකට අනුව පාලනය වන බවත් ඔහු පවසයි.

අතීතයේදී තමා පූර්ණකාලීනව දේශපාලනයේ යෙදෙන විට නිවස නඩත්තු වූයේ සිය බිරිඳගේ ආදායමෙන් බවත් ඔහු මෙහිදී සිහිපත් කරයි.

සමාජ මාධ්‍ය හරහා දැඩි අවධානයට ලක්වූ නිවසේ ඇති පියානෝව වසර 15ක් පමණ පැරණි එකක් බව අමාත්‍යවරයා හෙළි කරයි. එය සිය දියණිය කුඩා කාලයේ සිට සංගීත කටයුතු ඉගෙනීම සඳහා භාවිත කළ එකක් මිස අලුතින් මිලදී ගත් සුඛෝපභෝගී භාණ්ඩයක් නොවන බව ඔහු පෙන්වා දෙයි. 

එමෙන්ම නවීන නිවසක සෝෆා සෙටියක් වැනි ගෘහ භාණ්ඩ තිබීම මැජික් එකක් නොවන බවත්, එවැනි දේ ප්‍රශ්න කිරීම සමාජයේ පවතින හුදෙක් කුහකකමක් බවත් ඔහු පවසයි.

සමාජවාදියෙකු වූ පමණින් සැමදාම දුෂ්කර ජීවිතයක් ගත කළ යුතු බව තමා විශ්වාස නොකරන බව අමාත්‍යවරයා පවසයි.

අතීතයේදී මර්දනකාරී යුගවල හෝ සන්නද්ධ අරගල පැවති කාලවලදී තිබූ ජීවන රටාව වර්තමානයට අදාළ නොවන බව ඔහුගේ මතයයි.

තමා දැන් අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරන බැවින්, එම තනතුරට ගැලපෙන පරිදි ඇඳුම් පැළඳුම් හා ජීවන රටාව වෙනස් කරගත යුතු බවත්, එසේ නොමැති වුවහොත් එය එක්තරා ආකාරයක "නිකායක්" වැනි පසුගාමී තත්ත්වයක් වනු ඇති බවත් ඔහු පවසයි.

අමාත්‍ය ලාල් කාන්ත මහතාගේ පැහැදිලි කිරීම අනුව, ඔහුගේ නිවස සහ වත්කම් වසර ගණනාවක දේශපාලන ජීවිතය තුළ ගොඩනගාගත් සබඳතා සහ පාරම්පරික දේපළ විකිණීමෙන් උපයාගත් මුදල්වල ප්‍රතිඵලයකි.

සමාජවාදය යනු සැමට හොඳින් ජීවත් වීමට මඟ සැලසීම මිස දුප්පත්කම බෙදා ගැනීම නොවන බව ඔහු අවධාරණය කරයි

18 Comments

  1. Miserable lying bastards

    ReplyDelete
  2. Lal Kantha the con artist

    ReplyDelete
  3. කුහක නම් #1 ජේවීපී. අනුන්ට එක ඇඟිල්ලක් දික් කරන කොට තමන්ට හතරක්.

    ReplyDelete
  4. 100% correct, problem is theu could not understand this till come to power

    ReplyDelete
    Replies
    1. yes, buy suitable chairs for your beautiful house. stay blessed!

      Delete
  5. allas komisame inna ekath niyamai

    ReplyDelete
  6. ඔව් ඇමති පස්සට ගැලපෙන ආකාරයේ වාහනයක යන්න ඕන නිසා තමයි බිග් කුච්චන් වී 8 එකක යන්නේ.මොකද ජොකාගේ හිල් නිසා සාමාන්‍ය වාහනවල යද්දී පස්ස ඌයියා වෙනවනේ.ඩෝබීස් කම් ඇන්ඩ් වොෂ්.

    ReplyDelete
  7. ඕගොල්ලො තරම් කුහකොයො ලොවෙත් නෑ. දැන් ඉතින් හොරා කාපුවා වමාරනවා. ගදේ බෑ.

    ReplyDelete
  8. කොමියුනිස්ට්වාදීන්ගේ "සහෝදරයා" "සහෝදරී" යන වචන දැන් වලංගු නැත.
    "ජනාධිපති උතුමාණෝ" "අමාත්‍ය උත්‍තමයා" "මන්ත්‍රි උතුමා" යන වචන භාවිතය කොතරම් අගේ ද? අදින් පසු කොමියුනිස්ට් සහෝදරයන් ඉවරයි!

    ReplyDelete
    Replies
    1. කාරයේ දොර (වාහනයේ) තනියෙන් ඇර ගැනීම කොතරම් අශික්ෂිත ද? ඒවත් හදා ගත යුතු ය.

      Delete
  9. මේ ජෙවීපී කාරයන්ගෙ අම්මලා මුන්ව වදන්න හැම## මොකාටද

    ReplyDelete
  10. ඉජු ඉජු….. ඩෝබියෝ…. බලු ගානට දැම්මනෙ ඩෝබියො ටික 😂😂😂😂 පතිරෙන මල්ලි අන්න ලාල් සහොදරය නම් ඇමති උතුමෙක් වෙලා😂😂😂 ඔයාල තාම මේකෙ අනුර අයිය ලාල් සහෝදරයා ගගා වැලලෙන්න එපා 😂😂😂😂

    ReplyDelete
  11. මේ යක්කුන්ට රට වටේම ඉඩම්...යකෝ බණ්ඩාරනායකලාටවත් සේනානායකලාටවත් කොතලාවලලටත් මෙහෙම ඉඩම් නැතිව ඇති...

    ReplyDelete
  12. පච කියලා අැවිල්ලා කාපිය අපිව තොපි කුහක පක්ෂය ක් ලොවේත් නැහැ ව පව පව

    ReplyDelete
  13. පේනවා නේ උද්ධච්ච කම? තොපිට බදු පිට බදු ගහලා ඒක අමතක කරවන්න උන් හොරෙක් පෙන්නනවා. හැබැයි ඒ හොරුන්ටත් වඩා වත්කම් මුන් ලග තියෙනවා.

    ReplyDelete
  14. වරෙන්කෝ 2029ත් හොරු අල්ලනවා කියාගෙන කාලකන්නි.

    ReplyDelete
  15. මම ඒ කාලේ ඉදන් හිතුවා මුන් මුන්ගේ පච වලට අහු වෙන මිනිස්සුන්ට හොරෙන් හිනා වෙනවා ඇති කියලා. දැන් එලි පිට හිනා වෙනවා.

    ReplyDelete
  16. 78 වසරක සාපෙ. වෙන මොනවා කියන්නද. සතියක් විතර ඩොබිලා මුන්ගෙ ඉරිච්ච ජොක්කු හොදනවා. ඉන් පස්සේ අමුතු ඇටෙ මිනිසුන්ට සීන් එක අමතක කරන්න හොද මොරෙක්ව ඇතුළට ගන්නවා.

    ReplyDelete
Previous Post Next Post