දූෂණ චෝදනා එල්ල වීම හේතුවෙන් ජාතික ජන බලවේගය (NPP) රජයේ ඉල්ලා අස්වූ පළමු අමාත්‍යවරයා බවට පත්වෙමින් කුමාර ජයකොඩි මහතා බලශක්ති අමාත්‍ය ධුරයෙන් ඉවත් වීමෙන් පසු, එම අමාත්‍යාංශයේ කටයුතු තාවකාලිකව මෙහෙයවීම සඳහා දැනට සිටින ජ්‍යෙෂ්ඨ කැබිනට් අමාත්‍යවරයෙකු පත් කිරීමට තීරණය කර ඇත.
රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරන පරිදි, ගල්අඟුරු මිලදී ගැනීමේදී සිදුවූ බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් පත් කළ ජනාධිපති කොමිසමේ පරීක්ෂණ නිමවන තෙක් එම ධුරය සඳහා අලුතින් කිසිවෙකු පත් නොකිරීමට තීරණය කර තිබේ.
කොමිසමේ පරීක්ෂණ වාර්තාව ඉදිරි මාස හයක කාලය තුළ නිකුත් කිරීමට නියමිත අතර, කුමාර ජයකොඩි මහතා නිර්දෝෂී වුවහොත් ඔහුට යළිත් එම අමාත්‍ය ධුරය පිරිනැමීමට අපේක්ෂාවෙන් පසුවන බව වාර්තා වේ.
කුමාර ජයකොඩි මහතා ජනාධිපතිවරයාගේ දීර්ඝකාලීන සමීපතම මිතුරෙකු වන අතර, ඔහු පසුගිය මහ මැතිවරණ ජයග්රහණයෙන් පසු බලශක්ති අමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබුවේ ජනාධිපතිවරයාගේ සෘජු තේරීමක් වශයෙනි.
2016 වසරේ ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන කළමනාකරු ලෙස කටයුතු කළ සමයේ රජයට රුපියල් මිලියන 8 ක පාඩුවක් සිදු කළ බවට ඔහුට එරෙහිව අල්ලස් කොමිසම නඩු පවරා තිබුණි.
කෙසේ වෙතත්, විපක්ෂයේ සහ මහජනතාවගේ දැඩි විවේචන හමුවේ ස්වාධීන පරීක්ෂණයක් සඳහා ඉඩ ලබා දීමේ අරමුණින් කුමාර ජයකොඩි මහතා ඉල්ලා අස්වීමට තීරණය කළේය.
පරීක්ෂණ කටයුතු අවසන් වන තෙක් ඉදිරි මාස හයක කාලය සඳහා පත් කෙරෙන ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා බලශක්ති අමාත්‍යාංශයේ කටයුතු අධීක්ෂණය කරනු ඇත.

කොටාගේ පුනරුදය?
ReplyDeleteMokak wunath ubalata kala haki deyak na dan pako...Ubala hamadama paradai
Deleteඅපි මාලිමාවට , මාලිමාව අපිට
ReplyDeleteI think jayakodii is correct
ReplyDeleteHe haven’t done anything wrong
මට නම් දුක චන්දෙ කාලේ කියපු බොරුවලට රැවටිලා චන්දෙ දීල බලය අරන් දුන්න පලියට අපි අමු ගොන්නු කියල හිතල දිගටම අපිව ගොනාටම අන්දන්න හදන එකටයි.
ReplyDelete
ReplyDeleteආරියතිලක
1989 02.08 දින ශ්‍රී දන්ත ධාතු මන්දිරයට එල්ල කළ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය මහ මොළ කරුවන් සෙවීමට ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත් කිරීම කලෝචිත ය.
නියම ලෙසට නම් 1965 මැයි මස 14 වෙනි දින සිට ජනතා විමුක්ති පෙරමුණ දේශපාල්නය විසින් මේ රටට කර ඇති අපරාධ පිළිබඳව, විශේෂ ජනාධිපති විමර්ෂණ කොමිසුමක් පත් කොට සමස්ත විශ්ලේෂණයකට බදුන් කළ යුතු ය. ජවිපෙ විසින් මේ රටට කර ඇති කිසිදු අපරාධයක් ඔවුන් අද වන තුරු පිළිගැනීමකට ලක් වී නැත. (බටලන්ද කොමිෂන් සභා වාර්තාව කැබිනට් මණ්ඩලයේ අනුමත කොට ජවිපෙ දෙවැනි කැරැල්ලේ දී ත්‍රස්තවාදී ක්‍රියා කළ බව පිළිගෙන ඇත.) ඔවුන් විසින් ඇති කළ රාජද්‍රෝහී දේශද්‍රෝහී, ජවිපෙ කැරළි දෙක ම නිවැරැදි බව කියන්නේ එම කැරළි දෙක මෙහෙය වූ මිය ගිය සැම, විරුවන් වශයෙන් නම් කොට සැමරීම් කරමින් ය. 1971 කැරැල්ලේදී මියගිය අය " බක් මහ විරුවන්" ලෙස හා 1987/88/89 කැරැල්ලේදී මිය ගිය පිරිස, " ඉල් මහ විරුවන්" යන ලෙසින් රාජද්‍රෝහී දේශද්‍රෝහි අපරාධකරුවන් "විරුවන්" ලෙස සමරත්. ජවිපෙ විසින් කරන ලද අපරාධ නිසි ලෙස සමාලෝචනය වී නැත.
