ගල් අගුරු ටෙන්ඩරේ කැන්සල්..? ස්පොට් ටෙන්ඩරෙත් ෆේල්..?


වත්මන් ගල් අඟුරු ටෙන්ඩරය වහාම අත්හිටුවීමට සිදුව ඇති බවත්, මදි වන ගල් අඟුරු ලබා ගැනීමට හඳුන්වා දුන් 'ස්පොට් ටෙන්ඩරය' (Spot Tender) ද බරපතල අසාර්ථක වීමකට ලක්ව ඇති බවත් හිටපු පළාත් සභා මන්ත්‍රී වරුණ රාජපක්ෂ මහතා අනාවරණය කරයි. ඔහු පවසන්නේ ගල් අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාවලිය තුළ දැවැන්ත වංචාවක් සහ ප්‍රමිතිය පිළිබඳ ගැටලු පවතින බව විගණන වාර්තා මගින් ද තහවුරු වී ඇති බවයි.

විගණන වාර්තාව සහ තාක්ෂණික වාර්තා පෙන්වා දෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ 12 සහ 13 වන නැව් දෙකේම ගල් අඟුරු ප්‍රමිතියෙන් තොර (බාල) බව Cotecna වාර්තා මගින් තහවුරු වී ඇති බවයි. 

රජයේ මීට පෙර පැවති තර්කය වූයේ පිට පිට නැව් දහයක ගල් අඟුරු බාල වුවහොත් පමණක් ටෙන්ඩරය අවලංගු කළ හැකි බව වුවත්, වත්මන් තත්ත්වය යටතේ මෙම ටෙන්ඩරය තවදුරටත් ක්‍රියාත්මක කිරීම බරපතල නීතිමය වරදක් බව ඔහු පෙන්වා දෙයි. 

මෙම දූෂිත ක්‍රියාවලියට සම්බන්ධ වන සියලු දෙනා අනාගතයේදී නීතිය හමුවේ වරදකරුවන් වනු ඇති බවට ද ඔහු අනතුරු ඇඟවීය.

පවතින ගල් අඟුරු හිඟය පියවා ගැනීමට ගෙන ආ 'ස්පොට් ටෙන්ඩරය' මගින් ද මීට පෙර සිදුවූ ආකාරයේම දූෂණයක් සිදුවන බව මන්ත්‍රීවරයා චෝදනා කරයි. 

මේ සඳහා තෝරාගෙන ඇති Tharanjot නම් සමාගම, ලෝකයේ ප්‍රකට ගල් අඟුරු සමාගම් වන 'සුවෙක්' හෝ 'ආදිත්‍ය බිර්ලා' වැනි ඩොලර් බිලියන ගණනක පිරිවැටුමක් සහිත සමාගමක් නොවන බව ඔහු පවසයි.

වරුණ රාජපක්ෂ මහතා පවසන පරිදි, මෙම සමාගම වාර්ෂිකව ඩොලර් මිලියන 300ක පමණ පිරිවැටුමක් සහිත, ඉන්දියාව තුළ බංකොලොත් වූ බවට වාර්තා පළවූ සමාගමකි. 

එමෙන්ම, ලංකාවට අවශ්‍ය කිලෝකැලරි 6150ක ප්‍රමිතියෙන් යුත් ගල් අඟුරු කිසිදු දිනක සපයා නොමැති මෙවැනි සමාගමක් 'ලංකා කෝල්' සමාගම විසින් ලියාපදිංචි කරගත්තේ කෙසේදැයි විගණන වාර්තාව පවා ප්‍රශ්න කර ඇති බව ඔහු සඳහන් කළේය.

මෙම මතභේදාත්මක සමාගමේ දේශීය නියෝජිතයා ලෙස කටයුතු කරන්නේ වත්මන් ජනාධිපතිවරයාගේ මෙන්ම මීට පෙර පැවති රාජපක්ෂ ආණ්ඩුවේ ද සමීපතම ව්‍යාපාරික මිතුරෙකු බව මන්ත්‍රීවරයා මෙහිදී අනාවරණය කළේය. 

රටේ බලශක්ති සුරක්ෂිතතාව අනතුරේ හෙළමින් සිදුකෙරෙන මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන් රජය වහාම පිළිතුරු දිය යුතු බවත්, එසේ නොමැති වුවහොත් ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ට ජනතාව හමුවට යාමට නොහැකි තත්ත්වයක් උදාවනු ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියේය

5 Comments

  1. ඩෝබිලා එන්න හෝදන්න.

