බාල දරුවෙක් හා දැරියක් පොදු වැසිකිලියක් අසල අතහැර දමා යයි...


කොළඹ වේල්ල වීදිය ප්‍රදේශයේ අතරමං කර දමා ගොස් සිටි
10 හැවිරිදි දැරියක සහ 09 හැවිරිදි පිරිමි දරුවෙකු වේල්ල වීදිය පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය විසින් සොයාගනු ලැබ ඇත.

මෙම දරුවන් දෙදෙනා ත්‍රිරෝද රථයකින් රැගෙන ආ ඔවුන් රැකබලා ගත් බව කියන ඥාති කාන්තාවක, තමන් විදේශගත වන බව පවසා පෙරේදා (19) සවස ඔවුන්ව පොදු වැසිකිළියක් අසල අතහැර දමා ගොස් තිබේ.

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම දරුවන්ගේ පියා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම නිසා රක්ෂිත බන්ධනාගාරගතව සිටින බවයි.

දරුවාගේ මවද මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම හේතුවෙන් රිමාන්ඩ් භාරයේ පසුවන බව පොලිසිය පවසයි.

දරුවන්ගේ ඥාතීන් සොයා ගැනීමට පොලිසිය දැඩි උත්සාහයක් දරා ඇතත් තවමත් ඔවුන් පිළිබඳ තොරතුරක් ලැබී නොමැත.

බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ උපදෙස් මත මේ පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.


Previous Post Next Post