විශේෂයෙන් කිව යුත්තක් ඇත. ඒ, 1989 පෙබරවාරි 08 වෙනි දින මහනුවර ශ්‍රී දළදා මන්දිරයට එල්ල කරන ලද ත්‍රස්තවාදී ප්‍රහරය ය. එම ප්‍රහාරය අතිශයින් ම ම්ලේච්ඡ ප්රහාරයකි. එම ප්‍රහාරය ජවිපෙ විසින් මෙහෙය වූ බවට චෝදනාවකි. එම ප්‍රහාරය ජවිපෙ විසින් නො කළ බවට ජවිපෙ ක්‍රියාකාරීහු කියත්. කෙසේ නමුදු ප්‍රහාරය සත්‍යය ය.
එම ප්‍රහාරයට සම්බන්ධ වී මිය ගිය දේශද්‍රෝහීන්
"ඉල් මහ විරුවන්" ලෙස සැමරීමට භාජනය නො වන්නේ ද? මෙම ම්ලේච්ඡ ප්‍රහාරය පිළිබඳව ද විශේෂ ජනාධිපති විමර්ශණ කොමිෂන් සභාවක් පත් කළ යුතු ය. එවකට දළදා මාළිගාවේ සේවය නියුතු, ඇසින් දුටු ශාක්ෂි මෙයට සාක්ෂි දරනවා ඇත. තවත් බාහිර සාක්ෂි ද සාක්ෂි වශයෙබ් එක් වනවා ඇත; ඔන්න කරනවා නම් වැඩක්! තමන්ට එල්ල වී ඇති චෝදනාවෙන් නිදහස් වීමට, ජවිපෙ පක්ෂ නායකයා වශයෙන් ජනාධිපතිවරයාට කළ හැකි, කළ යුතු, ජනාධිපති විමර්ශණ කොමිසුමක් පත් කොට එහි සත්‍යතාවය එළි කොට, " ශ්‍රී දන්ත ධාතු මන්දිරයට එල්ල කළ කොමියුනිස්ට්වාදී ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය" ජවිපෙ විසින් කළේ නැතැයයි නිදහස් විය හැක්කේ ය. එසේ ම ලංකාවාසී බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ ලෙස සලකන ශ්‍රී දළදා වහන්සේට කරන ලද අපරාධයේ සැබෑ අපරාධකරුවන් කවුරුන්ද යන්න ලෝකවාසී බෞද්ධ ජනතාවට හා ලංකාවාසී බෞද්ධ ජනතාවට දැන ගත හැකි වනවා ඇත.
2019 පාස්කු බෝම්බ ප්‍රහරයට ජනාධ්පති විමසුම් කොමිසුමක් පත් කළේ එහි සැබෑ අපරාධකරුවන් දැන ගනීම සඳහා ය. 1998 .01. 25 දින ශ්‍රී දළදා මාළිගාවට එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරය නිසැක ලෙස ම දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය(LTTE) විසින් කරන ලද්දකි. එයට ජනාධිපති කොමිසුමක් පත් කිරීමට අවශ්‍යතාවයක් නැත්තේ, එම ප්‍රහාරයේ සැබෑ අපරාධකරුවන් නිශ්විත බැවිනි.
2019 පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධව කතෝලික ජන සමාජය විසින් එහි සැබෑ අපරාධකරුවන් කවුරුන් ද? යන්න සොයා ගැනීමට වෙහෙසෙති. ඒ පිළිබඳව ඔවුහු නිබඳව රජයට බලපෑම් කරති. 1989.02.08 දින ශ්‍රී දළදා මාළිගාවට එල්ල කරන ලද ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය ද ඒ අපරාධයට නිශ්චිත විසදුමක් බෞද්ධ ජන සමාජයට ලැබී නැත. එම අපරාධයේ සුළ මුල දැන ගැනීමේ අයිතියක් බෞද්ධ ජන සමාජයට නැතැයි කිසිවෙකුට නො කිය හැකි ය. එබැවින් "ශ්‍රී දන්ත ධාතු මන්දිරයට එල්ල කළ කොමියුනිස්ට්වාදී ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය" පිළිබඳව ජනාධිපති විමර්ශණ කොමිෂන් සභාවක් පත් කොට එම අපරාධයේ සුළ මුල සොයා ගැනීමට, එහි සැබෑ අපරාධකරුවන් කවුරු ද යන්න සොයා ගැනීමට ක්‍රියා කරන ලෙස ලංකාවාසී බෞද්ධ ජන සමාජය විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිය යුතු ය. ත්‍රෛනිකායික මහා නායක හිමිවරු ඇතුලු සියලු සංඝ සභා භික්ෂූන් වහන්සේලා ඇතුලු සියලු බෞද්ධ සංවිධාන මේ සඳහා පෙරමුණ ගැනීම සුදුසු බව අපගේ අදහස ය. "පාස්කු ප්‍රහාරයේ මහ මොළ කරුවන් කවුරුද ද?" යන්න සෙවීම සාධාරණ සේ 1989.02.08 දින ශ්‍රී දන්ත ධාතු මන්දිරයට එල්ල කළ කොමියුනිස්ට්වාදී ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරුවන් කවුරු ද යන්න සොයා ගැනීම ද අතිශයින් ම සාධාරණ ය.
ඒ සඳහා සියලු බෞද්ධ ජනතාව විසින් උත්සුක විය යුතුය. එසේ බෞද්ධ ජනතාව විසින් ඉල්ලීමක් නො කළ ද "1989.02.08 ශ්‍රී දන්ත ධාතු මන්දිරයට එල්ල කළ කොමියුනිස්ට්වාදී ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය" පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණට ඇති චෝදනාවෙන් ජනාධිපතිවරයා ඇතුලු තම පක්ෂය (ජවිපෙ) නිර්දෝෂී කර ගැනීම ජනාධිපතිවරයාගේ යුතුකම ය. එය ලංකාවාසී බෞද්ධයන්ට කරන අව්‍යාජ සේවයක් ද වනවා ඇත.