    ReplyDelete
    Replies
    1. Heduwath nathath ubalata karanna deyak na..NPP eka ganata wade karagena yai...Ubala bura bura idapalla...Eka thama apitath one...Dan ara ditwa ekata danawa kiyapu naduwa ko ban ..Puke gahagatha da? Dapan ko Gal aguru walata wath naduwak ...Ekawath bari buru gon rala...Ubala ka gaha gaha idapalla..Arahe wimal Colombo Railway station eka initiate kara...Highway Road Sections next year open wenawa....Kandy City centre eka open wenawa....Thawa bala gena idapalla

      Delete
  2. පතිරණ ගලප්පත්තිApril 9, 2026 at 11:09 PM

    තෙල් ඉවර වෙලා, ගෑස් ඉවර වෙලා, ඩොලර් එක වැටිලා, පෝරත් ඉවර වෙලා, රට වැටෙනකම් උදේ හවස බලන් හිටපු විපක්ෂයේ හිපාටුවන්ට මැදපෙරදිග යුද්ධෙ තාවකාලිකව හරි නතර වෙලා, ඒක නතර වෙන්ඩත් කලින් කලාපයේ හැම රටක්ම තෙල් පෝලිම් ගෑස් පෝලිම් ගොඩ ගහ ගනිද්දි, ලංකාවේ එහෙම වෙන්ඩ දෙන් නැතුව තත්වය මනාව බුද්ධිමත්ව කළමණාකරණය කරලා කිසි අවුලක් නැතුව ගානට මිම්මට නූලට හැඬ්ල් කරලා පෙන්නුවාම, දැන් එනව කොහෙවත් යන ගල් අඟුරු අඳෝනාවක් අල්ලගෙන. ඕකත් ගානට මැනේජ් කරණවා. තොපි බල්ලො බලාගෙන හිටියට රට දැන් වැටෙයි හෙට වැටෙයි අනිද්දා වැටෙයි කියලා, එහෙම වෙන් නෑ. හැබැයි තොපි කබලෙන් ලිපට වැටෙනවා. මේ ආණ්ඩුව තමයි රට හැමදාම පාලනය කරන්නේ. මිනිස්සු තේරුම් අරන් ඉන්නේ, චීනයේ වගේ ස්ථාවර ආණ්ඩුවක් හදා ගත හැකි ව්‍යවස්ථාවක් අපි අරගෙන එනවා. කිසි කෙනෙකුට හොරකම් කරන්ඩ, ජාති වාදී කල කෝලාහල ඇති කරලා ඉන් දේශපාලන ප්‍රයෝජන ගන්ඩ, ඉඩ තියන් නෑ. අනුර රට අවුරුදු 20ක් ගෙනියනවා, අනුරගෙන් පස්සෙත් තියෙන්නේ එන්.පී.පී. ම තමයි. වෙන කිසිම විකල්ප පක්ෂයකට රටේ මිනිස්සු කැමති වෙන් නෑ. ඕනෑම කෙනෙකුට දේශපාලනය කරන්ඩ පුළුවන්, හැබැයි හොරකම් කරන්ඩ හිතාගෙන එන්ඩ එපා. එන්.පී.පී. / ජේ.වී.පී. මත වාදය හරියට ඉගෙන ගෙන, අවංකව මුල ඉඳලා එන්ඩ. වෙන පක්ෂ වලට කඩේ ගිහින් කෙල වුණාට පස්සේ එන්ඩ එපා. පිරිසිදුව, නිහතමානීව, මුළ ඉඳන් පටන් අරගන්ඩ ඕන අය එන්ඩ. රටට කෙල වෙනකම් බලන් ඉන්න රාජපක්ශ ගෙ ගොන්නු ගන් නෑ. නාමල් රාජපක්ෂව පුනරුත්ථාපනය කල යුතුයි, අනාගතයට ගැලපෙන දේශපාලකයෙක් කිරීමට.

    ReplyDelete
    Replies
    1. ආණ්ඩුව ඔච්චර හොඳනම් ඇයි බං අර විදුලි බල මන්ඩලේ generation curve එක වෙබ්සයිට් එකට දාන එක නවත්තල තියෙන්නෙ ?

      Delete
    2. පතිරණ ගලප්පත්තිApril 10, 2026 at 1:13 AM

      ලංකා විදුලිබල මණ්ඩලය දෛනික generation data ප්‍රකාශයට පත් කිරීම නතර කරලා නෑ, ඔවුන් එම දත්ත ඉදිරිපත් කරන ආකාරය සැලකිය යුතු ලෙස වෙනස් කරලා තිබෙනවා. මෙම තොරතුරු CEB නිල වෙබ් අඩවියෙන් සහ CEB Care පද්ධතිය හරහා ලබා ගන්ඩ පුළුවන්. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) විසින් ද දෛනිකව වඩාත් විස්තරාත්මක වාර්තා ප්‍රකාශයට පත් කරණවා. CEB Care පද්ධතියේ මේ මොහොතේ දත්ත නොපෙන්වන්නේ නම් Telemetry Failures, Maintenance, Grid Stress, වෙනත් හේතුවක් මත එය විය හැකියි. ඒක හදයි, හෙට අනිද්දා බලපන්.

      Delete
Previous Post Next Post