ජනපති වතු කම්කරු මැයි පෙලපාලියට..


මලයගම් ජනතාවගේ මෙවර මැයි දින පෙළපාලිය සහ රැලිය නුවරඑලිය සිනෙසිටා ක්‍රීඩාංගණයෙදි
05/01 දින ජනාධිපති අනුරකුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන බව සමස්ථ ලංකා වතු කම්කරු සංගමයේ ලේකම් සී.එම්.. ප්‍රේමරත්න මහතා පැවසීය.

සමස්ථ ලංකා වතු කම්කරු සංගමයේ සභාපති බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කිට්නන් සෙල්වරාජ් මහතා සහ එම පක්ෂයේ උප ලේකම් නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි මෙනවියගේ සහභාගීත්වයෙන් මැයි දිනය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරි සදහා හැටන් දික්ඔය නගර සභා ශාලාවේ පැවති මාධ්‍ය හමුවකදී ලේකම්වරයා ඒ බව පැවසිය.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වූ එම පක්ෂයේ ලේකම්වරයා කියා සිටියේ, වතුකරයේ ජනතාවගේ ආර්ථික ශක්තිය, යටිතල පහසුකම් ඇතුලු වතු කම්කරුවන් නගා සිටුවීමට වත්මන් ජනාධිපතිවරයා සහ රජය මගින් කෙටි කාලයක් තුල වැඩ කටයුතු රැසක් සිදු කර මෙවර මැයි දින පෙළපාලිය සහ රැලිය පවත්වන බවයි.

දිවයිනේ දිස්ත්‍රික් 22ක් කේන්ද්‍ර කර ගනිමින් ඉතිහාසයේ මෙතෙක් පවත්වා නැතිමැයි දින පෙළපාලි සහ රැලි දිස්ත්‍රික්ක 22 පුරා පවත්වන බවත්, එම සෑම මැයි දින රැස්විමකටම ජනාධිපතිවරයා සහ ජාතික ජන බලවේගයේ මැති ඇමතිවරු රැසක් සහභාගි වීමට නියමිත බවයි සී.එම්.. ප්‍රේමරත්න මහතා කියා සිටියේ.

මෙරටේ විපක්ෂය තවත් පක්ෂ ගණනාවක් එක් කර ගනිමින් මැයි දිනයක් පැවැත්වීමට කටයුතු කර ඇති බවත්, එම මැයි දින පෙළපාලියට සහ රැලියට රටේ බහුතර ජනතාවක් සහභාගි නොවන බවයි සමස්ත ලංකා වතු කම්කරු සමංගමයේ උප ලේකම් සහ නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි මෙනවිය කියා සිටියේ.

විපක්ෂය සුළු සිද්ධීන් කිහිපයක් එකතු කර ගනිමින් ආණ්ඩු පක්ෂයට චෝදනා රැසක් එල්ල කරන බවත්, එම චෝදනාවලට පිලිතුරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මැයි දිනයේදි පිලිතුරු ලබා දෙන බවයි මන්ත්‍රීවරිය වැඩි දුරටත් කියා සිටියේ.

රංජිත් රාජපක්ෂ 

13 Comments

  1. පතිරණ ගලප්පත්තිApril 29, 2026 at 2:35 AM

    කම්කරුවන් සමඟ හිටපු සහෝදර ගමන් සගයා, ඔබට ජය. අප හැමට ජය.

    ReplyDelete
    Replies
    1. APIMA KIYA GAMU

      APITA KELIYA APITA JAYA

      Delete
    2. සහෝදරයා උඹ ඔය විදිහටම රට මැදත් ඉන්දියාවට ලියලා දීපන්. කාලකන්නි පඩංගුවා. කුලහීනයා.

      Delete
    3. සහෝදරයා උඹ ඔය විදිහටම රට මැදත් ඉන්දියාවට ලියලා දීපන්. කාලකන්නි පඩංගුවා. කුලහීනයා.

      Delete
  2. රටේ ඉන්න නූගත්ම පිරිස තමයි වතු කම්කරුවන්. තවමත් රටේ රැවටීමට හැකි එකම පිරිස තමයි ඔවුන්. නැත්නම් කොලඹ හරි අවට හරි තැනක මේ මැයි රැලිය පවත්වන්න පුලුවන්. නමුත් බුද්ධියක් තියෙන මිනිස්සු මේවට එන්නෙ නෑ. ප්‍රාදේශීයව තියන ඒවටත් එන්නෙ සල්ලි ගෙවල ගෙන්න ගන්න පුලුවන් පිරිස විතරයි. කොහොම වුනත් මේවට ගාල් වෙන මීහරක් ටික අපිට මේසැරේ හොඳට බලා ගන්න පුලුවන්.

    ReplyDelete
  3. මේ රැලි වලට යන අයගෙ ගමන් මහන්සිය නිවා ගන්න තණ්කොල සහ පුන්නක්කු මග දිගට තැබීමෙන් අනිත් අයටත් මේකට සහයෝගය දක්වන්න පුලුවන්

    ReplyDelete
  4. හික් හික් හික්

    ReplyDelete
  5. සිංහලු ඉන්න පැත්තක රැලියකට ගියොත් හූ කන්න වෙනවනේ.

    ReplyDelete
    Replies
    1. හූ විතරක් නෙමෙයි ගොමයි කුනු බිත්තරයිත් කන්න වෙනවා. මොකද උන්ම තමයි මේරටේ මෙච්චර කල් නොතිබිච්ච ජරා වැඩක් හඳුන්වල දුන්නෙ. ඔවුන් වැපිරූ දෙයෙහි අස්වැන්න ඔවුන්ටම ලබා දිය යුතුයි.

      Delete
  6. Mun hariyanne na. Ape ilaga janapathi wimal mathiduni obayi

    ReplyDelete

  7. ආරියතිලක

    ජනාධිපතිවරයා විසින් 24 මැතිවරණ දෙකට පෙර ජනතාවට කියන ලද බොරු හා දෙන ලද බොරු පොරොන්දු වල තරම කොතෙක් ද යත් මහ ජනතාව අතරට එන්න බැරි තරමට ම මේ මැයි කම්කරු දිනය වන විට පත් වී අවසානයි. මහ බැංකු වංචාවේ මහ මොළකරුවන් අත් අඩංගුවට ගන්නවායැයි කියූ අය කිසිත් නොකර බොරුවෙන් ම රට මුලා කොට, ඇමරිකානු ඩොලර් මිලියන 2.5 ක් හොර පාරේ යන්න ඉඩ දීම කොතරම් නින්දා සහගත ද? කටේ නරිවාදම රෙද්ද පල්ලෙන් බේරෙනවා කියන සිංහල කියමන මේ පුද්ගල සිදුවීම්වලට හොඳින් ගැල්පී යයි. කම්කරු වීරයින් යයි කියාගෙන බලයට පත් වී මේ වන විට කරන ලද විනාශයට වඩා විනාශයකට රට පත් නොවීමට මොවුන් ක්‍රියා නොකරාවියයි නො සිතිය හැක. රටේ රැකවරණනය ආරක්ෂක හමුදා හා මහජතාව අතේ ය. කැරලිකාර හොරමුලකින් රට බේරා ගත යුතු ය.

    ReplyDelete
  8. ඔන්න චන්දෙ දුන්න සින්හල බවුද්දයාට පස්සෙන් හිනා වෙනවා දෙමලු

    ReplyDelete
  9. Dan balane mu kerene de poya dawas passeta dala may day eke tamil ayath ekke kerenewa... mun keranne buddhagama pain gahana eka..

    ReplyDelete
Previous Post Next Post