භාණ්ඩාගාර කොල්ලයේ වගකීම රජයට සම්බන්ධ නැති පුද්ගලික ආයතන දෙකකට පටවන්න යයි...


 මහා භාණ්ඩාගාරයේ සිදුව ඇති බව කියන රුපියල් මිලියන දෙකහමාරක මූල්‍ය අක්‍රමිකතාවයේ (මංකොල්ලයේ) වගකීම රජයට සම්බන්ධයක් නැති පුද්ගලික ආයතන දෙකක් මත පැටවීමට රජය සූදානම් වන බවට ෆ්‍රී ලෝයර්ස් (Free Lawyers) සංවිධානය චෝදනා කරයි.

එම සංවිධානය වෙනුවෙන් පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ හිටපු ආණ්ඩුකාර රජිත කීර්ති තෙන්නකෝන් මහතා අවධාරණය කළේ, රජය මෙය "හැකර්" ප්‍රහාරයක් ලෙස පෙන්වීමට උත්සාහ කළද, මෙය මහා භාණ්ඩාගාරයේ සහ මහා බැංකුවේ අභ්‍යන්තර තොරතුරු කාන්දු වීමක් හරහා සිදුවූවක් බවයි.

මේ සම්බන්ධයෙන් කරුණු 15ක් පිළිබඳව අවධානය යොමු කරමින් පාර්ලිමේන්තු මුදල් කමිටුවේ සභාපති හර්ෂ ද සිල්වා මහතාගෙන් කරුණු විමසීමට කටයුතු කර ඇති බවද ඔහු පැවසීය.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූර්යපෙරුම මහතා අවස්ථා කිහිපයකදී පාර්ලිමේන්තු මුදල් කමිටුව මඟහැර ඇති බවත්, ඔහු අඛණ්ඩව සත්‍ය තොරතුරු වසන් කරමින් සිටින බවත් මෙහිදී අනාවරණය විය.

යුක්ති සහගත විමර්ශනයකට ඉඩ සලසමින් ලේකම්වරයා වහාම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත්, එසේ නොමැති නම් ඔහු ධුරයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයාට නිර්දේශ කරන ලෙස මුදල් කමිටුවෙන් ඉල්ලා සිටින බවත් තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේය.

2024 අංක 33 දරන ණය කළමනාකරණ පනතේ 8 වැනි වගන්තිය ප්‍රකාරව 'ණය සේවාකරණ කමිටුව' පිහිටුවා තිබුණේ නම් මෙම අපරාධය වළක්වා ගැනීමට අවස්ථාව තිබූ බව පෙන්වා දුන් ඒ මහතා, එම පනත නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීම මෙම "මහා මංකොල්ලයට" මග පාදා ඇති බවට චෝදනා කළේය.

රජයේ ණය මුදල්, ගෙවන ලද වාරික සහ පොලිය පිළිබඳ විනිවිදභාවයකින් යුතුව වාර්තා ඉදිරිපත් කිරීමේ වගකීමද බලධාරීන් පැහැර හැර ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

මහා බැංකුව සහ මහා භාණ්ඩාගාරය කිසිදු වරදක් නොකරන "සර්වතෝභද්‍ර" ආයතන ලෙස සලකා කටයුතු කිරීම නිසා මුදල් කමිටුවට තමන් සතු ව්‍යවස්ථාපිත බලතල නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇති බව තෙන්නකෝන් මහතා පෙන්වා දුන්නේය.

එබැවින් එම ප්‍රවේශයෙන් බැහැරව වහාම මෙම මංකොල්ලය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පවත්වා යුක්තිය ඉටු කළ යුතු බව ෆ්‍රී ලෝයර්ස් සංවිධානය රජයට අවධාරණය කරයි


5 Comments

  1. මුන් දැන් ගලේ reepu බළල්ලු වගේ.

    ReplyDelete
    Replies
    1. Looks like Ranil's Lawyer know every secretes 😂😂😂
      Puhul hora karen dene 😁😁😁

      Delete
  2. මුන් දැන් ගලේ reepu බළල්ලු වගේ.

    ReplyDelete
  3. Ane ehema karanda epa. Api thama iganagannawane. Me waradda ayeth wenne naha. Wena warddak unorh ithin karanda deyak naha.

    ReplyDelete
Previous Post Next Post